Friday, April 19, 2024
Follow Us
Makeup Brushes වලින්පවා බැක්ටීරියා ආසාදන ඇතිවෙන්න පුළුවන්

●විනාඩි විස්සකට වඩා වතුරෙ තියන්න එපා

කාන්තාවන් දිනපතාම භාවිත කරන දෙයක් තමයි මේක්අප් බ්‍රෂ් කියන්නේ. නමුත් මේක්අප් සම්බන්ධ සමහර වැදගත් කාරණා බොහෝ කාන්තාවන් නොසලකා හරිනවා.

ඒ වගේ නොසලකා හරින වැදගත්ම කරුණක් තමයි මේක්අප් බ්‍රෂ් පිරිසිදු කළ යුතු බව. තමන් දිනපතා භාවිත කරන අධික මිලෙන් යුතු මේකප් බ්‍රෂ් හොඳින් පිරිසිදු කිරීමත් ඉතා වැදගත්. මේක්අප් බොක්ස් එකක් ඇතුළේ තියෙන විවිධ වර්ගයේ පුංචි පුංචි මේකප් බ්‍රෂ් පිරිසිදු කරන එක වදයක් කියල ඔබට හිතෙන්න පුළුවන්. නමුත් එය ඉතා වැදගත් වෙන්නෙ ඇයි කියලා සහ මේ දේවල් නිසි පරිදි පිරිසිදු කරගන්න විදිහ බලන්න මේ ලිපිය කියවන්න.

● ඵ්නැමච ඊරමියැරි පිරිසිදු කරන්න ඕනෙ ඇයි ?

පිරිසිදු මේකප් බුරුසු භාවිතය සමේ සෞඛ්‍යයට ඉතා වැදගත්. සමේ ඇති වන බැක්ටීරියා ආසාදනවලින් වැළකෙන්නට පිරිසිදු මේක්අප් බුරුසු ප්‍රයෝජනවත්. බොහෝදෙනා රෝස් පවුඩර්, හයිලයිටර්ස් මේ හැමදේටම භාවිත කරන්නෙ එකම බ්‍රෂ් එක. පිරිසිදු නොකර දිනපතාම මෙහෙම භාවිත කරද්දි ඒවා බැක්ටීරියා නිෂ්පාදනයට හොඳ තෝතැන්නක්.අපිරිසිදු මේක්අප් බ්‍රෂ් භාවිතයෙන් ඇතිවිය හැකි තවත් ආසාදනයක් තමයි කුරුලෑ කියන්නේ.

● දිනපතාම පිරිසිදු කිරීම අනවශ්‍යයි

අවම වශයෙන් සති දෙකකට වතාවක්වත් මේකප් බ්‍රෂ් සේදිය යුතුයි. එමගින් බ්‍රෂ් වල රැඳිලා තියෙන පවුඩර් වර්ග ඉවත් වී එමගින් සෑදී ඇති බැක්ටීරියා විනාශ වෙනවා.

● සෝදන්න අකමැතිනම්...

ඔබට මේවා සේදීම කළ නොහැකිනම් අවම වශයෙන් ඇල්කොහොල් මිශ්‍රිත ද්‍රාවණයක් බුරුසු මත ඉසීම කළ යුතුයි. මෙයද සති දෙකකට වතාවක් කිරීම ප්‍රමාණවත්.

● තදින් පවුඩර් තැන්පත් වී ඇති බ්‍රෂ්

කාලයක් පුරා මේක්අප් තට්ටු තැන්පත් වී අපිරිසිදු වුණ බ්‍රෂ් පිරිසිදු කරගන්නනම් උණුවතුර වීදුරුවකට ළදරු ෂැම්පු ටිකක් දාලා හොඳින් මිශ්‍ර කර එයට බ්‍රෂ් ටික දාලා විනාඩි 20 ක් තැබිය යුතුයි. විනාඩි දහයකට පමණ පසු ඇඟිලි තුඩු මගින් බ්‍රෂ්වල කෙඳි සෙමෙන් මසාජ් කරන්න. නමුත් විනාඩි 20 කට වඩා තබාගැනීමෙන් බ්‍රෂ් එකේ උඩ කොටසට වතුර කාන්දු වී මැලියම් දිය වීමෙන් බ්‍රෂ් එක විනාශ වෙන්න පුළුවන්. බ්‍රෂ් එකේ ්‍ය්බාකැ එකත් සේදීම වැදගත්. සේදුව පසුව හොඳින් වියැළුණු තුවායක් ගෙන බ්‍රෂ් සියල්ල ඒ මත අතුරා වතුර අවශෝෂණය වනතෙක් තබන්න. සාමාන්‍යයෙන් සේදුව බ්‍රෂ් හොඳින් වියැළෙන්නට පැය 15 ක් පමණ ගතවෙනවා.

● මැලියම් කොටස ආරක්ෂා කරගැනීමට...

ඔබට හැකිනම් බ්‍රෂ් එකේ මැලියම් කොටස ආරක්ෂා කරගන්න බුරුසු හිස උඩු යටිකුරු කර වියළාගත හැකියි. මේ සඳහා බුරුසු රඳවනයක් භාවිත කළ හැකියි. ඒ වගේම මේක්අප් බ්‍රෂ් පිරිසිදු කරගත හැකි ඩිවයිසස්පවාවෙළෙඳපොළේ මිලදී ගන්න තියෙනවා.

(shinesheets.com ඇසුරින් )