Wednesday, April 24, 2024
Follow Us
 Under arms darkness

▶️කිහිලි යට අවපැහැ වීම සහ දුර්ගන්ධය යන කාරණා දෙක එකට ගමන් කරන දෙකක්. මොනවා හරි කරලා දුර්ගන්ධය නැති කර ගත්තත් මේ අවපැහැ වීම අයින් කර ගන්න ගොඩක් අමාරුයි. ඔයාලා අවබෝධ කරගත යුතු ප්‍රධානම දේ තමයි මේක එක පාරට සිද්ධ වෙන දෙයක් නොවන බව. මේක කාලයක් තිස්සේ හිමින් හිමින් සිද්ධ වෙන දෙයක්. මොන හේතුවකට මේක ඇති වෙන්න පටන් ගත්තත් මේක වැඩි වෙන්නේ නම් ඔයාලගේ නොසැලකිල්ල නිසාමයි.


▶️මම මගේ ඇඟේ පිරිසිදුකම ගැන ගොඩාක් හිතන කෙනෙක්. ඒ කියන්නෙ හැමතිස්සෙම වතුරෙ බැහැගෙන ඉන්නව නෙමෙයි. පාසැල් කාලයෙන් පස්සේ මේ වෙනකල් ලොකුවට අසනීප නොවුනොත් මම දිනපතා නාන කෙනෙක්. නෑවට පස්සෙ දිනපතා මුළු ඇඟේම බොඩි ක්‍රීම් ගාන, නැවත නින්දට කලින් ඇඟ සෝදන කෙනෙක්. ඔය අතරවාරේ මම බලනවා මගේ ඇඟේ අවපැහැවීම් ඇති වෙනවාද කියල විශේෂයෙන් කිහිලි, ඉකිලි සහ තට්ටම් ආශ්‍රිතව. සාත්තු කිරීමේ සහ හොඳින් නඩත්තු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට බොහෝ අයට සාපේක්ෂව මගේ සිරුරේ අවපැහැ වීම අඩුයි.
▶️නමුත් ඇතැම් අවස්ථා තියෙනවා කොයිතරම් පිරිසිදුව හිටියත් කොයිතරම් බලාගත්තත්, නඩත්තු කලත් මේ අවපැහැවීම ඇතිවෙන. ප්‍රධාන වශයෙන් කිහිලිවල අවපැහැවීම අපිරිසිදු කම කියන කාරණාව අත්හැරියොත්, තරබාරුව සහ නොයෙකුත් රෝගාබාධ නිසාත් ඇති වෙනවා. ඉතින් ලෙඩේට ප්‍රතිකාර කරන්න කලින් හැමදාම වගේ අපි බලමු මේ තත්ත්වය ඇතිවීමට හේතු මොනවාද කියලා.
? ප්‍රධානම දේ පිරිසිදු කම සහ නඩත්තුව කියල මම කිව්වනෙ. එක පාරක් දහදිය දැමූ ඇඳුමක් නැවත කොයි විධියකින්වත් නොසෝදා ඇඟට දාගන්න එපා. ඒක ඔයාට සුවඳ උනාට අපිට ගඳයි. යට ඇඳුම් අවපැහැ වීගෙන එනකොට පරණ වීගෙන එනකොට අයින් කරන්න. අලුත් ඒවා ගන්න. එක පාරක් ඇන්ද එකක් හෝදන්නෙ නැතුව ආයෙ අදින්න එපා. පිරිසුදු සහ පිළිවෙළ සහිත යට ඇදුම් කෙනෙක්ගේ ආත්ම අභිමානය වැඩි කරවනවා.
? ඇඟ පිරිසිදු කරනකොට මේ ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන්න. ඒ කියන්නේ පණ දාගෙන අතුල්ලන්න කියලා නෙමෙයි. පිරිසිදු කරලා හොඳ body cream එකක් අත යට ගාන්න. විනිවිද පේන ඇඳුමක් නෙමේ නම් ගොඩක් අත් යට දහදිය දමන කෙනෙකුට පුළුවන් panty liners පාවිච්චි කරන්න. මේවා සුපිරි වෙළඳ සැල් වල ගන්න තියෙනවා. එතකොට අඳින ඇඳුමට දහදිය ගෑවෙන්නේ නැහැ.
? ගොඩක් දහදිය දමන කෙනෙක් නම් අත් යට රෝම ඉවත් කර ගන්න. එතකොට පිරිසිදු කිරීම ලේසියි. මේකට සුදුසුම ක්‍රමය wax කිරීමයි. රේසර් භාවිතයෙන් සිදුකරන ඉවත් වීම නැවත වැවෙනකොට මැදින් කැපිල ගිය කොටස නිසා වැවෙන්නේ ගනකමටයි. අනික දවසක ඔයා රේසර් එකේ brand එක වෙනස් කලොත් සංකූලතා ඇති වෙන්න තමයි බොහෝවිට නිෂ්පාදකයින් රේසර් හදන්නේ. ඒ වගේම නිතර නිතර shaving කිරීම නිසා කිහිලි ආශ්‍රිත සමේ පිග්මන්ටේෂන් සෛලවල අසාමාන්‍ය වර්ධනයක් ඇතිවිය හැකියි. sanitary pads වලත් කාරණාව එහෙමයි . පාවිච්චි කරන වර්ගය වෙනස් කළොත් allergies ඇති වෙන්න ඉඩකඩ වැඩියි.
? ඔබ නොයෙක් කෘතිම සුවඳ කාරක අඩංගු දහදිය වලකන ආලේපන ඔබේ කියන ප්‍රදේශයේ ආලේප කරන කෙනෙක් ඒවා නිසාමත් එම ප්‍රදේශයේ අඳුරු පැහැ ගැන්විය හැකියි. මගේ ජීවිතේ කවදාවත් ඒවා පාවිච්චි කරලා නැති කෙනෙක්. ඒ වෙනුවට මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න කියලා මම ඔයාලට යෝජනා කරනවා. එහෙමත් නැත්නම් තත්වයෙන් උසස්, කෘතිම සුවඳකාරක නැති දහදිය වලකන ආලේපනයක් තෝරා ගැනීම සුදුසුයි.
https://www.facebook.com/groups/1976549422649790/permalink/1981974535440612/
? ඊළඟ ප්‍රධාන කාරණාව දියවැඩියාව රෝග තත්ත්වය. ඉතින් මේකට නිසි විදිහට කෑම පාලනය කරලා ප්‍රතිකාර ගන්න ඕනේ. මම දකින මේ තත්වෙන් පෙළෙන රෝගීන් ගොඩාක් අය කරන්නේ පැණි රස කෑම, පිටි කෑම හොඳට කාලා බේත් පෙත්ත බීලා තත්ත්වය සමනය කරගන්න එකයි. ඒක මම හිතන්නේ නැහැ සාර්ථක ක්‍රමයක් කියලා. අපේ ඩයට් ප්ලෑන් එකෙන් මේකට හොඳ විසඳුමක් ලැබෙයි කියල මම හිතනවා. මොකද ඒකෙ පිටි කෑම, සීනි සහ සීනි සහිත ආහාර අවමයි. බඩගින්නෙ ඉන්න දේකුත් නෑ. හොද කෑම හොඳට කන්නයි තියෙන්නේ. අපි කොහොමත් හරි දේ හරි විදියට කරන්න උත්සාහ කරන රූපලාවන්‍ය සමූහයක්.
? අනිත් එක තමයි හෝමෝන බලපෑම. ඩිම්බ කෝෂවල නොමේරූ ඩිම්බ ඇති වීමේ තත්වයක් (pcos ) නිසා හෝමෝනවලට බලපෑම් එල්ල කරනවා. ඉතින් මේකත් ප්‍රතිකාර අරගෙන පාලනය කරගත හැකි තත්ත්වයක්. මේ ගැන අපි ලිපියකින් කතා කරලා තියෙනවා.
? උපත් පාලන පෙති පාවිච්චිය. මේක කෙලින්ම හෝමෝන වලට බලපෑමක් එල්ල කරන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් එතකොටත් බෙල්ල කලු වීම, කිහිලි යට කලු වීම් ඇති වෙන්න පුළුවන්. මෙහෙම තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණොත් වෙනත් උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කිරීමයි සුදුසු. ඔබේ වෛද්‍යවරයාගෙන් ඊට සහාය ලබාගන්න. මොකද කිහිලි වල දුගඳ සහ අව පැහැය නිසා ඔබේ සහකරුවාට ඔබ කෙරෙහි ප්‍රසන්න හැඟීමක් ඇති වීම කියන කාරණාව උපත්පාලනය සදහා පෙති බීමට වඩා ඔබට වැදගත් වේවි.
? ඊළඟට ආරය. ඔබේ සමීපතම ඥාතියෙකු ට මේ තත්ත්වය ඇත්නම් ඔබටත් එය වැළඳීමේ හැකියාව වැඩයි. මෙතැනදී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සුදුසු පියවරවල් අනුගමනය කිරීම සඳහා ඔබ දැනුවත් විය යුතුයි. අප්‍රිකානු සම්භවයක් ඇති අයගේ මේ තත්ත්වය දකින්න පුළුවන්.
? ශරීරයේ පිළිකා තත්වයක් ඇති විටත් මෙසේ කිහිලි කළු විය හැකියි. මෙහි සදහන් කරන අනෙක් හේතු එකක් වත් නැත්නම් ඔයාලා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන එක නුවණට හුරුයි.
? සාමාන්‍යයෙන් පැහැපත් කෙනෙකුට වඩා පැහැපත් බවින් අඩු කෙනෙක්ගෙ කිහිලි කලු වෙන ප්‍රවණතාවය වැඩියි. ඒකට හේතුව හැටියට මම හිතන්නේ සමේ පාට කොහොමත් අඩු නිසා ඒක කල් තියා අදුනගන්න බැරි වීම කියලයි. කොහොම උනත් මේ සදහා ප්‍රතිකාර විධි කිහිපයක් ම තියනවා.
? නිතරම හොඳ moisturizer එකක් ආලේප
කිරීම.
? වෛද්‍යවරයෙක් නියම කරන ලද ඖෂධීය
ආලේපනයක් පාවිච්චි කිරීම.
? ලේසර් ප්‍රතිකාර වලට යොමු වීම.
? chemical peeling සඳහා යොමු වීම.
? lemon juice , sea cucumber extract ආදිය
ආලේප කිරීම.
? ඇතැම් විට ඔබේ වෛද්‍යවරයා
අවශ්‍යතාවය අනුව ගිලින පෙති පවා නියම
කළ හැකියි.
කොහොම උනත් මේ ලිපිය කියවීමෙන් පස්සේ ඔයාලට තේරෙන්න ඕනේ මේ සඳහා හොඳම විසඳුම තියෙන්නේ සමේ රෝග හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ළඟ බව.
මගේ අනතුරු හැඟවීම නම්, ඔබේ සහකරු හෝ සහකාරිය නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් ඔබ සමඟ ඇති සමීප සම්බන්ධතා මඟහරිනවා නම්, අවපැහැගැන්වූනු, දුගද හමන අත් යට ප්‍රදේශය ඊට හේතුවක් විය හැකියි.

(Beauty Secrets with Rapunzel)