Sunday, April 20, 2025
Follow Us
තෙත කොණ්ඩෙට මේ වැරැදි කරන්න එපා

තෙත කොණ්ඩය රැකියාවට යන කාන්තාවට හැබෑම හිසරදයක්. තෙත කොණ්ඩය ගැට ගසා ගෙන රැකියාවට යන කාන්තාවනුත් අප අතර ඕනෑ තරම් සිටිනවා. හරි අවබෝධයක් නැතිව කරන දේවල් නිසා කේශ කල්‍යාණය අහිමි වී පෙන්ද නැති කිකිළියක බවට පත්වන කාන්තාවන් බොහොමයි. තෙත කොණ්ඩයට නොකළ යුතු දේ මොනවාද?

කිසි විටකත් තෙත කොණ්ඩය පීරන්න එපා. කොණ්ඩය තෙමුණු විට දුබල වෙයි. එනිසා කොණ්ඩය පීරන විට ගැලවී යාමට වැඩි ඉඩක් පවතියි.

කෙස් අගිසි පැලීමට අවදානමක් ද ඇත. සම්පූර්ණයෙන් වියළෙන තුරු කෙස් කළඹ නො පීරන්න.තෙමුණු කොණ්ඩයට විලාසිතා නො කරන්න. උණුසුම් වාතයෙන් කෙස් වියළීමේදී උපරිම මට්ටමෙන් කෙස් රත්වන අතර පිලිස්සීමට ද ඉඩ තිබෙයි.

හිසකෙස් විලාසිතා කළ යුත්තේ කොණ්ඩය හොඳින් වියළුණු විටය.

තෙමුණු කෙස් වැටිය සමඟ නින්දට නො යන්න.

ඉන් කෙස්වලට හානි ද වෙයි.

නින්දට යා යුත්තේ හොඳින් කෙස් වියළුණු පසුවය. හොඳින් ජලය උරා ගන්නා තුවායකින් කේස් වැටියේ වතුර පිසදාන්න

තෙත කෙස් ගැට නො ගසන්න. ඉන් කෙස් වැඩිපුර ගැලවෙනවා. කෙස් මුල්වලට පීඩනයක් එල්ල වෙනවා.

(Tharunie)