Thursday, March 28, 2024
Follow Us
මී පැණි මිහිරිය සමටත්

රුව රැක ගන්නට කවුරු නම් ආසා නොකරම්ද? ඒ සඳහා යොදන ස්වභාවික අමුද්‍රව්‍ය අතුරින් මී පැණි මුල් තැන් හි ලා සිටියි. මී පැණි මුහුණට සහ සමට යෙදීම හොඳද? එය භාවිත කරන්නේ කෙසේද?

මී පැණි යනු වඩාත් පෝෂණීය ස්වභාවික අමුද්‍රව්‍යවලින් එකකි. එය ඔබේ සෞඛ්‍යයට ප්‍රයෝජනවත්වන අතර සම ආරක්ෂා කරයි. පැහැපත් සමක් සහ මෘදු සමක් පවත්වා ගැනීම සඳහා බොහෝ අය මී පැණි භාවිත කරයි. මීට අමතරව, මී පැණිවල ඇති ස්වභාවික එන්සයිම සම රැක දෙයි. බොහෝමයක් සම රැකගන්නා නිෂ්පාදනවල මී පැණි ද ඔබට හමුවනු ඇත්තේ එබැවිනි.

මී පැණි සතුව ක්ෂුද්‍ර ජීවී නාශක සහ තුවාල සුව කිරීමේ ගුණ ඇත. ඔබේ නිවෙසේ මී පැණි බෝතලයක් තිබේ නම්, එය ඔබේ සමට පහසුවෙන් භාවිත කළ හැකිය.

* මී පැණි මඟින් කුරුලෑ සුව කරයි.

* මී පැණිවල එන්සයිම, ඇමයිනෝ අම්ල, ඛනිජ ලවණ සහ විටමින් අඩංගුවන අතර එය සුළු පිළිස්සුම් සහ තුවාල සුව කළ හැකියි.

* එය ඔබේ සම මොයිස්චරයිසින් කරයි.

මී පැණි විශිෂ්ට මෘදුකාරකයක් වන අතර ඔබේ සමට තෙතමනය ලබා දේ. එබැවින් එය මොයිස්චරයිසින් ක්‍රීම් සහ දියර සඳහා බහුලව භාවිත වේ. ඕනෑම කැසීමක් සහ දැවිල්ලක් අඩු කරන බැවින් ඔබට වියළි සම සඳහා මී පැණි භාවිත කළ හැකියි.

සමේ pH අගය පවත්වා ගැනීමට

මී පැණි ඔබේ සමේ pH අගය නියාමනය කිරීමට සහ ඕනෑම ආකාරයක ආසාදන වැළැක්වීමට උපකාරී වේ . මී පැණිවල ඇති අඩු pH අගය රෝග කාරක විශාල ප්‍රමාණයක් වර්ධනය වීම වළක්වන අතර තුවාල ඉක්මනින් සුව කිරීමට උපකාරී වේ.

මී පැණි ඔබේ සමට උදවු කරන්නේ කෙසේදැයි දැන් ඔබ දනී.

ඔබට මී පැණි සෘජුවම මුහුණේ ආලේප කළ හැකිය. ඉන්පසු මිනිත්තු 10 ක් පමණ මෘදුව රවුම්ව ඔබේ සම්බාහනය කරන්න, ඉන්පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

මීට අමතරව අපි එදිනෙදා භාවිතයට ගන්නා එක් එක් දෑ සමඟ මී පැණි මිශ්‍රකර රූපලාවණ්‍ය සත්කාරයන් කිහිපයක් ම නිවෙසේදීම කරගත හැකිවේ.

සම සඳහා මී පැණි සහ ලෙමන්
ලෙමන් යුෂ විටමින් C සහ සිට්‍රික් අම්ලයෙන් පොහොසත්ය. ලෙමන් යුෂ ඔබේ සම තෙල් රහිතව තබා ගැනීමටත්, සිදුරු අවමකර ගැනීමටත් උදවු කරයි. මී පැණි සහ ලෙමන් මුහුණට පැක් එකක් ලෙස යෙදීමෙන් කුරුලෑ ඇතිවීම පාලනය කළ හැකියි.

මේ සඳහා අවශ්‍ය වන්නේ

* ලෙමන් ගෙඩි බාගයක යුෂ

* මී පැණි මේස හැන්දක්

** තරමක් දියාරු මිශ්‍රණයක් ලබා ගන්නා තෙක් මී පැණි සමඟ ලෙමන් යුෂ මිශ්‍ර කරන්න.

** පළමුව මෘදු ක්ලෙන්සර් එකකින් ඔබේ මුහුණ සෝදා වියළා ගන්න.

** මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ (ඇස් වටා හැර) ආලේප කරන්න.

** විනාඩි 20 ක් පමණ තබා සෝදා පිරිසුදු කරගන්න.

මී පැණි සහ ඇපල් සයිඩර් විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරිවලට සම මෘදු කිරීමේ හැකියාව පවතී.

ඔබට අවශ්‍ය වනු ඇත්තේ

* කිරිපිටි මේස හැඳි 1 ක්

* ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 2 ක්

* තේ හැඳි බාගයක මී පැණි

** දියාරු මිශ්‍රණයක් සකස් කරගන්න.

** මෘදු ක්ලෙන්සර් එකකින් ඔබේ මුහුණ සෝදා වියළා ගන්න.

** දැන් මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කරන්න. ඔබේ ඇස් වටා ඇති සිනිඳු සම රැක ගැනීමට වග බලා ගන්න.

** මිශ්‍රණය විනාඩි 15 ක් පමණ තබන්න.

** සිසිල් ජලයෙන් ඔබේ මුහුණ සෝදා පිසදා ගන්න.

** දැන් පැක් එකක් ලෙස ආලේප කරන්න.

සම සඳහා මී පැණි සහ කුරුඳු

කුරුඳු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතුයි. කුරුඳු ජෙල් කුරුලෑ තුවාල අඩු කිරීමට උපකාරී වන බව පර්යේෂණ මඟින් සනාථ වූවකි. මී පැණි සමඟ කුරුඳු සම මත ගැල්වීම කුරුලෑ ඉවත් කිරීමට බොහෝ සේ උපකාරී වේ.

ඔබට අවශ්‍ය වනුයේ

* කුරුඳු කුඩු ස්වල්පයක් හෝ කුරුඳු තෙල් බින්දු 2-3 ක්

* මී පැණි තේ හැඳි 1ක්

** මී පැණි සහ කුරුඳු එකට හොඳින් මිශ්‍ර කරන්න.

** කුරුලෑ තුවාලවලට මිශ්‍රණය යොදන්න.

** එය විනාඩි 10-15 ක් තබන්න.

** දැන් සෝදා හරින්න.

** සතියකට 1-2 වතාවක් මේ සත්කාරය කරන්න.

සම සඳහා මී පැණි සහ තක්කාලි

මී පැණි සමඟ තක්කාලි ඔබේ සම නිරෝගීව තබයි.

ඔබට අවශ්‍ය වන්නේ

* ඉදුණු තක්කාලි ගෙඩි භාගයක්

* මී පැණි මේස හැන්දක්

** තක්කාලි ගෙඩියක් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

** තක්කාලි යුෂවලට මී පැණි එකතු කර හොඳින් මිශ්‍රකරන්න.

** මෘදු ක්ලෙන්සර් එකකින් ඔබේ මුහුණ සෝදා වියළා ගන්න.

** මේ මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කරන්න.

** මේ පැක් එක මිනිත්තු 15 ක් පමණ තබන්න.

** සිසිල් ජලයෙන් සෝදා හරින්න.

** ඔබේ මුහුණ තුවායෙන් වියළා ගන්න.

සම සඳහා මී පැණි සහ යෝගට්

යෝගට්වල L-cysteine ​​අඩංගු වන අතර එය සම පැහැපත් කිරීමට උපකාරී වේ. මැරුණු සම ඉවත් කිරීමට සහ පැහැපත් කිරීමට එය උපකාරී වේ. සම සිසිල් කිරීමේ සහ මෘදු කිරීමේ බලපෑමක් ද ඇත.

ඔබට අවශ්‍ය වන්නේ

* කිරි හෝ යෝගට් හැඳි 1 ක්

* මී පැණි මේස හැන්දක්

** සුමට මිශ්‍රණයක් ලබා ගැනීම සඳහා මී පැණි සහ යෝගට් එක හොඳින් මිශ්‍ර කරන්න.

** මෘදු ක්ලෙන්සර් එකකින් ඔබේ මුහුණ සෝදා වියළා ගන්න.

** මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කරන්න. ඔබේ ඇස් වටා සිනිඳුවට ආලේප කරන්න.

** මිශ්‍රණය විනාඩි 15 ක් පමණ තබන්න.

** මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

**ඔබේ මුහුණ තුවායකින් යන්තමට වියළා ගන්න.

මෙය සතියකට දෙවතාවක් පමණ නිවෙසේදී කරගත හැකි අපූරූ ප්‍රතිකර්මයකි.

සම සඳහා මී පැණි සහ ඔලිව් තෙල්

ඔලිව් සම මත සම්බාහනය කරද්දී එය සමේ සිදුරු ඉවත් කිරීමට සහ සමේ අපිරිසුදු කොටස් ඉවත් කිරීමට උපකාරී වේ. මී පැණි සමඟ එකතු වූ විට එය සම පිරිසුදුව තබා ගැනීමට සහ කැසීම වළක්වා ගැනීමට උපකාරී වේ.

ඔබට අවශ්‍ය වන්නේ

* මී පැණි හැඳි මේස හැඳි 2 ක්

* ඔලිව් තෙල් මේස හැඳි 2 ක්

** ඔබ සුමට මිශ්‍රණයක් ලබා ගන්නා තෙක් මී පැණි සහ ඔලිව්තෙල් හොඳින් මිශ්‍ර කරන්න.

** මිශ්‍රණය තරමක් උණුසුම් වනතුරු තත්පර 20 ක් පමණ මයික්‍රෝවේව් එකක තබන්නටත් පුළුවනි.

** මෘදු ක්ලෙන්සර් එකකින් ඔබේ මුහුණ සෝදා වියළා ගන්න.

** මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කරන්න. ඔබේ ඇස් වටා ඇති සිනිඳු සම ආරක්ෂා කරගැනීමට වග බලා ගන්න.

** මිශ්‍රණය විනාඩි 5 ක් පමණ තබන්න.

** මඳ උණුසුම් ජලය සහ මෘදු පිරිසුදුකාරකයකින් මිශ්‍රණය සෝදා හරින්න.

 

Tarunie