Thursday, April 25, 2024
Follow Us
අම්මගෙයි පැටියගෙයි සම සුරකින ආමන්ඩ්

නිරෝගී බව සැමවිටම ඔබේ ජිවිතය වෙත ගෙන එන්නේ දීප්තියක්. ඔබ ගන්නා ආහාර පාන පිළිබඳ දැනුම්වත්ව, ගුණදායක මෙන්ම හිතකර ආහාර කෑම වේලට එක් කර ගැනීමේ වගකීම පැවරෙන්නේ ඔබටමයි. ඒ නිසාම දැනුම්වත් බව වඩාත් වැදගත් වේ. මේ කතාබහ ඔබේත් දරුවන්ගේත් සිරුරට මෙන්ම සමට ආමන්ඩ් වෙතින් හිමිවන ප්‍රතිලාභ පිළිබඳයි.

මේද පාලනය

ආමන්ඩ්, සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසකින් සමන්විත වන අතරම ඔබේ නිරෝගී බව පවත්වා ගැනීමට සුවිශාල සේවයක් ඉටු කරනු ලබයි. සෞඛ්‍යයට එසේ දායක වන ආමන්ඩ් අනෙක් පසින් රුව ඔපවත් කිරීමට ද සහය වේ. ආමන්ඩ් ඔයිල්, විටමින් E, බහු අසංතෘප්ත මේද අම්ල, ප්‍රෝටීන්, පොටෑසියම්, සින්ක් සහ ඛනිජ ලවණවලින් සමන්විතය. මේ පෝෂකවලින් සපිරි ආමන්ඩ් ඔයිල් හදවතට පමණක් නොව සමට, නියවලට සහ හිසකෙස්වලට ද මනා පෝෂණයක් සපයයි. ආමන්ඩ් අහාරයට ගැනීමෙන් සිරුරේ මේද ප්‍රමාණය පාලනය කරන අතරම දියවැඩියා තත්ත්වය ඇති වීමේ හා පිළිකා ඇතිවීමේ අවදානම අවම කරයි. එසේම සමේ පෝෂණයට ඉවහල් වෙයි. කැල්සියම් සපිරි නිසා සෛල වෙත පෝෂක උරා ගැනීමට සහය වෙන ආමන්ඩ් අස්ථි සෞඛ්‍ය වර්ධනය කරයි, ප්‍රතිශක්තිකරණ හැකියාව සවිමත් කරයි. මේ හේතු මත ආමන්ඩ් ආහාරයට ගැනීම ඔබව රෝගී තත්ත්වයන් රැසකින් ගලවා ගනී.

 

මවුවරුන්ගේ අවධානයට

වැඩිහිටි ඔබට පමණක් නොව ළදරු වියේ සිටම ශරීර සෞඛ්‍ය සඳහා මෙන්ම සමේ පෝෂණයට ද ආමන්ඩ් වැදගත් ය. මවගේ කුස තුළ ස්වාභාවික රැකවරණය යටතේ සති 42 දෙකක් කාලයක් පුරා ජීවත්ව මෙලොවට බිහිවන ළදරුවකුගේ සම ඉතාම සංවේදී ය. අන්න ඒ නිසාම මවුවරුන් ළදරු සම පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුමය. ඒ වෙනුවෙන් ස්වාභාවිකත්වයට මුල් තැන ලබා දීම අත්‍යවශ්‍ය වේ. මවක් තමන්ගේ සමේ පෝෂණය වෙනුවෙන් භාවිත කළ යුතු වන්නේ ද ස්වාභාවික අමුද්‍රව්‍යයම පමණකි. මන්ද ළදරුවකු මවු තුරුලේ උණුසුම්ව හිඳීම ප්‍රිය කරන අතරම එහි දී මවගේ සම හා ළදරු සම ගැටීම සිදු වේ. මව තම සම සුරැකුමට නුසුදුසු යමක් භාවිත කරන්නේ නම් බිලිඳාගේ සංවේදී සමට එමඟින් බලපෑම් ඇති විය හැකියි. ආමන්ඩ් ඔයිල් යනු ඔබේ මෙන්ම බිලිඳාගේත් සමට ගැළපෙනම පෝෂණයයි.

 

ගැඹුරින් පිරිසුදු කරයි

 

ආමන්ඩ් ඔයිල්වල ඇති පිරිසුදුකාරක ගුණය නිසා සම මත රැඳුණු කුණු, දූවිලි ඉවත් කරමින් සම පිරිසුදු කරයි. එසේම බ්ලැක් හෙඩ්ස් සහ කුරුලෑ ඇතිවීම වැළැක්වීමට ද ආමන්ඩ් ඔයිල් උපකාර වේ. සංවේදී සමකට වුව ද කිසිදු ගැටලුවකින් තොරව ආමන්ඩ් ඔයිල් යොදා ගනිමින් පිරිසුදු කළ හැකිය. ඒ වගේම ඔබේ මුහුණේ තවරා ඇති මේක්-අප් ඉවත් කිරීමට ද ආමන්ඩ් ඔයිල් ප්‍රයෝජනවත් වේ. විසබීජ විනාශ කිරීමේ හැකියාව ස්වභාවයෙන්ම ආමන්ඩ් ඔයිල් සතුය. එසේම ඔබේ සම UV කිරණවලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ද ආමන්ඩ් ඔයිල් සාරය සතුය.

 

බිලිඳාටත් සුමුදු නිකැළැල් සමක්

 

ආමන්ඩ් ඔයිල්වල ඇති සෞම්‍ය බව නිසාම බිලිඳු සමට වුවද කිසිදු ගැටලුවකින් තොරව ආලේප කළ හැකිය. බිලිඳුන් සඳහා වන හොඳම තෙල් වර්ගය ලෙස ආමන්ඩ් ඔයිල් හැඳින්වීමේ වරදක් නැත. ඉතා මුදුව සම මත ආලේප කළ විට සම තුළට උරා ගන්නා ආමන්ඩ් ඔයිල් බිලිඳා නැහැවීමෙන් පසුව සමට ලබා දෙන ඉහළ සත්කාරයකි.

 

අසාත්මිකතා පලවා හරී

 

බිලිඳු සම මත අසාත්මිකතා හේතුවෙන් ඇති විය හැකි විවිධ තත්ත්වයන් පලවා හරී. මවක් වන ඔබේ සිතට විශාල කනස්සල්ලක් ඇති කරන තත්ත්වයක් ලෙස නැපි රෑෂ් හැඳින්විය හැකියි. නමුත් ඒ ස්ථානයේ මෘදුව ආමන්ඩ් ඔයිල් ආලේප කිරීම මඟින් ඉතා ඉක්මනින් මේ තත්ත්වය මඟ හරවා ගත හැකිය. ඔබේත් බිලිඳාගේත් සම සුරැකිව පවත්වාගැනීම උදෙසා ආමන්ඩ් ඔයිල් ආලේප කිරීමට බිය විය යුතු නැත.

 

අඳුරු පැහැ ලප ඉවත් කරයි

 

ඔබේ සමේ අඳුරු පැහැ ලප, ඇස් යට අව පැහැ ගැන්වීම් ඇත්නම් ඒවා පලවා හරින්නට විශ්වසනීය පිළියම් අතරින් ඉදිරියෙන්ම සිටී. ආමන්ඩ් ඔයිල් සුන්දර මෙන්ම නිරෝගී සමක් ඔබට උරුම කරදෙනු නිසැකය. සෑම රාත්‍රියකම ආලේප කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. එසේම දහදිය බිබිළි හෝ නැපි රෑෂ් ඇතිවී සුව වූ පසු බිලිඳාගේ මුදු සම මත ඇති වූ ලප කැළැල් සහ රළු බව ආමන්ඩ් ඔයිල් ආලේප කිරීමෙන් ඉතා ඉක්මනින් මගහරවා ගත හැකිය.

 

තවත් ප්‍රතිලාභ

 

ආමන්ඩ් තෙල්වලින් ශරීරයට අවශ්‍ය හොඳ කොලෙස්ටරෝල් (HDL) මට්ටම ඉහළ මට්ටමකට ගන්නට හැකියි.

ඒ වගේම සිරුරට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නත් ආමන්ඩ්වලට පුළුවන්.

සමේ පිළිකා (Skin cancers) වගේ දේවල්වලින් ආරක්ෂා කරයි. ආමන්ඩ් හැමදාම භාවිත කළොත් පැහැපත් සුන්දර සමක් ලබා ගත හැකියි.

ඔබගේ මැලවුණු සමට අලුත් පණක් දෙන්න පුළුවන් විස්මිත දෙයක් තමයි ආමන්ඩ් කියන්නේ.

කුරුලෑ තියෙන අයට තවත් වාසියක් මෙයින් ලැබෙනවා. කුරුලෑ කැළැල් යවා ගන්නත්, කුරුලෑ තියෙනවා නම් ඒවා පාලනය කරගන්නත් උදව්වක් වෙනවා.

මේ නිසා අම්මට වගේ බබාටත් මේ විදියට ආමන්ඩ්වලින් පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්.

 

 

උපදෙස්

රූපලාවණ්‍යය ශිල්පිනී

නයනා කුමාරි සැලෝන් Nayana art

Tharunie