Friday, April 26, 2024
Follow Us
අපේ diet plan එකේ පස්වෙනි දවස.

අති සාර්ථක පස්වෙනි දවස.


සිකුරාදා වෙනකල් විතරක් කරගෙන යනවා කිව්වා උනාට ඔයාලගේ උනන්දුව කැපවීම සහ දැක්කම මට හිතුනා මේක දිගටම කළොත් හොඳයි කියලා.
නමුත් මම දාන එකම කෑම ජාති දැකලා ඔයාලට diet කිරිල්ලත් එපා වෙන්න පුළුවන්.
ඒ නිසා සඳුදා ඉඳලා සතියක් උදේ අට වෙද්දි මේ පෝස්ට් එක දාන වැඩේ කවුරුහරි බාරගන්න ඕන. ඊළඟ සතියේ තව කෙනෙක්.
ඉතින් කවුද කැමති ලබන සතියේ ඒ රාජකාරිය බාරගන්න.
වෙන්න ඕනේ
කාබෝහයිඩ්‍රේට් අඩු පුළුවන් තරම් සමබල කෑම වේලක් උදේට අපට ගේන එකයි.
මේ සතියම මම ගත ගත කළේ මුං ඇට සහ කඩල එක්ක. මොකද ගෙදර තිබුණේ ඒ ඇට වර්ග දෙක විතරයි. නිතරම කඩේ යන අය නොවන නිසා ඊළඟ සතියේ තමයි ඇට වර්ග වෙනස් කරගන්න වෙන්නේ.
මට හිතුනා අපි එකතුවෙලා මේ ගමන යමු කියලා.
ඒ ගැන ඔයාලගේ අදහස මොකද්ද
අද මේ කෑම වේල
කඩල චීස් පෙත්තක් එක්ක
ගර්කින් , පොල් සහ බාගෙට තම්බපු බිත්තර.
Good luck ❤
මේ ලින්ක්ස් දිගේ බඩගාගෙන ගියහම පියවරෙන් පියවර මුලට යන්න පුළුවන්.
https://www.facebook.com/groups/1976549422649790/permalink/2701087586862633/

(Beauty Secrets with Rapunzel)