Saturday, April 20, 2024
Follow Us
නිවෙසේදී කරගත හැකි විශ්මිත හෙනා සත්කාරය

නිවෙසේදී අත්හදා බැලීමට පහසු හෙනා වට්ටෝරු කිහිපයක් පිළිබඳව අද අපි ඔබට තොරතුරු රැගෙන එනවා.හෙනා යනු අපගේ හිසකෙස්, ශරීරය සහ ඇඳුම් මත භාවිත කළ හැකි සම්පූර්ණයෙන්ම ස්වාභාවික ඩයි වර්ගයක්.

පුරාණ ඖෂධීය ශාකයක් වන හෙනා, වසර 4000 ට වැඩි කාලයක් ස්වභාවික සායම් ලෙස භාවිත කොට තිබේ. එහි ඇති ප්‍රති-දිලීර සහ ක්ෂුද්‍ර ජීවී ගුණාංග හිසකෙස් සහ හිස්කබල සඳහා, විශේෂයෙන් අකලට හිසකෙස් සුදුවීම සහ හිසේ කැක්කුම අඩුකිරීමටත්, හිස්හොරි වැනි තත්ත්වයන් සමනය කිරීම, අකලට හිසකෙස් වැටීම, හිසකෙස් වර්ධනයට, දීප්තිමත් කෙස්කලඹකට ආදී, නිරෝගී හිස්කබලක් සහ කෙස්කලඹක් පවත්වාගෙන යාමට ඉතා ප්‍රයෝජනවත් ස්වාභාවික ඖෂධයකි.

හෙනා ශාකයේ කොළවලින්, නිස්සාරණය කර, සිහින් කුඩු බවට පත් කරගනියි. එලෙස සකස් කරගන්නා සිහින්කුඩු විවිධ දිය ද්‍රව්‍ය, ස්වාභාවික

අමුද්‍රව්‍ය සමඟ මිශ්‍රකර, අපගේ සම සහ හිසකෙස් සඳහා උචිත ආකාරයෙන් යොදාගනු ලබයි.

අද අපි අවධානය යොමු කරන්නේ, හිස කෙස් සඳහා යොදා ගන්නා හෙනා සත්කාරය පිළිබඳවයි.

ස්වාභාවික හෙනා

ආකාර දෙකකින් පැමිණේ. එය හිසකෙස් වර්ණ ගැන්වීම සඳහා කුඩු හෝ ක්‍රීම් ආකාරයෙන් විය හැකිය. shampoo සහ conditioner ලෙසද වෙළෙඳපොළේ දැකිය හැකියි.

වෘත්තීය මට්ටමෙන් සැලූනයක් තුළ හෝ නිවෙසේදී අපට භාවිත කළ හැකි ස්වාභාවිකම හිසකෙස් වර්ණ ගැන්වීමේ ක්‍රමවේදයක් ලෙස හෙනා සත්කාරය හඳුනාගත හැකියි. කොණ්ඩය වර්ණ ගැන්වීම සඳහා යොදාගන්නා, වර්ණකයන්හි ඇති ඇමෝනියා වැනි හානි කරවූ රසායනික ද්‍රව්‍ය ස්වභාවික හෙනා තුළ නොමැති නිසා, ස්වාභාවික හෙනා තුළින් අසාත්මිකතා ප්‍රතික්‍රියාවන් වාර්තා වන්නේ කලාතුරකිනි.

හෙනා, අනිකුත් ස්වභාවික ඖෂධ පැළෑටි සමඟ මිශ්‍රකළ හැකියි. මහදුරු, අම්ලා, නෙල්ලි සහ තවත් ස්වාභාවික අමුද්‍රව්‍ය මේ සමඟ යොදාගත හැක. හෙනා පිරිමි සහ කාන්තා යන දෙපාර්ශ්වයම හිස කෙස් සඳහා භාවිත කරනු ලබයි.

හෙනා භාවිතයේ වාසි

* හිසේ කැක්කුම අඩුකිරීමට හෝ ඉවත් කිරීමට උපකාරී වේ.
* හිස් කබල මත පිරිසුදුකාරකයක් ලෙස ක්‍රියා කරයි.
* හිස්හොරි වැනි දිලීරයන්ගේ ක්‍රියාකාරිත්වය අවම කරයි.
* හිසකෙස් සඳහා නිරෝගී දීප්තිමත් පෙනුමක් ලබාදෙයි.
* හිසකෙස් ඝණකම වැඩි කරයි.
* කෙස්වර්ධනයට උපකාරීවන අතර,

හිසකෙස් වැටීම නවතා හිස්කබල පෝෂණය කරයි.

විශ්මිත හෙනා සත්කාරය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

හෙනා සත්කාරය සඳහා ඔබ භාවිත කරන සියලුම නිෂ්පාදනයන් ඉහළ ගුණාත්මක භාවයකින් යුතු බවට තහවුරු කරගන්න. පිළිගත් වෙළෙඳසැලකින් මිලදී ගන්න. අමුද්‍රව්‍ය පිරිසුදු බවත්, කල්තබා ගන්නා ද්‍රව්‍ය නොමැති බවත් සහතික කරගන්න. ඔබ වෙළෙඳ පොළෙන්ම මිලදීගන්නා අමුද්‍රව්‍ය පිරිසුදු සහ ස්වභාවික වන තරමටම, ලැබෙන ප්‍රතිඵලය ද විශිෂ්ට වේ.

* සුසිනිඳු සහ දිලිසෙන හිසකෙස් සඳහා

අවශ්‍ය අමුද්‍රව්‍ය

-හෙනා තේ හැඳි 3 හෝ 4 ක්
දොඩම් යුෂ තේ හැඳි 5 හෝ 6 ක්

සාදන ආකාරය

බඳුනකට හෙනා කුඩු තේ හැඳි 3ක් හෝ 4ක්

දොඩම් යුෂ මේස හැඳි 5ක් 6ක් පමණ දමා මධ්‍යම ප්‍රමාණයේ තලපයක් සාදාගන්න.

භාවිතා කරන ආකාරය
ෂැම්පු එකකින් ඔබේ හිස කෙස් සෝදා ගත් පසු මෙය ඔබේ හිස කෙස්පුරා, හිස් කබලේ සිට කෙස්ගස් කෙළවර දක්වා ආලේප කරන්න. මෙම හෙනා
පැක් එක, විනාඩි පහළොවක් පමණ තබා සෝදාහරින්න.

මෙය සතියකට දෙවරක් කරන්න.

*දිලිසෙන සහ ශක්තිමත් හිසකෙස් සදහා
-හෙනාකුඩු කෝප්ප 1ක්
-පිරිසුදු පොල්තෙල් තෙල් තේ හැඳි 2 ක්
පිරිසුදු ඔලිව් තෙල් තේ හැඳි 2 ක්
-රෝසවතුර - අවශ්‍ය පරිදි

සාදන ආකාරය

නැවුම් හෙනා කුඩු කෝප්පයක් ගෙන, පිරිසුදු පොල්තෙල් තේ හැඳි 1ක්, ඔලිව් තෙල් තේ හැඳි 1ක්, රෝස වතුර දමා හොඳින් මිශ්‍රකරන්න.

භාවිත කරන ආකාරය

මෙම Henna Hair Mask එක, තරමක් තෙත් කරගත් හිසකෙස් මත යොදන්න. ඉන්පසු හිසකෙස් බැඳ, හිස, හිසකෙස් තොප්පියකින් ආවරණය කරන්න. පැය භාගයක් පමණ තබා ෂැම්පු වලින් සෝදාහරින්න. සතියකට වරක් මෙම ක්‍රියාවලිය අනුගමනය කරන්න.

හිසේ කැක්කුම සඳහා හෙනා සත්කාරය

අවශ්‍ය අමුද්‍රව්‍ය

-හෙනා කුඩු තේ හැඳි 3යි
-යෝගට් හැඳි 1යි
-ලෙමන් යුෂ තේ හැඳි 1යි
-තේ වතුර අවශ්‍ය පරිදි

සාදන ආකාරය

මුලින්ම තේ කොළ හැඳි භාගයක් තම්බා, වෙනම භාජනයකට පෙරා ගන්න. ඉන්පසු එයට හෙනා කුඩු මේස හැඳි 3ක්, යෝගට්
මේස හැදි 1ක් සහ ලෙමන්යුෂ මේස හැඳි 1ක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.

භාවිත කරන ආකාරය

ඔබේ හිස කෙස් තෙත් කිරීමට වතුර ටිකක් ඉසින්න. ඉන්පසුව මෙම හෙයා මාස්ක් එක හිස්කබලේ සිට අග දක්වා ආලේප කර, හිසකෙස් ගැට
ගසන්න. මෙය විනාඩි 45ක් තබා ෂැම්පුවලින් සෝදා හරින්න. සති දෙකකට වරක් මෙම බිත්තර සහ හෙනා හිසකෙස් ආවරණය යොදන්න.

*ස්වාභාවික හිසකෙස් වර්ණය සඳහා Henna Pack එක

අවශ්‍ය අමුද්‍රව්‍ය

-හෙනා කුඩු තේ හැඳි 3ක්, 4ක්
-කළු තේ - තේ හැඳි 1ක්
-ජලය - කෝප්ප 1ක්

සාදන ආකාරය

නින්දට යාමට පෙර, කළු තේ මේස හැන්දක් වතුර කෝප්පයක තම්බා ගන්න.

නිවාගත් ජලය බඳුනකට දමන්න. ඉන්පසු එයට හෙනා කුඩු මේස හැඳි 3ක්, 4ක් එක්කරන්න. ගැටිති නොමැති වන තෙක් මිශ්‍ර කරන්න. ඉන්පසු මෙම
මිශ්‍රණය වසා, රැයක් තබාගන්න.
උදෑසන වර්ණය වඩාත් කැපී පෙනෙන බව ඔබට පෙනෙනු ඇත.

 යොදාගන්නා ආකාරය

මෙම මිශ්‍රණය ඔබේ හිසකෙස් පුරා හෝ ඔබට වර්ණ ගැන්වීමට අවශ්‍ය ප්‍රදේශයේ බුරුසුවක් ආධාරයෙන් යොදන්න. පැයක් පමණ හොඳින් වේළෙන්නට තබා, සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. පසුදින ඔබේ හිසකෙස්වලට තෙල් සහ ෂැම්පු ආලේප කරන්න.

සති දෙකකට වරක් මෙම හෙනා සහ කළු තේ හිසකෙස් ආවරණය භාවිත කරන්න.

*පැසුණු හිසකෙස් සඳහා හෙනා Pack භාවිතය

අවශ්‍ය ද්‍රව්‍ය

-අම්ලා කුඩු තේ හැඳි 3යි
-හෙනා කුඩු තේ හැඳි 2යි -ලෙමන්යුෂ තේ හැඳි 3යි
-ජලය අවශ්‍ය පරිදි

සාදන ආකාරය

අම්ලා කුඩුමේස හැඳි තුනක්, හෙනා කුඩු මේස හැඳි දෙකක්, ලෙමන් යුෂමේස හැඳි තුනක්, සහ වතුර ස්වල්පයක් බඳුනකට වත්කරන්න. මිශ්‍රණයේ
කැටිති නැතිවන තුරු මිශ්‍ර කර රාත්‍රියක් තබන්න.
උදෑසන මෙම ස්වභාවික හිසකෙස් වර්ණ ගැන්වීමේ Pack එක යෙදීමට පෙර, ඔබේ හිසකෙස් වතුරෙන් තෙත් කරගන්න.

යොදාගන්නා ආකාරය

හිසකෙස් වර්ණ ගැන්වීමේ බුරුසුවක්ගෙන මුලසිට අවසානය දක්වා ආලේප කරන්න. මෙය පැයක් පමණ තබා, මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න. කළුහිස කෙස් සඳහා, Aren't වරක් මෙම අම්ලා සහ හෙනා හෙයාර් පැක්එක භාවිතා කරන්න.

උපදෙස් : ප්‍රවීණ රූපලාවණ්‍ය සහ මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පිනි

ඉෂාරා කෝර⁣ළගේ