Tuesday, February 03, 2026
Follow Us
කොවිඩ් වැලඳුණු පසු අවයව පද්ධති ආශ්‍රිත රෝග

කොවිඩ් වැලඳුණු සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රධාන අවයව හා පද්ධති ආශ්‍රිත රෝගයකට ගොදුරුවී ඇති බව අමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

2020 වසරේ අප්‍රේල් මස පළමුවැනිදාට පෙර කොවිඩ් වැලඳුණු වයස අවුරුදු 65ට වැඩි අමෙරිකානුවන් එක්ලක්ෂ තිස් තුන් දහසකට වැඩි පිරිසක් යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණි.

එහිදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් ප්‍රතිකාර ලබාගත යුතු බරපතළ රෝගී තත්ත්වයන් වන හෘදයාබාධ, වකුගඩු රෝග, පෙනහළු ආශ්‍රිත රෝග සහ අක්මාව ආශ්‍රිත රෝග වැනි බෝ නොවන සංකූලතාවන්ට ගොදුරු වන බවය

(Aruna)