Friday, April 26, 2024
Follow Us
සුරපුරයෙන් එන මැයි මනාලී

වෙසක් කැකුළු අතුඅග පිපෙන වෙසක් මහේ මල් මනාලියක වන්න⁣ට ඇතැම් යුවතියන් සිහින මවයි.ඒ සිහිනයට නැවුම් බලාපොරොත්තුවක් එක් කරලන්නට තරුණි ගෙනෙන මඟ පෙන්වීමයි මේ.

තාරුණ්‍යයේ දොරකඩ අභියස සිටින ඇය මනාලියක් වීමට ආසන්නයේ කෙරෙන ride to be අවස්ථාවේ සිට සුන්දර මනාලියක වීම, සොඳුරු මතකයන් ගොන්නක් ගෙනෙන මධුසමය සඳහා පිටත්ව යෑම නොහොත් ට්ධඪදඨ ඒඹචර අවස්ථාව, ඉන් අනතුරුව දෙවැනි ගමන සඳහා වන සූදානම හෙවත් ඩ්ධථඥ ඛ්ධථඪදඨ යන අවස්ථාවන්වලදී ඇය එකිනෙකට වෙනස් අන්දමින් මනාලියක ලෙස හැඩවැඩ වෙයි. බලන්න, මේ ඉඟි ඔබටත් ප්‍රයෝජනවත් වේවි දැයි කියා.

උපදෙස් : ප්‍රවීණ රූපලාවණ්‍ය සහ මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පිනි

ඉෂාරා කෝරළගේ

සිහිනයක පෙරගමන Bride To-Be
මනාලියක් විසින්, තම නව ජීවිතය ආරම්භ කිරීමට ඇත්තේ දින කිහිපයක් බවට ලෝකයට හඟවන මුල්ම සංඥාව Bride to be අවස්ථාවයි. මෙය pre shoot මෙන් කාලයාගේ ඇවෑමෙන් සිදු වු නව විවාහ සම්ප්‍රදායකි.

 

මෙහිදී බොහෝ දුරට සිදු වන්නේ ආතතියෙන් ගෙවෙන මොහොතක මනාලියගේ සිතට යම් අස්වැසිල්ලක් ලබා දීමයි. මනමාලියක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඇයට ආශීර්වාද කිරීම, සුබ පැතීම සහ තෑගි ලබා දීම Bride to be සාදය පැවැත්වීමේ අරමුණයි.

මෙය ආකාර දෙකකට සිදු කරනු ලබයි. එක් ආකාරයක් නම් මනාලිය විසින්ම මෙය සංවිධාන කරනු ලබන අතර, ඇගේ කිසිදු අනුදැනුමකින් තොරව, මනාලිය පුදුම කිරීම සඳහා ඇගේ හොඳම යෙහෙළියන් විසින් මෙය සංවිධාන කරනු ලැබීමත් සුවිශේෂී කරුණකි.

ස්ථානයක් තෝරා ගැනීමෙන් අනතුරුව, කේක් එකක්, Bride to be ලෙස සටහන් කළ සාටකයක්, මනමාලියගේ හිස පැලඳීම සඳහා හිස් පලඳනාවක් සූදානම් කරගත යුතුය. එමෙන්ම ඔබ, ඔබව හැඩ ගැන්වීම සඳහා මනාලියන් හැඩගැන්වීමේ ශිල්පිනියක් තෝරාගත යුතුයි. තෝරාගත් ශිල්පිනිය සමඟ ඔබට හැඩවීමට අවශ්‍ය ආකාරය සාකච්ඡා කර ගනිමින් Bride to be සාදය වර්ණවත් කර ගත හැකියි. බොහෝ විට එදිනට යෙහෙළියන් සමඟ මනාලිය එක ම ලෙස, එක ම වර්ණයකින් සැරසීම සිදු කරයි.

මේ සාදය සඳහා කාන්තා පාර්ශ්වය පමණක් සහභාගී වීම සාමාන්‍ය සම්ප්‍රදායයි. මේවන විට එය එක් එක් අයගේ කැමැත්ත මත තීරණය වන කරුණකි.

සාමාන්‍යයෙන් සිදු වන්නේ විවාහ දිනයට සතියකට, දෙකකට හෝ මසකට පෙර මෙම Bride to be සාදය පැවැත්වීමයි. කුඩා යෙහෙළියන් කණ්ඩායමක සිට සමීපතම විශාල පිරිසක් දක්වා ආරාධනා කොට Bride to be Partyපැවැත්වීම දක්නට ලැබේ.

සිහින සැබෑ වූ ඈ මල් මනාලී
සෑම යුවතියකගේම සොඳුරුතම සිහිනය වනුයේ ඇගේ මංගල දිනය දා සුන්දර මනාලියක ලෙසින් හැඩ වීමටයි. ඒ සඳහා වසර ගණනාවක් ම ඇය පෙර මං බලමින් සිටී.ඔවුන් එදිනට හැඩවෙන විලාසිතාවන්, කොණ්ඩා මෝස්තර, ආභරණ,මල් කලඹ ආදී බොහෝ දෑ පිළිබඳ උනන්දුවෙන් පසු වෙති.

 

මනාලියක් වීමට සිටින ඔබ, මනාලියන් හැඩගන්වන ශිල්පිනිය තෝරාගැනීමේදී මනාලියන් හැඩගන්වන ශිල්පිනිය හෝ ශිල්පියා පළපුරුද්දෙන් සහ ශිල්පීය කුසලතාවෙන් අනූන විය යුතුය. කොතරම් සුන්දර යුවතියක වුවද,තම ජීවිතයේ වැදගත්ම දිනය දා, තමන්ගේ හැඩ කෙසේ වේ දැයි පිළිබඳව ඇත්තේ දැඩි චකිතයකි. එවන් පසුබිමක මනාලියන් හැඩගන්වන ශිල්පියා හෝ ශිල්පිනියගේ වගකීම වනුයේ සේවාදායකයාගේ සිතැඟි පරිදි ඔවුන් බලාපොරොත්තු වනවාටත් වඩා ඉතා හොඳින් සේවාවන් ලබා දීමයි.

ඔබ විසින් තෝරාගත් මනාලියන් හැඩගන්වන ශිල්පිනිය සමඟ ඔබේ අවශ්‍යතාව පැහැදිලිව ඇයට දැන්විය යුතුය. ඔබේ අවශ්‍යතාවට අනුව ඔබට වඩාත්ම ගැළපෙන දේ තෝරා ගැනීමට ශිල්පිනියට ද, එය මහත් රුකුලක් වේ.

උඩරට, පහතරට, බටහිර, හින්දු ආදී සම්ප්‍රදායන්ගෙන්,ඔබට වඩාත් ගැළපෙන්නේ කුමක්දැයි ඔබ දැනටමත් තෝරාගෙන ඇති. ඒ අනුව ඔබේ ඇඳුම් තෝරා ගැනීම සිදු කළ යුතුයි. උඩරට මනාලියක ලෙස ඔබ හැඩ ගැන්වෙන්නේ නම්, ඔසරිය, මාල හත සහිත උඩරට ආභරණ කට්ටලය, නැවුම් මල් කලඹ සහ කොණ්ඩා සැරසිලි, පාවහන්, දෙවැනි මනාලියන්ගේ සහ මල් කුමරියන්ගේ ඇඳුම්, ආභරණ, මල් කලඹ ආදී කරුණු පිළිබඳ ඔබව හැඩගන්වන ශිල්පිනිය සමඟ සාකච්ඡා කරන්න, අවසන් මාසයේ 2 වැනි සතිය තුළ ඇඳුම්වල final fittons බැලීම සිදු කරන්න.

අවසන් සතිය වන විට, මනාලියක් වනදා ඔබට, ඔබව දිස්විය යුතු ආකාරය, ඔබගේ මේක්- අප් එක පිළිබඳව,කොණ්ඩා මෝස්තර පිළිබඳව, ඔබ වඩාත් කැමැති තැලි මාල තෝරා ගැනීම සිදු කරන්න.

මනාලියන් හැඩ ගන්වන ශිල්පිනිය හමුවූ පළමු අවස්ථාවේදී ම, ඇය විසින් ඔබේ සම පිළිබඳව පැහැදිලි කිරීමක් කරනු ලබයි. සම පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇත්නම් ඔබ ඇයව මුණ ගැසෙන පළමු අවස්ථාවේදීම ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. මනාලියන් හැඩගන්වන ශිල්පිනිය ඔබ සම පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දෙනු ඇති. සෞඛ්‍යසම්පන්න සමක් පවත්වා ගෙන යාම, මනාලියක් වීමට සිටින ඔබ කළ යුතුම කාර්යයකි. අවුරුද්දක පමණ කාලයක සිට ක්‍රමානුකූලව skin care routine එකක් පවත්වා ගන්න. ඒ වෙනුවෙන් වේලාව වෙන් කරගැනීම සිදු කරන්න. අවසන් සතියේදී ඔබේ රූපලාවණ්‍ය පිළිබඳව අවධානය යොමුකර, මෙනිකියු පෙඩිකියු, Waxing, Threading, Final Bridal Facials, ඇක්‍රලික් සහ Gel nails සකස් කර ගැනීම සිදුකර ගන්න. ඔබේ රුචිකත්වය අනුව කොණ්ඩය වර්ණ ගැන්වීම, කොණ්ඩය කැපීම ආදී අලංකරණ කටයුතු ද ඔබට අවසන් සතිවල දී සිදු කරගත හැකියි. මනාලිය සේම, දෙවෙනි මනමාලියන්ගේ අලංකරණ කටයුතු ද ඔබට අවසන් සතියේදී සිදු කරගත හැකියි

සිහින ගොඩක් මැද Going Away
Going Away යනු පැරණි සම්ප්‍රදායයකි. සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයෙන් අනතුරුව මනාලයා සහ මනාලිය මධුසමය සඳහා පිටත්ව යන මොහොතේ, සාම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම්වලින් මිදී, සැහැල්ලු එහෙත් වටිනා පෙනුමෙන් යුතු උත්කර්ෂවත් ඇඳුමකට මාරුවීම සිදු කරයි. එය Going Away Change නමින් හඳුන්වයි.

මේ සඳහා තමන් හැඩගන්වන ශිල්පිනිය සමඟ සිරුරේ හැඩයට, පෙනුමට ගැළපෙන ආකාරයේ ගවුම් විලාසිතාවන් පිළිබඳව සාකච්ඡාකර, Going Away Change එක සඳහා අවශ්‍ය Frock එක, Crown එක, jewellery, flower bouquet එක තෝරා ගත යුතුය.

සිහිනයක පසු ගමන Home Coming
මනාලිය මනාලයාගේ නිවෙසට කැන්දාගෙන යන දා, ඒ වෙනුවෙන් සැරසීම Homecoming dressing ලෙස හැඳින්වේ. බොහෝ දුරට මනාලිය එදිනට හැඩ ගැන්වෙන්නේ රත් පැහැය මිශ්‍රිත විලාසිතාවකිනි.

සාරිය යොදා ගනිමින් කෙරෙන විලාසිතා ගණනාවක්, Lehenga විලාසිතාවන්, නව සාරි මෝස්තර ආදී මනාලියගේ රුචිකත්වය මත ඇඳුම් තෝරා ගත හැකිය. ඔබට වඩාත් ගැළපෙන්නෙ කුමක්දැයි ඔබේ හැඩගන්වන ශිල්පිනිය සමඟ සාකච්ඡා කරන්න. ඒ අනුව ඇඳුම් ආභරණ ආදිය තෝරා ගන්න. ආභරණ තෝරා ගැනීමේදී ඔබ ඔබව දකින්නට කැමැති ආකාරය පිළිබඳව සැලකිල්ලට ගනිමින් ආභරණ තෝරාගන්න, එය Heavy jewallaries හෝ Simple jewellaries විය හැකියි. එය ඔබේ කැමැත්තයි, නිවැරැදි ලෙස ගළපා දීම ඔබේ හැඩගන්වන ශිල්පිනිය විසින් සිදු කරනු ඇති. මල් කලඹේ හැඩතල සහ ස්වරූපය පිළිබඳව ද සැලකිලිමත්වන්න. මුල් දිනයේ හෝ going away එකේදි යොදාගත් මල් කලඹට වඩා,වෙනස් හැඩතලයක් මෙහිදී තෝරා ගන්නට උත්සාහ කරන්න. ඔබට පහසුවෙන් ගමන් කළ හැකි, දෙදෙනාගේම උසට සරිලන, ඇඳුමට ගැළපෙන ලෙස පාවහන් තෝරා ගන්න. දුටුවන්ගේ නෙත් වශීකරන මනාලියක් වීම සඳහා ඔබට සුදුසුම, සරිලන මේකප් එකක් සහ කොණ්ඩා සැකසුමක් තෝරාගන්න. දක්ෂ මනාලියන් හැඩගන්වන ශිල්පිනියකට එය එතරම් අපහසු කටයුත්තක් නොවේ. ඔබේ ලස්සන වඩාත් තීව්‍ර වන්නේ මේ සියල්ල නියමාකාරයෙන් සංකලනය වූ විට පමණි.

-Tharunie