Sunday, May 05, 2024
Follow Us
සුන්දර තරුණ්‍යයට කොණ්ඩා විලාසිතා

මුහුණේ සුන්දරත්වය අපූර්ව ලෙස පෙන්වන්නට හිස කෙස් විලාසිතාවකට හැකියි. සමහර කාන්තාවන් ස්වාභාවිකවම ඝනකම් කෙස් කලඹක් ලබයි. එය වාසනාවක් වුවද හැසිරවීම අපහසු විය හැකියි. සමහර දියණියන්ට පහසුවෙන් හැසිරවිය හැකි සිල්ක්, සිහින් හිසකෙස් තිබේ. මේ කුමන කොණ්ඩයක් තිබුණ ද මුහුණට ගැළපෙන ලෙස විලාසිතාව තෝරාගත යුතු වෙයි. නැතිනම් ගෙනෙන්නේ අවලස්සනකි. මේ සුන්දර තරුණ්‍යයට ගැළපෙන නවතම කොණ්ඩා විලාසිතා කිහිපයකි.

Shoulder-Length Hair with Waves

මේ විලාසිතාව රැලි සහිත, උරහිස දක්වා පමණක් දිග කොණ්ඩ විලාසිතාවකි. හුරුබුහුටි පෙනුමක් ගෙන දෙයි. ලිහිල් රැලි සහ නිදහසේ විහිදි මේ කොණ්ඩා මෝස්තරය ඔබේ දිගැටි මුහුණේ පෙනුම පරිපූර්ණ කරයි.

 

Medium-Length Layered Hair

මෙය දිගත් නැති කෙටිත් නැති මධ්‍යම දිග ලේයර් විලාසිතාවකි. මේ ලස්සන කොරියානු කොණ්ඩා මෝස්තරය ආසියානු කාන්තාවන්ට අපූර්ව පෙනුමක් ගෙන දෙයි. මේ විලාසිතාව රැක ගැනීමට දිගට වැඩෙන කොණ්ඩය නිතර ට්‍රිම් කිරීම කළ යුතු අතර එමඟින් නිරෝගී සුන්දර පෙනුමක් ගෙන දෙයි.

 

Tousled Blunt Lob

ආසියානු කාන්තාවන් සඳහා නවීන කොණ්ඩා මෝස්තරයකි. විවිධාකාර දිගට, හැඩයන්ට සහ වර්ණවලින් පිරිපුන්ය. දුටුවන මවිතයට පත් කරයි. ඔබේ හිසකෙස් වර්ගය සහ දිග අනුව සිත් ඇදගන්නා මෙවැනි කොණ්ඩා මෝස්තරයක් තෝරාගන්න.

 

Pastel Peek-a-Boo Highlights

ඔබේ ස්වාභාවික අඳුරු හිසකෙස් සමඟ පැස්ටල් වර්ණයක් මිශ්‍ර කර සුන්දර විලාසිතාවකි. යෞවන වයසේ දඟකාරියන්ට මේ විලාසිතාව අපූර්වත්වයක් ගෙන දෙයි.

 

Blunt Ombre Bob

ආසියානු කාන්තාවන් අතර බොබ් විලාසිතා මෙතරම් ජනප්‍රිය වීමට හේතුව මෙවැනි කොණ්ඩා මෝස්තරයක් ජවසම්පන්න, උද්යෝගිමත් පෙනුමක් ලබා දෙන නිසාය. මෙය ඕනෑම කාන්තාවකට තරුණ පෙනුමක් ලබා දෙයි.

 

 

Tousled Princess Curls

කුමරියකගේ පෙනුම සෑම විටම ගෙන දෙන්නේ දිගට ගෙතූ හිසකෙස්වලින්ම පමණක් නොවේ. ඔබට ඇත්තේ කෙටි රැලි සහිත හිසකෙස් නම් එමඟින් ද මෙලෙස රාජකීය පෙනුමක් ලබා ගත හැකියි.

Tharunie