Thursday, April 25, 2024
Follow Us
Dieting

ඊයෙ තම්බල ඉතුරු උන කඩල උඩට චීස් පෙත්තක් දාල තියෙනවා. බර අඩු කරගන්න අවශ්‍ය අය චීස්, බටර්, මාගරින් පාවිච්චි කරන්න එපා. අනිත් අයට ඒවා පුළුවන්.


බිත්තර දෙකක් තෙල් චුට්ටක් දාල හැදුවා.
පිපිඤ්ඤා වර්ගයක් පෙති කපල, පොල් එක්ක.
මේක දැන් කාල ආයෙ මේ ප්‍රමාණය එකොලහට විතර කනව. එතකොට දවල්ට කන්නෙ වෙන්නේ ඉතාම චුට්ටයි. බත් එක හැන්දකට එළවළු මාළු දාගෙන කන්න පුළුවන. දවල් කෑම බඩගිනි වුණහම කන්න.
මේ අතරේ ඔලුවට ගන්න අපි මේ උත්සාහ කරන්නේ පිටි සහිත ආහාර ඉතා අඩුවෙන් අරන් , සීනි සහ සීනි අඩංගු ආහාර නතර කිරීමයි. එහෙනම් මම කලින් පෝස්ට් එකේ සඳහන් කළ අසනීපය තියෙන අයට බිස්කට්, සීනි දාපු තේ එක ඇතුළු sugary ආහාර තහනම්.
උදේ වරුව විතරක් මම මුලින්ම පාලනය කලාට ඒ උදේ වරුවේ අනුගමනය කරලා හිතට ලබා ගත්ත සතුට මුලු දවසම තියාගන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලස්සන වෙන්න ඕනෙ නෑ ඔයාලාගෙ උදේ කෑම එකේ පින්තූරයක් මේකට කමෙන්ට් කරන්න. එතකොට අනිත් අයටත් අදහසක් ගන්න පුළුවන් වේවි . මේක සිකුරාදා වෙනකන් අපි කරනවා .

(Beauty Secrets with Rapunzel)