Saturday, April 20, 2024
Follow Us
සම මත ඇති වන ඇති වන කැලැල්   Acne scars

✔️කුරුලෑ කියන තත්ත්වයට බරපතළ ලෙසින් මුහුණ දුන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඒ කුරුලෑ නිසා මුහුණේ ඇතිවුන තුවාල කැලැල්. කැළැල් සහ පැල්ලම් කියන්නේ දෙකක්. පැල්ලම සම මතුපිටින් තද පාටින් පෙනෙන අතර කැලැල් සම තුළට කා වැදී වලක් ලෙස පේනවා.


✔️ මෙවැනි කැලැල් නොයෙකුත් අනතුරු නිසා ද ඇති වෙනවා. කොහොම උනත් තියෙන ප්‍රශ්නය තමයි පැල්ලම් සුව කරන්න පුළුවන් වුණත් මේ කැලැල් සුව කරන්න හරිම අමාරුයි. හැබැයි දැන් නවීන විද්‍යානුකූල තාක්ෂණික ක්‍රම වලින් බොහෝ දුරට 75% විතර ඒ කැළැල් මකන්න පුලුවන්. ගොඩක් රූපලාවණ්‍ය සමූහ වල මම දැකලා තියෙනවා කැලැල් මකා ගන්න ක්‍රමයක් නැද්ද කියලා ඇහුවම නොයෙකුත් ක්‍රීම් වර්ග ඒ සමූහ වල ඉන්න අය නිර්දේශ කරනවා . මගේ අත්දැකීම නම් කවදාවත් cosmetic ක්‍රීම් එකකින් කැළැල් මකන්න බැහැ .
✔️මුහුණේ ඇති වන කැළැල් ගැන කතාබහ කිරීමේදී කුරුළෑ කැළැල් (Acne scar) විශේෂ කතාබහකට ලක්විය යුතු දෙයක්. කුරුලෑ ඇති වීමට හේතු සහ ඒවාට කළ යුතු ප්‍රතිකර්ම ගැන අපි කලින් ලිපියක කතා කරල තියනවා. මෙම ලප කැළැල් මුහුණ හා ලැම පෙදෙසේ බහුලව ඇති වෙන්න පුළුවන්. මෙම ලප කැළැල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්
1.සම තුළට ගිලුනු කැළැල් - Depressed
2.සම මතින් ඉහලට එසවුන කැළැල් -Elavated
සම තුළට ගිලුණු කැළැල් වර්ග ප්‍රධාන කොටස් 03 ට බෙදා වෙන් කළ හැක.
⭐️අයිස් පික් ස්කාර් -Ice pick scar
මතුපිට පලල්ව ඇතුලට යනවිට සිහින් වන කුඩා තියුණු ගැඹුරු කැළැල් වේ.
⭐️රෝලින් -Rolling
දෙපසින් යොදන මද පීඩනයකින් විශාල කළ හැකි තරංගාකාර කැළැල් වේ.
⭐️බොස්කාර් ස්කාර් - Boxcar scar
මතුපිට හා ඇතුළත එකම ප්‍රමාණ පළලින් යුක්ත නොගැඹුරු කැළැල් වේ.
මෙහිදී බොහෝවිට සිදු වන්නේ උඩු හම හෙවත් අපිචර්මය මගින් ,යටි සම හෙවත් චර්මයට තන්තුමය කොටස් මගින් ඇදීමකට ලක්වීමයි. මෙහි ඇති තන්තුමය කොටස් කැපීමකට ලක් කිරීමෙන් පමණක් කැළැල් පිරවිය හැක.
2.සම මතින් ඉහලට එසවුන කැළැල්- Elavated
සම මතින් ඉහලට එසවුන කැළැල් වර්ග ප්‍රධාන කොටස් 03ට බෙදා වෙන් කළ හැක.
⭐️හයිපර් ට්‍රොපික් - Hyper trophic
පලු හා ගෙඩි ආකාරයට සම ඉහළට වැඩෙන ගෙඩි. මෙය බහුලව ආසියාතිකයන් අතර දැකිය හැකි තත්වයකි.
⭐️කීලොයිඩ් - keloid
පපුව හා පිට ප්‍රදේශයේ ඇතිවන පලු හා
ගැට ආකාරයට මේවා ඇති වේ.මෙම ගැට මුහුණේ උවද ඇතිවිය හැක.
⭐️බ්‍රිජින් ස්කාර් ඇන්ඩ් සයිනස් ට්රැක්ට් -
Bridging scar & sinus tract
එකිනෙක සමතුළින් සම්බන්ධව පවතින තත්වයකි. මෙය ඉතාමත් කළාතුරකින් ඇතිවිය හැක. ඇතැම්විට සැරවද පිට වේ.
✔️✔️කුරුළෑ ලප කැළැල් සදහා ප්‍රතිකාර
⭐️ආලේපනය කිරීමට සුදුසු ක්‍රීම් වර්ග
බොහෝවිට ඖෂධ වර්ග පිළිබදව කථාබහේදී සමේ ගැල්වීම සදහා (ක්‍රීම්) ආලේපන වර්ග නියම කරනු ලබයි.
රෙටිනොයිඩ් අඩංගු ක්‍රීම්
?කෝජික් ඇසිඩ් (kojic acid)
?ඇඩපලෙන් (Adapalene)
?හයිඩ්‍රොක්‍යුන් (Hydroquin)
?ටැසරොටෙන් (Tazarotene)
?ගයිකොලික් ඇසිඩ් (Glycoloic Acid)
?ඇසලෙයික් ඇසිඩ් (Azelaic Acid)
️කිරණ මගින් කරනු ලබන ප්‍රතිකාර
(No ablative lasers/radio frequency/light therapy)
?මෙය සාර්ථක ක්‍රමයකි.මෙහිදී පිටතින් ආලේප කරනු ලබන ක්‍රීම් වර්ග වලටවඩා හොදින් සමේ ඇති කැළලේ අභ්‍යන්තරයට ගොස් තන්තු කඩා දැමීම සිදු වේ.
?සිලිකන් ජෙල් හා ෂීට්ස්
(Silicon gel & sheets)
මෙම ක්‍රමය වෛද්‍ය විද්‍යාත්මකව 90% පමණ සාර්ථක ක්‍රමයකි.මෙය දවල් හා රාත්‍රී කාලය යන ඕනෑම විටක භාවිතා කළ හැකිය.මෙමගින් සමේ තෙතමනය ඇති කර කැළැල් පවතින ස්ථාන වලට හිදින් රුධිරය සැපයීම හා අලුතින් කොලැජන් තැන්පත්වීම මගින් කැළැල් නැතිවී යයි.මෙමගින් මාස 2-4 පමණ කාලයකදී සාරතක ප්‍රථිඵල ලබාගත් හැක.
?සබ්සිශන්
(Subcision)
මෙහිදී සිදුකරනු ලබන්නේ ඉදිකටුවක් වැනි කටුවක් සම තුළට යවා එමගින් තන්තුමය කොටස් කපා ඉවත් කිරීමයි.රෝගියාගේ සමේ ලප කැළැල් පවතින ප්‍රදේශය මෙසේ කිරීමට පෙර හිරිවට්ටවනු ලැබේ. මාස කිහිපයක් යන තුරු යන තුරු මුහුණේ ඉදිමුණු රතු වූ ස්වභාවයක් මෙම ප්‍රදේශ වල දකින්නට පුළුවන්.
?කෙමිකල් පීලින්
(Chemical peels)
මෙහිදී රසායනික ද්‍රව්‍ය ගැල්වීම මගින් සමේ පෝෂණය වැඩි දියුණු කීරීම හා මෘදු කිරීමක් සිදු කරනු ලබයි.එලෙස සමේ සිවියක් ආකාරයට ඇලවූ රසායනික ද්‍රව්‍ය ගලවා දමනු ලැබේ.එමගින් සමේ මැරුණු සම ඉවත් වී කැළැල් මැකී යාමක් සිදු වේ. මේ සඳහා මට පෞද්ගලික අත්දැකීම් ඇත. කැලැල් ඉවත් විමට කාලයක් ප්‍රතිකාර කළ යුතු වුණත් කුලය නිසා හටගත් පැල්ලම් වාර දෙක තුනක දී ඉවත් වී යයි. ඉතාමත් සාර්ථක සංසන්දනාත්මකව වියදම් අවම ප්‍රතිකාර ක්‍රමයක්
?ටී.සී.ඒ.කරොස් ටෙක්නික්
(T.C.A.Cross technique)
මෙහිදී ටූත්පික් එකක් ආධාරයෙන් රසායනික ද්‍රව්‍ය මෙම කැළැල් වලට ආලේප කරනු ලබයි.
?මයිකොඩර්ම්බරෙෂන්
(Microdermbrasion)
මතුපිට සම සියුම් ආකාරයට ඉවත් කරනු ලබයි. මෙය සැත්කමක් නොව නමුත් විශේෂිත උපකරණයක් මගින් සිදුකරනු ලබන ක්‍රියාවලියකි. මෙම කුඩා උපකරණයේ ඇති විදුළි බුබුලක් මගින් සමේ කොලජන් හා ඉලස්ටික් තට්ටුව ප්‍රාණවත් හා පෝෂණය කරනු ලැබීම මගින් කැළැල් මැකී යනු ඇත.
මගේ රූපලාවන්‍යාගාරය තුළ මෙම ප්‍රතිකාරය සිදුකරන නිසා මගේ අත්දැකීම නම් මෙම ප්‍රතිකාර වාර 10 ක දී ඉතාමත් හොඳ ප්‍රතිඵලයක් මුහුණේ දකින්න පුළුවන්. සති දෙකෙන් දෙකට වාර දහයක් නොකඩවා කළ යුතුයි. ඉන්පසු මාසයකට වතාවක් කිරීමෙන් ප්‍රතිඵල සාර්ථක වේ. ප්‍රතිකාරය කළ මුල් දවස් කීපයේදී මුහුනේ රතු වීමක් දකින්න පුළුවන් වුණත් එය තාවකාලිකයි. එමෙන්ම මෙම ප්‍රතිකාරය මුහුණේ පැහැපත් වීමට, සඳහා ද යොදා ගනී.
?ෆිලර්ස්
(Fillers)
කැළැල් පිරවීමක් සිදු කරනු ලබයි.
?ඉන්ට්‍රර්ලෙෂනල් ස්ටීරොයිඩ්ස්
(Intralesional steroids)
මෙහිදී එම කැළැල් තුළට එන්නතක් ලබා දෙනු ලැබේ.
?ෆ්රැක්ෂනල් ෆොටෝතෙරමොලිසිස්
(Fractional photothermolysis)
හිරිවැට්ටීම මගින් Box scar කැළැල් කපා ඉවත් කර නැවත මැසීමක් සිදු කරනු ලබයි.
✔️මෙම ලිපිය මම සකස් කළේ වෛද්‍ය අජිත් කන්නන්ගර මහතාගේ ලිපියක් ආශ්‍රය කරගෙනයි. මෙම ප්‍රතිකාර හැම එකක් පිළිබඳවම මට පෞද්ගලික අත්දැකීම් නැති නිසා මේවා කරන්නට බලාපොරොත්තු වෙනවානම් ඔබේ වෛද්‍යවරයා සමග මේ ගැන හොඳින් සාකච්ඡා කරන්න. සමහර ප්‍රතිකාර ක්‍රමවලදී මුහුණ ඉදිමීම රතුවීම ගොඩක් කාලයක් තියෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් ඒවා ගැන වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න.
✔️කැළැල් ඉක්මනට හොඳ කරන්න බැහැ . කාලයක් යනවා වගේම අධික වියදම් සහිත ක්‍රියාවලියක්. ඉතින් මේවාට ප්‍රතිකාර කරන්න පටන් ගන්න ඕනේ ඔයාට මුදල් වියදම් කිරීමේ හැකියාව තියෙනවා නම් තමයි. අනික දෙයක් සාකච්ඡා කරලා විස්තර දැන ගන්න බැරි වෛද්‍යවරුන් සමග ඔබ ගණුදෙනු කරන්න යන්න එපා. මේ ඕනෑම ප්‍රතිකාර ක්‍රමයක නම internet එකේ search කරලා ඔයාට විස්තර බලා ගන්න පුළුවන්.
✔️මේ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් සතියට දෙතුන් වතාවක් හොඳ scrub එකක් පාවිච්චි කරලා මේ ලිපියේ මුලින්ම සඳහන් කරපු ආලේපනයක් දීර්ඝ කාලීනව පාවිච්චි කිරීමෙන් මේ තත්ත්වය තත්වය අවම කරගන්න බැරි වෙන එකක් නැහැ.

(Beauty Secrets With Rapunzel)