Friday, April 26, 2024
Follow Us
අද අපේ  උදේ කෑම ගුණට කන දෙවෙනි දවස.

මුං ඇට (බෙරි උනා ඉතින් )


කුකුළු මස් බැදල( අගුණ අය අවන් කරගන්න. නැත්නම් saute කරගන්න.)
පොල්
තක්කාලි , දෙහි එහෙම දාල හදපු ලුණුමිරිස්
(මම උම්බලකඩ පාවිච්චි කරන්නේ නැති නිසා අපේ ගෙදර ඒක ඇත්තේම නැති දෙයක්. තිබුනා උනත් දාන්නෙ ලුණු මිරිසට විතරයි. අද ඒක නෑ ඉතින් )
පිපිඤ්ඤා වර්ගයක්.
ඊයේ කෑම පිගන් දැකලා මට හරි සතුටුයි.
ඇතැම් අඩුපාඩු තිබුණා උනත් අපි පටන් අරගෙන නේ.
Pulses විතරක් කන්න එපා. එතකොට ඒක සෞඛ්‍යයට හිතකර නැහැ.
දෙවෙනි වේල කන්න බඩේ ඉඩ නැති වෙච්ච අය පලවෙනි වේලේ ප්‍රමාණයන් අඩු කරන්න . ඒකත් ඇට වර්ගයෙන් අඩු කරගන්න.
අතරමැද එන බඩගිනි වලදී සීනි දාපු තේ හරි බිස්කට් හරි බඩට දාගන්න එපා.
යෝගට් හොඳයි.
පේර , කොළපාට ඇපල් හීනියට පෙති කපල ලුණු ගම්මිරිස් ටිකක් ඉහල පොඩි බාස්කට් එකකට ගෙනිච්චා නම් ඒක කන්න පුළුවන් බඩගිනි උනොත්.
කෝ බලන්න අද කෑම පිඟන්.
Good Luck❤