Friday, April 26, 2024
Follow Us
මැටි ආභරණින් සැරසුණු ඔසරි මැණිකෙ

විවාහය කියන්නෙ තරුණියකගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකි. අරුත්බර බැඳීමකට මුල පුරන තරුණිය ඒ දිනය ගැන සිහින දකී. මෑත කාලයේ රටේ පවත්නා වාතාවරණයත් සමඟ ඒ අභියෝගයට මුහුණ දෙමින් සිදු කළ අපූරු විවාහ මංගල උත්සවයක් ගැන තරුණී ට අසන්න ලැබුණා. මෙහි විශේෂත්වය නම් දේශීයත්වයට මුල්තැන දෙමින් සිදු කිරීමයි. මෙය සිංහල සිරිත රකිමින් අපේකම කියා පෑ විවාහ මංගල උත්සවයකි.

එහි අපූර්වවත්වය ගැන අදහස් දැක්වූයේ ප්‍රවීණ මනෝ උපදේශිකා අමා දිසානායක මහත්මියයි.

''පසුගිය අප්‍රේල් 28වැනිදා මගේ ලොකු පුතා පණ්ඩුල රත්නායකගේ විවාහ උත්සවය තිබුණා. රත්මලාන ඊගල් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ තමයි තිබුණේ. ඇත්තටම මේ විවාහ මංගල උත්සවය විශේෂයි. මගේ පුතා ගුවන් හමුදාවේ සේවය කරන්නේ. එයා බලපන්ති ලුතිනන් කෙනෙක්. එතකොට එයා විවාහ වෙන්නේ මහේෂිකා බණ්ඩාරනායක සමඟ. ඇය ජපානයේ රැකියාවක නිරත වෙනවා. මම කාලයක් තිස්සේ ඇයව ළඟින් ඇසුරු කරනවා. පස්සේ මගේ පුතා සමඟ ඇගේ විවාහය යෝජනා වෙනවා. ඇයව මට ඇත්තටම දුවෙක්. ඇය විවාහ මංගල්‍යට දවස් 05කට කලින් තමයි ලංකාවට එන්නේ. එතකන් ඇය මගේ පුතාව මිට පෙර පියවි ඇසින් දැකලා නැහැ. මේ දෙන්නා කාලයක් කතාබහ කරලා තමයි දෙන්නට දෙන්නා හඳුනා ගත්තෙ. මට හිතුණා මේ විවාහය දේශීයත්වය මුල්කරගෙන කරන්න ඕනෙ කියලා.''

ලාංකීය සමාජයේ මෑත කාලයේ පළමු වරට මනාලියක් මැටි ආභරණවලින් හැඩවෙන අවස්ථාව මෙයයි. ඇය එදින පැලඳි සියලු ආභරණ නිර්මාණය වී තිබුණේ පිඟන් මැටියෙන්. නොරිටාකේ අයතනයේ ජුවලරීනා වෙතින් පිඟන් මැටියෙන් පළමුවරට මනාලියකට ආභරණ නිර්මාණය කළ අවස්ථාව ද මෙය වේ. මනාලියගේ මංගල ඔසරිය හැන්ඩ්ලුම් රෙදි හා අත්ේ‍යන්ත්‍ර එම්බ්‍රොයිඩරි රටා උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද්දකි. දෙවැනි මනමාලියන් හා මල් කුමාරියන් ද බ්‍රහස්පතින්දා දිනයට සුබ වර්ණයක් ලෙස කහ පැහැ ඔසරියෙන් හැඩ වී සිටියහ.

සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයක දී පෝරුවේ අතැඟිලි බැඳීමේ චාරිත්‍රයට රන්පැහැ නූලකට සමාන යමකින් අතැඟිලි බැඳීම සිදු කරන අතර ෙම් විවාහයේ දී සැබෑ රනින් නිමවන ලද රන්කෙන්දක් යොදා ගත්හ. ඒ වගේම අතපැන් වත්කිරීමට සැබෑ රන් කෙණ්ඩියක් යොදා ගත්හ. අතීත ෙය් භාවිත කළ ආකාරයට විවාහ සහතික අත්සන් තැබීමට පිහාටු පැනක් භාවිත කිරීම ද කැපී පෙනුණ අංගයක්.

යාපහුව රාජධානිෙය් හැඩගත් පෝරුව ද කාගේත් පැසසුමට ලක් විය. මැටි කළ, ඇහැළ, ඕලු, නෙළුම්, මානෙල්, ගොයම්, මුතු කුඩ, සේසත් ද එහි සැරසිලි සඳහා යොදාගෙන තිබුණේ පෞරාණිකබව හා අපේකම පෙන්වීමටයි.

 

 

හැඩගැන්වීම් - සැලෝන් ඈන්

ඇඳුම් නිර්මාණය - ගීතා

Tharunie