Friday, April 26, 2024
Follow Us
සැබෑ ආදරය හිමිදිරියේ ඇරැඹී මහ රෑ මියයන්නක් නොවේ

සැලසුමෙන් තොර ජීවිතය වහලක් නැති නිවෙසක් මෙනි

සාර්ථක පුද්ගලයන් ඉඩප්‍රස්ථා සොයනවා.

අසාර්ථක පුද්ගලයන් බාධක සොයනවා.

 

සාර්ථක පුද්ගලයන් අගය කරනවා.

අසාර්ථක පුද්ගලයන් නොරුස්සනා ගතිය පානවා.

 

සාර්ථක පුද්ගලයන් අනර්ඝ ලබන්නන් වන අතර

අසාර්ථක පුද්ගලයන් දුර්වල ලබන්නන් වනවා.

 

සාර්ථක පුද්ගලයන් ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන අතර අසාර්ථක පුද්ගලයන් ඉගෙන ගැනීමට දක්වන්නේ දැඩි අකැමැත්තක්.

 

සාර්ථක පුද්ගලයන් ගැටලු අවස්වථාවක් ලෙස දකින අතර අසාර්ථක පුද්ගලයන් ප්‍රශ්න බාධාවක් ලෙස දකිනවා.

 

වැඩි අත්දැකීම් කියන්නෙ වැඩියෙන් සාර්ථකත්වය අයත් කරගැනීමේ මඟයි. දොර ඇරෙන්න නම් තට්ටු කළ යුතුයි.

 

සංසාර ගනුදෙනු නිමාවූ සැණින් බොහෝ දෙනා පිටව යති. හෙටක් නැති අදක ජීවත්වන අප, බලාපොරොත්තු පොදියක් හිසමත තබා නො ගත යුතුය. නිරෝගීකම උතුම්ම ධනයයි. සැබෑ ආදරය හිමිදිරියේ ඇරැඹී රාත්‍රියේ මිය යන්නක් නොවේ. කිසිවකට හෝ කිසිවකුට බැඳෙන්න එපා. ඔබට ඔබ මෙන් ආදරය කරන කිසිවෙක් මෙදියත නැත. මුලින්ම ඉදිරි දින දහයකටත්, අනතුරුව ලැබූ වසර සඳහාත් ජීවිත සැලසුමක් සකස්කර ගන්න. සැලසුමෙන් තොර ජීවිතය වහලක් නැති නිවෙසක් මෙනි. ඔබ ලද සාර්ථකත්වය පිළිබඳ ලේඛනයක් ද සාදන්න. සාර්ථකත්වයේ පින්තූර එල්ලා නිතර බලන්න. ඔබ අනුපමේය පුද්ගලයෙක් බව ඔබම හඟින්න. ඔබ අසහාය කාල කළමනාකරණයක යෙදීමේ දී ඔබගේ කටයුතු පහත පරිදි වර්ගීකරණය කර වැදගත් කමේ අනුපිළිවෙළකට කටයුතු කරන්න.

 

වැදගත් හදිසි වැඩ - උදා: ප්‍රතිකාර ගැනීම වැදගත් හදිසි නො වන වැඩ - උදා: නව වසරේ ඉලක්ක සකස් කර ගැනීම

වැදගත් නැති හදිසි ද නැති වැඩ - උදා: රූපවාහිනී නැරැඹීම

නැතිවාදයෙන් ඉවත් වන්න. සම්පත් බහුල මානසිකත්වයක් ඇතිකර ගන්න. අද සතුට දෙන කෙනාම හෙට දුක ගෙනේවි. ඒ ලෝක සොබාවයට හුරු වන්න. අනෙකා සමඟම නැගිටින්න. ඔබම නිර්මාණය කරගත් ඔබේ දිවියේ අනාගතය ගැන ඔබටම ඇතැම් විට ඉඟි ලැබෙනවා. අහම්බයන්, හැඟීම් මාර්ගයෙන්, සිහින, හැකියා ලෙස මේවා මතු වෙනවා.

 

ජීවත් වීමේ දී පහත දෑ ඉවත ලන්න

ලැජ්ජාව/සබකෝලය

තරහා යාම

තනිකම

කනස්සල්ල

වැරැදීම

අවමානය

ප්‍රතික්ෂේප වීම

 

ජීවිතය සුන්දර කර ගැනීමට ආදරය, සතුට, නිදහස, සුවතාව, පහසුව, සාර්ථකත්වය වැනි අගයන් ළඟා කර ගන්න. ඉක්මනටම හෝ ප්‍රමාද වී දිනන්නේ ‘හැකි’ යයි සිතන අයයි. ඔබම ඔබට නො හැකි බව සිතන්නේ නම් නිසැකවම ඔබට නො හැකියි. යටි සිතට විහිළු නොතේරේ. If you think you can, definitely you can. If you think you can't, virtually you can't.

දිනීම සඳහා ඔබම සකස් කරගත් පහසු කලාපයෙන් Comfort Zone ඉවත් වන්න. සිහින තබා ගන්න. ජෝන් එෆ්. කෙනඩි මිනිසෙක් සඳට යැවීමේ සිහිනය දැක එය සැබෑ කර ගත්තේය. විශ්වය තෑගි දෙන්නේ අසහාය ක්‍රියාධරයන්ටයි. නොරුස්සනාකමින් ඉවත් වන්න. සමාව දීමේ ලැයිස්තුව සාදා අදම එකිනෙකාට සමාව දීම අරඹන්න. වෛරය තමන්ගේ මස් දියවීම, චර්ම රෝග පවා ඇතිකරවන අහිතකර බලවේගයක්. වැඩෙන්න. නැත්නම් නැසෙන්න. මැසිවිලි නගන්නන්ගෙන් ඉවත් වන්න. ඔබ වටා සාර්ථක මිනිසුන් තබා ගන්න. සැඳෑ සමාලෝචනයක දිනපතා යෙදෙන්න.

මම මූලික වශයෙන් සුබවාදී වන බව නෙල්සන් මැන්ඩෙලා පැවසීය. මා උපන්නේ නිහතමානී ගමනක් යාමට බව ඒබ්‍රහම් ලින්කන් පැවසීය. නොසැෙලන අධිෂ්ඨානය තමාට ඇතිබව මහත්මා ගාන්ධිතුමා පැවසීය. විශ්වාසය මතම සිංගප්පූරුව ගොඩ නැගූ බව ලී කුවාන් යූ පැවසීය.

ජීවිතය යනු ඔබ, ඔබව සොයා ගැනීම නොවේ. ඔබ විසින්ම ඔබව නිර්මාණය කිරීම බව පැවසුවේ ජෝර්ජ් බර්නාඩ් ෂෝ විසිනි.

අපගේ පරම්පරාව සොයාගත් වැදගත්ම දේ වන්නේ තම මනසෙහි ආකල්ප වෙනස් කරන විට ඔවුන්ගේ ජීවිතවල බාහිර ස්වරූපයත් වෙනස් වීම බව විලියම් ජේම්ස් නම් හාවඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්යවරයා පවසා තිබෙනවා.

ඔබ කියනනේ, ඔබ සාමාන්‍යයෙන් ඇසුරු කරන පුද්ගලයන් පස් දෙනාගේ සාමාන්‍ය බව ද පැවසෙනවා. එහෙයින් ඇසුරු කරන අය ප්‍රවේශමෙන් තෝරා ගන්න.

ඔබේ සාර්ථකත්වයන් සියයක් ලියන්න. ඔබේ ජයග්‍රහණයන්ගේ ඡායාරූප එල්ලා තබන්න.

නෙල්සන් මැන්ඩෙලා පවසා ඇති පරිද්දෙන් නොරිස්සුම් බව යනු තමා විසින්ම විස පානය කිරීම වැනි ක්‍රියාවකි. වෙනස් වීම ජීවිතයේ නීතියකි. ඊට අනුහුරු වන්න.

මානව විලේ සුපිපි අරවින්දයක්, පුන් සඳක් බඳු වූ, සඳට යාමේ සිහිනය ජය ගැනීමට වෙර දැරූ, ඇමරිකා එක්සත් ජනපදයේ තිස්පස්වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩිව ලීහාවේ ඔස්වල්ඩ් නම් කුරිරු ඝාතකයා විසින් ඝාතනය කරන ලදී

මිනිසා යනු ප්‍රායෝගිකව ඔහු සිතන දේ බව ජේම්ස් ඇලන් පවසා ඇත. වැඩෙන්න. එසේ නැතහොත් නැසෙන්න. මේ දෙකෙන් එකක් තෝරා ගන්න. වැරැදි විශ්වාස මිනිසෙක් වසර ගණනාවකින් වියපත් කරවන බවට මතයක් පවතී.

වරකට එක දෙයක් පමණක් කරමු. පෘථිවියට ලම්බකව කශේරුකාවක් ඇති එකම සතා මිනිසායමිනිසකුට රිදුනේ නැත්නම් ඉදිරියට යන්නෙ නැත. පැරදුනේ නැත්නම් දිනන්නෙත් නැත. මට රටක් පාලනය කිරීමට ලැබුණොත් මුලින්ම කරන්නේ භාෂාව හැදීම බව කොන්පියුසියස් තුමා පවසා තියෙනවා.

ඔබ නිර්මාණය කරන දේ ඔබේ ලෝකය වනවා. තිබෙන දෙයට කැමැති වෙමින් අලුත් දේ සොයා යන්න.

 

ජය.!

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

පාලිත දිසානායක මහතාගෙන්

ඔබේ දිවිමඟට පහන් වැටක්

Tharunie