Thursday, April 18, 2024
Follow Us
පෙනුම රැක දෙන කෑමබීම

කවුරුත් කැමතියි නීිරෝගි සමකට.

පිරිපුන් කේශ කලාපයකට සහ ලස්සන නිය පෙළකට. මේ දේවල් වෙනුවෙන් බොහෝ දෙනා විවිධ නිෂ්පාදනවලට නැඹුරු වීම සුලබ දෙයක්. නමුත් භාවිත කරන සමහර නිෂ්පාදනවලින් කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන් වගේම සමහර නිෂ්පාදන නිසා තිබුණටත් වඩා තත්ත්වය නරක අතට හැරෙන්නත් පුළුවන්. නමුත් රූපලාවන්‍ය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය හොඳම විසඳුම් අපි ගන්නා ආහාරවල පවතින බව ඔබ දන්නවද? ඒ නිසයි අද පෙනුම රැකගන්න පෝෂණය ලබාදෙන ආහාර ලැයිස්තුවක් ඔබට කියාදෙන්න හිතුවෙ

● රුධිර සංසරණය වැඩි කරන රතු, කහ බෙල්පෙපර්

බෙල්පෙපර් ප්‍රධාන වශයෙන් වර්ණ හතරකින් තියෙනවා. රතු, කහ, තැඹිලි සහ කොළ. නමුත් රතු සහ කහ බෙල්පෙපර්වල කැරොටිනොයිඩ් බහුලව අඩංගු වන අතර එය සමේ රුධිර සංසරණය වැඩි කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සම රැලි වැටීම වැළකෙනවා වගේම හිසකෙස් හොඳින් වර්ධනය වෙනවා. සරල ප්‍රතිජනනය කිරීමට සහ නිරෝගීව වර්ධනය වීමටත් ඉඩ සලස්වනවා.

● ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් බෙරීස්

ඔයාල දන්නවද මේ ලෝකෙ තියෙන හැම බෙරි වර්ගයකම සම්පූර්ණ ප්‍රතිඔක්සිකාරකවලින් පිරිපුන්. බෙරීස් කියන්නෙ ඔබේ මුළු සිරුරටම විස්මිත රූපලාවන්‍ය ආහාරයක්. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, රාස්බෙරිවල ශරීරයට අත්‍යවශ්‍ය විටමින් රාශියක් තිබෙන අතර ඒ මගින් පිරිපුන් හිසකෙස් සහ ශක්තිමත් නිය පෙළක් ලබාදෙනවා.

● කොළ පැහැති කොළ

බොක්චෝයි, ගෝවා, නිවිති වැනි කොළ පැහැති කොළ වර්ගවල විටමින් ක්‍ විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. එමගින් හිසකෙස් කැඩී යාම වැළැක්වෙන අතර සම ඹඪ කිරණෙන් ආරක්ෂා කරනවා. මෙහි සතු විටමින් ක්‍ කොලජන් නිෂ්පාදනය වේගවත් කරනවා වගේම සමේ නම්‍යතාවය සහ දීප්තිය පවත්වාගැනීමටත් උපකාරී වෙනවා.

● විටමින් සපිරි බතල

බතලවල බීටා කැරොටින් නම් කැරොටිනොයිඩ් වර්ගයක් අඩංගුයි. මේද කැරොටිනොයිඩ් වර්ගය රුධිර ප්‍රවාහය විධිමත් කරන අතර හිරු කිරණින් සම ආරක්ෂා කරනවා. බතල විටමින්වලින් පොහොසත්. සෞඛ්‍යසම්පන්න හිස් කබලක් තබාගැනීමට බතල කියන්නෙ හොඳ ආහාරයක්.

● සෑම ආහාරයකටම යොදාගත හැකි මැජික් පලතුර අලිගැටපේර

අලිගැටපේර සෞඛ්‍ය සම්පන්න මේදවලින් පිරි පලතුරක්. බොහෝ රටවල් විවිධ ආහාර සඳහා අලිගැටපේර රසවත් එකතු කිරීමක් විදිහට යොදාගන්නවා. අලිගැටපේර ආහාරයට ගැනීමෙන් හිස කෙස් සිනිදු වෙනව වගේම දිලිසෙන ස්වභාවයක් ගන්නවා. මේ පලතුර සතු මේදය වෙනත් කිසිම ආහාරයක ඇති මේදවලට වඩා බෙහෙවින් වෙනස්. කොලජන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන විටමින් ක්‍ වලිනුත් අලිගැටපේර පොහොසත්.

● මියයන සයිලවලට ජීවය දෙන බ්‍රකොලි

බ්‍රකොලි ටිකක් මිලෙන් අධික එළවළුවක් වුණත් පෝෂණ ගුණයෙන් ඉතා වැඩියි. පාරජම්බුල කිරණ හේතුවෙන් මියයන සමේ සයිල ගණන අඩු කරන අතර කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරනවා. බ්‍රකොලිවල තඹ, සින්ක් වැනි ඛනිජ ද අඩංගු අතර එමගින් ඔබේ සමට ස්වභාවික පැහැපත් බවක් ලබාදෙනවා. එමෙන්ම හිස් කබල ආසාදනවලින් තොරව තියාගන්නත් බ්‍රකොලිවලට පුළුවන්

( අන්තර්ජාලය ඇසුරින් )

Navaliya