Friday, April 26, 2024
Follow Us
Folic Acid
 
ගොඩක් අය දන්නවා ඇති මේ මොකද කියලා .
නොදන්න අයගෙ දැනගැනීම පිනිස කියන්නම්
අපෙ ශරීරය අවශ්ය විටමින් වර්ග වලින් B vitamin වලට අයත් විටමිනයක් තමයි folic acid කියන්නේ හරියටම කිව්වොත් vitamin B9.
මෙක ස්භාවික ආහාර වල තියනවා අලිගැටපේර ,නිවිති , කොල පැහැ එලවලු කඩල රතු හාල් මෙවගෙ ගොඩක් කෑම වලින් මෙක අපිට හම්බෙනවා.
මෙවා හැබැයි ගුණ හානි නොවන විදියට පිලියල කරොත් තමයි අවශ්ය පොශන ද්රව්ය ශරීරය ලැබෙන්නේ . folic acid වල ප්රයෝජන කාන්තා පුරුෂ දෙගොල්ලටම තියනවා
?අලුත් සෛල සැදීම
? තිබෙන සෛල වල ආරක්ෂාවට
?රතු රුධිරාණු හා සුදු රුධිරාණු නියමිත ලෙස පවත්වා ගැනිම
? ඇමයිනෝ අම්ල සංස්ලේෂණයට දායක වීම
? හිමොග්ලොබින් වල යකඩ ප්රතිශතය පවත්වා ගැනීමට සහයවීම
? ප්රතිශක්තිකරණ ඉහල දැමීම
? පිලිකා සෛල ඇතිවීම අවම කරීම
?හදවත් රොග අවම කිරීම
?depression අවම කිරීම
? මතක ශක්තිය වැඩි කිරීම
?හම රැලි වැටිම අඩු කිරීම
මීට අමතර folic අනිවාර්යයෙන් අවශ්ය වෙන්නෙ අම්මලා වෙන්න බලාපොරොත්තු වෙන කාන්තාවන්ට .
ගර්භණී වෙනන අඩුම මාස 3 ට පෙරවත් folic ගන්න ඔන මොකද මෙක
දරුවගෙ මොලෙ හා ස්නායු පද්ධතියේ විකෘතිතා ඇතිවීම වැලැක්වීමට folic අත්යවශ්යයි . ( කලලයෙ මුල් මාස 3 වන විදියට මොලය හා ස්නායු පද්ධතිය නිර්මාණය වෙලා නිසා folic ගැබ් ගැනිමෙන් පසු ගැනිම ප්රමාණවත් මදි)
ගැබිනි මවට මෙන්නම කිරි දෙන මව් වරුනටත් නිරක්තිය ඇතිවීම වලකාලීමට වැදගත්.
folic acid මදි උනත් දරුවෙක් කශෙරුකාවෙ ස්නායු පද්ධතිය ආබාධ ඇති වෙන්න පුලුවන් .
සමහර විට හිස් කබලෙ වර්ධනය සම්පුර්ණයෙන් නතින්න පුලුවන්. ගබ්සා වෙන්න ඉඩ වැඩි.
දරුවන් ඉපදුනම මානසික ආබාධ .
ප්රතිශතති ඌණතා
රත්තහිනතාවය එන්න පුලුවන් මෙක දරුවට සහ අම්මට දෙන්නටම බලපාන තත්ත්වයක් .
ඉතින් බඩට මාස 6 විතර අම්මලා ඇවිත් folic බොන්නම ඔනද මොනා උනත් ඇසිඩ් එකකෙන් කියලා අහද්දි අපිට ඔලුවෙ අත් ගහ ගන්න තමයි වෙන්නෙ.
දැන් මෙක කියවන් අය හිතයි මෙයා මොනාටද ඔවා අපිට කියන්නේ කියලා
ඔබ කාන්තාවක් නම් ,
වැඩියට පැමිනිලා තියනවා නම් මේ folic acid අනිවාර්යයෙන් ගන්න . ඔසප් වීමෙදි රුධිරය පිටවෙන නිසා නිරක්තිය ඇතිවීම වලක්වනවා හා සංකුලතා අවම කරනවා.
18 - 55 අතර කාන්තාවක් folic ගනන් අවශ්යයි
මෙන්සස් නතර වෙනකොට එන සංකුලතා අඩු කරනවා .
B9 ජල ද්රවි ඒ නිසා වැඩි ප්රමාණය මූත්රා සමඟ පිටවෙනවා table විදියට ගන්න පුලුවන් මාසෙටම රුපියල් 100ක් යයි ඒ ටිකට . ගර්භණී අයට නම් නොමිලේ හම්බෙනව සායන වලදි.
සාමාන්ය කෙනෙකුට දවස එක පෙත්තක් ප්රමාණවත් .
ඒ වගෙම විශේෂ අවස්තා කිපයක් තියනවා වෛද්ය නිර්දේශ අවශ්ය
ඔබ දියවැඩියාව වකුගඩු රොගකයකින් අපස්මාරය කියන රොග තත්ත්වයක් තියනවා නම් වෛද්ය උපදෙස් වලට අනුව folic acid ගන්න.
එහෙම නැති සාමාන්ය කෙනෙක් නම් folic table එකක් ගන්න අවශ්ය ප්රමාණය අවශෝෂණය කරගෙන ඉතිරිය මූත්රා සමඟ ඉවත් වෙනවා.