Thursday, August 22, 2024
Follow Us
Muscles  sagging

අපි මීට කලින් කතා කළා සම රැලි වැටීම පිළිබඳව. සම රැලි වැටීම කියන කාරණාවට වඩා බරපතලයි මාංශපේශී එල්ලා වැටීම. එතකොට අපේ සිරුරේ හැඩය වෙනස් වෙනවා. ලස්සන නැති වෙනවා. වයස වැඩි පෙනුමක් පේන්න ගන්නවා.


මාංශ පේශි එල්ලා වැටීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ වයස්ගත වීම. ඊට එරෙහිව කරන්න පුළුවන් සරලම විසඳුම, ගුණයෙන් පිරුණු ආහාර වේල් සමග නිසි ව්‍යායාම ක්‍රම අනුගමනය කිරීමයි. වයස පෙන්නේ නැති ගොඩක් කාන්තාවන් මේ ක්‍රම දෙක අනුගමනය කරනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අවුරුදු හතළිහ විතර පහු උන අය උනත් ඉන්නවා අවුරුදු විසි ගණන්වල කෙල්ලන්ට වඩා ලස්සනට.
වයස්ගත වීම කියන කාරණාව හැරුණු කොට අධික ලෙස හිරු එළියට නිරාවරණය වීම , නිදාගැනීමේදී සහ එදිනෙදා කටයුතු කිරීමේදී පවත්වා ගන්නා වැරදි ඉරියව්, ආරය සහ හිතුමතේ, නිසි උපදෙස්වලින් තොරව කරන වේගවත් බර අඩු කිරීම මේ තත්ත්වය ඇතිවීමට බලපාන්න පුළුවන්. වැරදි ඉරියව්වලට හොඳම උදාහරණය තමයි එක පැත්තකින් කෑම හැපීම. ඒ ගැන ලියපු ලිපියක් අපේ සමූහයේ තිබෙනවා.
තව මම අත්දැකපු වැරදි ඉරියව්වක් තමයි උඩුබැලිව නිදා ගන්නා අය නිකට බෙල්ල හරියට නවලා රැලි කරගෙන නිදාගැනීම. කොට්ටේ උස නිසා වැඩිපුර නිකට බෙල්ලට නැමෙනවා. අපි කොට්ට පාවිච්චි කරන්න ඕනේ ඔළුවට නෙමෙයි බෙල්ලට. හිඩසක් තියෙන්නේ ඔලුවත් උරහිසක් අතර බෙල්ල ප්‍රදේශයෙයි. බෙල්ලට හරියන ලෙස සකස් කරපු කොට්ටයක් තියලා බලන්න කොයි තරම් පහසුද කියලා. සැතපෙන බුදු පිළිමවල තියෙන රවුම් කොට්ටය ඔබට මතක ඇති. අන්න ඒ කොට්ටය තමයි බෙල්ලේ හිඩැස පිරවිය හැකි ලෙස සකස් කර ගත හැකි කොට්ට වර්ගය.
හොඳින් මතක තියාගත යුතු කාරණාව තමයි සම රැලි වැටීම ආලේපනයක් පාවිච්චි කරල නැත්නම් රූපලාවණ්‍ය ප්‍රතිකාරයක් කරලා ඉක්මනට සකස් කරගන්න පුලුවන් උනත්, එල්ලා වැටීම පාලනය එතරම් පහසු දෙයක් නෙමෙයි. රූපලාවන්‍යාගාරවල මුහුණේ මාංශ පේශි එල්ලා වැටීම වැලැක්වීම සඳහා විශේෂිත වූ ප්‍රතිකර්ම තිබෙනවා. පෝෂණීය ආහාර වේලක් සහ ව්‍යායාම සමඟ රූපලාවන්‍යාගාර ප්‍රතිකාර කිරීමෙන් මේ තත්ත්වය බොහෝ දුරට පාලනය කරගන්න පුළුවන්.
අපි මුලින්ම බලමු මුහුණේ මාංශපේශී එල්ලා වැටීම. මේක පටන් ගන්නේ බොහෝ විට smile line එක පේන්න ගැනීමෙන් ඒ කියන්නේ කම්මුල එල්ලා වැටීමට පටන් ගන්නවා. තව ඇහිබැම පහතට වැටෙන්න පටන් ගන්නවා. බෙල්ලේ මාංශ පේශි දුර්වල බවක් පෙන්නන්න ගන්නවා. ඒ කියන්නේ නිකට සහ බෙල්ලේ වෙන්වීම ලස්සනට පෙනෙන්නෙ නෑ.
මේ තත්ත්වයට ඔයා දැනටමත් මුහුණ දීල ඉන්නවනම් දුක් වෙන්න එපා මේක හරිගස්ස ගන්න පුළුවන්. මොන වයසක කෙනෙක් වුණත් තියන තත්ත්වයට වඩා ඒක යහපත් කරගන්න පුළුවන් කැප වෙලා වැඩ කළොත්.
ලස්සන තරුණ පෙනුමැති ඇඟක් පවත්වා ගැනීම කියන එක පහසු කාරණාවක් නෙමෙයි. දකින දකින ඒවා කටට දාගෙන ඔහේ ඉඳලා මැජික් එකක් වගේ ක්ෂණිකව ප්‍රතිඵල ගන්න බෑ ලස්සන වෙන්න. රටේ ලෝකෙ අයට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරන අයට මේක ලේසියෙන්ම කරගන්න පුලුවන්.
Healthy diet plan එකක් අනුගමනය කරන්න.
නිසි උපදෙස් යටතේ ව්‍යායාම කිරීමට පටන් ගන්න. ව්‍යායාම කිරීම ගැන වෙනමම කතා කරන්න ඕනේ. ඔන්න දැන් මට ව්‍යායාම කරන්න ඕනේ කියලා එක තැනකට ගිහිල්ලා උඩපැනලා එහෙට මෙහෙට කැරකිලා ප්‍රතිඵල ගන්න හිතන්න එපා. සරලම උදාහරණයක් දෙන්නම්. බෙල්ලේ මාංශ පේශි දුර්වල වීම සහ එල්ලා වැටීම. double chin වගේ පේන එක. මේ සේරම නැති කරන්න පුළුවන් ව්‍යායාමවලින්. හැබැයි හුඟක් අය කරන්නේ යූටියුබ් එකේ ඒ හා සම්බන්ධව තියෙන්නෙ ව්‍යායාමයක් තෝරගන්නවා. ඒකට අදාල වාර ගණන ගණන් කරනවා ඊට පස්සේ එක තැන ඉඳගෙන ඒක කරන්න පටන් ගන්නවා. මාසයක් විතර කරනවා. තත්ත්වයේ වෙනසක් වෙන්නේ නෑ. ඉතින් වැඩේ අත්හරිනවා.
අන්න ඒකයි මම කියන්නේ දැනුවත් කමින් යුතුව ව්‍යායාම කළ යුතු බව. ඒ වගේ ව්‍යායාමයක් කරනවා නම් අනිවාර්යෙන්ම ඊට කලින් ඇඟේ ලේ ගමන වැඩි කරගන්න ඕනේ warm up exercise කරලා. මේ ක්‍රියා පටිපාටියට අඩුම ගානෙ විනාඩි විස්සක් යනවා. තමන්ගේ ලේ ධාතුව රත් වෙලා එහි ගමනාගමනය වැඩි වුණාම තමයි fat burn වෙන්න පටන් ගන්නේ. එතකොට තමයි අපි කියන්නේ තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්ච ගන්න කියලා. Warmup උනාට පස්සෙ මේ ඇඟ අපිට ඕනෑ හැටියට සකස් කර ගන්න පුළුවන්.
තමන්ටම දැනෙනවා ඇඟේ ලේ රත් වෙලා ලේ ගමන වැඩි වෙන බව. ව්‍යායාම අතර විවේකය විනාඩියකට වඩා තියාගන්න හොඳ නෑ. එතකොට warmup බහිනවා. ඇඟ හොඳට උණුසුම් උනාට පස්සේ තමයි ඕනෑම ව්‍යායාමයකට ශරීරය සූදානම් වෙන්නේ. (කෝකටත් foreplaying තිබ්බම හොඳයි නේ ?.)
අන්න ඉන්පස්සෙ ඔයාට පුලුවන් අවශ්‍ය කොටසට අවශ්‍ය ව්‍යායාම ටික පටන් ගන්න. ඩබල් චින් තියන කෙනෙක් නම් ඒකට අදාල ව්‍යායාම ටික අදාල වාර ගණන කළ යුතුයි. තත්පර තිහක් පමණ ඒ අතර වාරයේ විවේක ගනිමින්. මේ විදියට දවසක් ඇර දවසක් මාසයක් කළොත් ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ ව්‍යායාම ටික කරලා ඉවර උනහම warm down කරන්නත් ඕනේ. ඒ කියන්නේ ඇඟේ ලේ ගමනාගමනය ව්‍යායාම කරන්න කලින් තිබුණ තත්ත්වයට අරගෙන තමයි ව්‍යායාම නවත්තන්න ඕනේ. මේවා උපදෙස් නැතුව කරන්න පුළුවන් වැඩ නෙමෙයි.
ඒ අතරේ කෑම වේල් ගුණාත්මක බවින් ඉහළ නංවා ගත යුතුයි.
මම මේ කිව්වේ උදාහරණයක් විතරයිනේ.
ඉතින් ඇඟ ලස්සන කරගන්න අවශ්‍ය ඕනෑම කොටසකට ව්‍යායාම කරලා තමන්ට ඕනෑ හැටියට ඒවා හදාගන්න පුළුවන්.
හිටි ගමන් මතක් වෙලා කණ්නාඩිය ඉස්සරහට දුවලා ගිහිල්ලා ව්‍යායාම කළා කියලා පලක් වෙන්නේ නෑ. අපිට අදාල තැනට අරමුණු කරගෙන තමයි ව්‍යායාම කරන්න ඕනේ.
ගොඩක් මහත කෙනෙක් නම් අදාල මට්ටමට හිමි හිමින් බර අඩුකර ගත්තට පස්සේ muscles tone කරන්න පටන් ගන්න පුළුවන්.
ඉතින් බර අඩු කරගන්න අවශ්‍ය අය ඉන්නවනම් අපි ලබන සතියේ ඉඳන් පටන් ගමු healthy diet plan එකක්. මම සතියේ මැද්දෙදි කරන්න ඕන දේ පැහැදිලි කරලා ලිපියක් දාන්නම්. ඒ අතරේ බර අඩු කරගන්න අවශ්‍ය අය ඉන්නව නම් මේකට කමෙන්ට් කරන්න. දැනට තියෙන බර සහ තමන්ට ළඟා වෙන්නට කැමති බර ප්‍රමාණය දක්වලා.
ඉතින් මාංශපේශී එල්ලා වැටීම ගැන තවදුරටත් කතා කරන්න ගොඩාක් කාරණා තියෙනවා නමුත් ලිපිය දික් වෙන නිසා මම අදට මෙතනින් නතර කරනවා ඉදිරි ලිපි වලින් තව තොරතුරු දෙන්න බලාපොරොත්තු වෙමින්.
අපේ anti-aging ඇල්බම් එක

(Beauty Secrets with Rapunzel)