Friday, April 26, 2024
Follow Us
Anti aging part 1

Wrinkles (සම රැලි වැටීම )

Anti aging ?
මොකක්ද මේකෙ තේරුම
වයසට යනවාට විරුද්ධව ???
එහෙම විරුද්ධ වෙන්න පුළුවන් ද ?
වයසට යන එක වලක්වන්න පුළුවන් ද?
ඊට එරෙහිව මොනවද අපිට කරන්න පුළුවන් ?
මුකුත් නෑ. වයස යනව... අපිට ඒක නවත්තන්න බෑ. විරුද්ධ වෙලා වැඩකුත් නැහැ.
එහෙනම් මොකක්ද මේ anti aging ???
වයසට යන එක අපි කැමති උනත් අකමැති උනත් බාරගන්න සිද්ධ වෙන දෙයක්. නමුත් ඒ වයස බාහිරට පේන එකට අපි කැමති ද ?. මෙහෙම කිව්වහම සමහර අය කියනවා අනේ අපි නම් වයස යන එක සතුටින් බාරගන්නව වගේම ඒ පෙනුම සඟවන්න හදන්නෙත් නෑ කියල. එහෙම උදාන වාක්‍ය කියන අයත් ඉන්නව. ඒ අය gracefully වයසට යනව කියල තමා කියන්නෙ. මම හිතන්නෙ නෑ තමන් වයස උනත් ඊට අඩු පෙනුමක් මිසක් වයසට වඩා වැඩි පෙනුමක් තමන්ගෙන් පේනවට මේ සමූහයේ ඉන්න කවුරුත් කැමති ඇති කියල. එහෙම අය ඉන්නව නම් leave group option එක දැන්ම ඔබල bye කියල යන්න.
ඉතින් වයසට යාමේ පෙනුම අපේ ශරීරයෙන් සහ මුහුණෙන් පෙන්වන ප්‍රධානම සාධකයක් තමයි මේ සම රැලි වැටීම. අපි හැම කෙනකුගේම බලාපොරොත්තුවක් තමයි ආකර්ෂණීය, ප්‍රිය මනාප, පිරිසිදු සොඳුරු රුවක හිමිකාරයන් වීම. ඉතින් ඒකට බාධා ගෙනදෙන ලොකුම සාධකයක් තමයි මේ සම රැලි වැටීම. මේක ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව සිදුවෙන දෙයක්.
ප්‍රශ්නය තියෙන්නේ සමහර අය අවුරුදු පනහක් හැටක් ගිහිල්ලත් සම රැලි වැටීම ඉතා අවමයි. සමහර අයගේ ඒක අවුරුදු 20ට කලින් ඉදලම පටන් ගන්නවා. ඉතින් මේ සම රැලි වැටීම ඉක්මන් වීමට බලපාන හේතු මොනවද කියලා අපි බලමු.
හැමදේටම වගේ මේකටත් බලපාන ප්‍රධානම සාධකය තමයි ජාන. තරුණ පෙනුම දීර්ඝ කාලයක් රඳා පවත්වා ගැනීමට මේ ජානමය උරුමයන් සෑහෙන්න දුරට බලපානවා.
Progeria කියන රෝගාබාධය නිසාත් අඩු වයසේදී සම රැලි වැටීමට ලක් වෙන්න පුළුවන්.
මේවා තමයි සම රැලි වැටීමට බලපාන අභ්‍යන්තර සාධක.
බාහිර සාධක ලෙස සූර්යාලෝකය, වායුගෝලීය දූෂණය, ආතතිය, දුම්පානය සහ ඇල්කොහොල් භාවිතය, අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම සහ නිසි පෝෂණයක් නොලැබීම, ප්‍රධාන වශයෙන් සඳහන් කරන්න පුළුවන්.
අපේ සම සෑදී තිබෙන්නේ අපිචර්මය ( Epidermis), චර්මය (Dermis ) සහ කොලජන් යන කොටස් තුනකින්. අපි වයසට යනකොට මේ කොටස් තුනටම බලපෑම් එල්ල වෙනවා. අපිචර්මය සහ චර්මය තුනීවී ඉන්පසු ඊට සම්බන්ධ පටක තුනී වීමට පටන් ගන්නවා. එවිට මෙම කොලජන් තට්ටුවත් තුනී වීමට පටන් ගන්නවා. සමේ ඇදුන තද ගතිය පාලනය කරන ඉලාස්ටින් තට්ටුවත් තුනී වෙන්න පටන් ගන්නවා. රැලි වැටීමට හේතුව මෙයයි. සාමාන්‍යයෙන් ශරීරය කෙට්ටු කෙනකුගේ සමට වඩා මහත කෙනකුගේ සම බොහෝ ඉක්මනින් රැලි වැටුණු ස්වභාවයක් දිස් වෙනවා.
කොලජන් සහ ඉලාස්ටින්වලින් තියෙන ප්‍රයෝජනය අපි මීට කලින් ලිපිවල සඳහන් කළා. මේ ලින්ක් වලට ගිහිල්ලා ඒ ලිපි කියවන්න.
https://m.facebook.com/groups/1976549422649790/permalink/2109850139319717/
සූර්යාලෝකය මේ ලොව පාලනය කලත්... ඊට නිරතුරු නිරාවරණය වීම ඔබේ රූපය අවලස්සන වීමට බලපාන ප්‍රධාන සාධකයක්. හිරු එලියේ නිතර ගැවසෙන කෙනෙක් සහ ඉන් ආරක්ෂා වෙලා ඇතුලේ ඉන්න කෙනෙක්ගේ සමේ ලොකු වෙනසක් තිබෙනවා. මොකද හිරු එළියෙන් ආරක්ෂා වීමට අපේ සම සැකසෙන නිසා එය රළු සහ අඳුරු ස්වභාවයක් ගන්නවා. මෙය ඉතා අවලස්සන ස්වභාවයක්. සමේ වලගොඩැලි පවා ඇතිවිය හැකි තත්ත්වයක්.
ආසියාතික අපට ස්වභාවයෙන්ම හිරු එළියෙන් ආරක්ෂාවීම සඳහා යුරෝපයේ මිනිසුන්ට වඩා සමේ මෙලනින් ප්‍රමාණය වැඩිපුර දායාද වෙලා තිබෙනවා. හිරු එළියෙන් හොඳ ආරක්ෂාවක් ස්වාභාවිකවම අපිට ලැබෙන නිසා සාපේක්ෂව අපේ සම රැළි වැටීම අඩුයි යුරෝපයේ අයට වඩා. ඉතින් හිරු කිරණින් සම ආරක්ෂා කර ගැනීමට තමන්ට ගැලපෙන උසස් තත්ත්වයේ හිරු ආවරණ සහිත ආලේපයක් පාවිච්චි කිරීමට ඔබ නිරතුරු වගබලා ගත යුතුයි. පහත සඳහන් ලිපි සහ ඒවායේ කමෙන්ට් කියවා බලන්න.
https://m.facebook.com/groups/1976549422649790/permalink/1986020391702693/
සමේ රැලි වැටීම මුලින්ම පටන් ගන්නෙ මුහුණෙන් සහ බෙල්ලෙන්. ඇස දෙපස, කට දෙපස, නළල මැද, බෙල්ල ඉන්පසු පපුව සහ අත්ල මූලිකවම රැලි වැටෙන ස්ථානයි.
මත්පැන් සහ දුම්පානය වැනි දේවල් වලට ඇබ්බැහි වූ අයගේ සම ඉතා ඉක්මනින් රැලි වැටෙන ස්වභාවයක් ගන්නවා ඒවායේ තියෙන අහිතකර රසායන ද්‍රව්‍යයන් නිසා.
සමේ ඇති රැළි ස්වභාවයන් අනුව කොටස් තුනකට බෙදෙනවා .
Fine Wrinkles
මෙම තත්ත්වය මූලිකම අවස්ථාවයි. මේවා සාමාන්‍යයෙන් මුහුණ බැලීමේදී නොපෙනෙන අතර, සිනාසීම වැනි මස්පිඬු ඇදෙන අවස්ථාවන්හිදී හොදින් දිස් වේ.
Moderate Wrinkles / Medium Wrinkles
මෙම තත්ත්වයද වයස අවුරුදු තිහක් හතළිහක් පමණ වන විට මස්පිඬු ඇදෙන ක්‍රියාකාරකම්වල යෙදීමේ දී පෙනීමට ලක්වේ.
Deep Wrinkles
වයස අවුරුදු 55-60 පමණ වන විට ඉතා හොඳින් ගැඹුරු රෑලි දිස්වීමට පටන් ගනී.
ඉතින් මේ සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය තමයි මෙම රැලි ඇතිවීම වලක්වා ගැනීම. නවීන ලෝකයේ ඒක කරන්න නොයෙකුත් ක්‍රමවේද තියෙනවා. ආලේපන වර්ග, බීමට ඖෂධ සහ නොයෙකුත් රූපලාවන්‍ය ක්‍රමවේද අපට මෙය වළක්වා ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය වන්නේ කැපවීම සහ මුදල් වියදම් කිරීමේ හැකියාවයි.
මුහුණේ සම රැලි වැටීම වලක්වා ගැනීමට වෛද්‍යවරුන් විසින් අනුමත කරන ඖෂධයන් හැටියට,
*විටමින් A,
*Alpha hydroxy acids (මෙහි හයිඩ්‍රොලික් සහ ලැටික් අම්ලය අඩංගු වේ.)
*ඇන්ටිඔක්සිඩන්ට් (මෙහි විටමින් ඒ, සී, ඩී මෙන්ම බීටා කැරොටින් ද අඩංගු වේ. මෙමගින් සම සූර්යාලෝකයෙන් ආරක්ෂා වන අතරම රැලි ගතිය පාලනය කරනු ලබයි.)
* Moisturizers ( තෙතමනය රඳවන ආලේපන )
සමේ රැලි ඉවත් කිරීමට භාවිතා කළ හැකි රූපලාවන්‍ය ක්‍රම.
* සාමාන්‍ය රැළි ඇති විටදී උඩු හම ඉතාමත් සියුම්ව ඉවත් කරනු ලබයි මෙය Glycolic Acid Peels හැටියට කරනු ලැබේ.
* Microdermabrasion සත්කාරයද මේ සඳහා ඉතා සුදුසු සත්කාරයකි. ඒ ලිපියත් කියවන්න පුළුවන් පහත ලින්ක් එකෙන්.
https://m.facebook.com/groups/1976549422649790/permalink/2498129057158488/
*Dermarbrasion සත්කාරය නිර්වින්දනය කිරීමෙන් පසු කරන ශල්‍යකර්මයක්. මෙහිදී ඉතා හොඳ ප්‍රතිඵල අත්විඳිය හැකි අතරම ඇතැම් විට අතුරු ආබාධයන් ලෙස කැලැල් ඇතිවීම හා මුහුණේ පැහැය වෙනස් වීම සිදු විය හැක.
* ලේසර් කිරණ භාවිතය. මෙය මිල අධික වුවත් ඉතා සාර්ථක ක්‍රමයක්. නමුත් කරලා මගදි නතර කිරීම සාර්ථක නෑ.
* cosmetic surgery
* botox
* PRP (මේවා ගැන පසුව විස්තර සහිත ලිපි ගෙන එන්නම් )
මේවා තමයි සම රැලි වැටුණු විට කල හැකි ප්‍රතිකාර. වලක්වා ගැනීම සඳහාත් මේ ප්‍රතිකාර පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව දැඩි හිරු රැස් වලින් ආරක්ෂා වීම, හිරු ආවරණ සහිත ආලේපන සහ කුඩයක් පාවිච්චි කිරීම, දුම්පානය සහ මත්පැන් පානය නවතා දැමීම. දැඩි ආතතිය ඇති වෙන අවස්ථාවන් මග හැරීම. සම වියළි වීමට නොදී දිනකට අවශ්‍ය පමණ හොඳින් පිරිසුදු ජලය පානය කිරීම,
(වතුර බීම ගැන අපේ you tube podcast එක බලන්න.)
https://m.facebook.com/groups/1976549422649790/permalink/2514293948875332/
එමෙන්ම සීනි පිටි සහිත ආහාර අවම වශයෙන් පාවිච්චි කර ගුණාත්මක බවින් ඉහළ නැවුම් එළවළු පලතුරු වලින් යුතු ආහාර රටාවකට හුරුවීම. මේ සඳහා අපේ ඩයට් ප්ලෑන් එකේ තිබෙන ආහාර රටාව ඉතා සුදුසුයි. ලින්ක් එක පහතින්.
https://m.facebook.com/groups/1976549422649790/permalink/1978999319071467/
එසේම සුවබර නින්දක් ලබා ගැනීම වැනි කාරණා වලින් මේ තත්ත්වය බොහෝ දුරට මගහරවා ගත හැකියි.
වසරකට වතාවක් සම හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් මුණගැසී ඔබේ සමේ ඇති ගැටලුවලට උපදෙස් සහ ඖෂධ ලබා ගැනීමට පුරුදු වන්න.
ඒ සමඟම තත්ත්වයෙන් උසස් රූපලාවණ්‍ය සත්කාර නිරතුරුව කරන අයගේත් සම රැලි වැටීම ඉතාමත් ප්‍රමාද වෙන නිසා ඒවා ආවාට ගියාට නොව මසකට වතාවක් හෝ ශිල්පියා හෝ ශිල්පිනිය තීරණය කරන ආකාරය අනුව ඒ සත්කාර කරගැනීම සුදුසුයි. මෙම ප්‍රතිකාර ඔබේ සමේ යහපත් පැවැත්ම සඳහා ඉතා ඉහළ කර්තව්‍යයක් ඉෂ්ට කරන අතර එහිදී ඉතා හොඳ දැනුමකින් සහ පළපුරුද්දකින් යුතු රූපලාවණ්‍ය ශිල්පිනියක් තෝරා ගැනීම ඔබේ වගකීමයි.
Facial ලිපි
⬇️
https://m.facebook.com/groups/1976549422649790/permalink/2067684656869599/
⬇️
https://m.facebook.com/groups/1976549422649790/permalink/2205162083121855/

(Beauty Secrets with Rapunzel)