Thursday, April 25, 2024
Follow Us
Choosing a good whitening cream  3

? සම පැහැපත් කර ගැනීම සඳහා සුදුසු ආලේපන තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ අඩංගු නොවිය යුතු සංයෝග ගැන අපි මීට කලින් ලිපි දෙකකින් සාකච්ඡා කළා .


? අද අපි බලමු මොනවද මේ පැහැපත් කාරක ආලේපනයක තිබීමට සුදුසු සංයෝග මොනවද කියල . මේ හැමදේම එකම ආලේපනයක අඩංගු වෙන්නෙ නැහැ . නමුත් ආලේපනයක් තෝරා ගන්නා විට ඔබගේ අවශ්‍යතාවය කුමක්ද කියා සලකා බලා එහි අඩංගු දේවල් වලින් සිද්ධ වෙන දේ නිවැරදිව දැන ගෙන සිටීමෙන් ඔබට ලොකු පහසුවක් වෙනවා සාර්ථක ප්‍රතිපල අත් කර ගැනීමට.
? කොහොම වුණත් මම නැවත නැවතත් කියන්න කැමතියි මොන සංයෝග තියෙන මොන ක්‍රීම් එක ආලේප කළත් මේවායේ ප්‍රතිඵල තියෙන්නේ ගාන තාක් කල් පමණක් බව . ඒ වගේමයි sun cream නොගා මේ කිසිම දේක හරි ප්‍රතිඵලයක් ඔබට ලබා ගත නොහැකි බවත්... මම පහතින් දක්වන්නම් සුදු වීම සඳහා පාවිච්චි කරන ආලේපනයක තිබිය යුතු, සමට අහිතකර නැති, දීර්ඝ කාලීනව පාවිච්චි කළ හැකි සංයෝග මොනවාද කියලා ...
? Vitamin C
? Vitamin E
°සම දීප්තිමත් කරයි.
°හිරු කිරණින් සම ආරක්ෂා කරයි .
°ප්‍රති ඔක්සිකාරක (Anti Oxidants) ලෙස ක්‍රියා කරයි . ඔක්සිකාරක ප්‍රතික්‍රියා සිරුර තුළ සිදුවන විට මුක්ත ඛණ්ඩක නිපද වේ. මෙම ආරෝපිත අනු අස්ථායී බැවින් DNA ඇතුලු අනෙකුත් අනු සමග දාම ප්‍රතික්‍රියා සිදු කරමින් සෛලවලට හානි පමුණුවයි. ප්‍රති ඔක්සිකාරක වලින් අදාළ මුක්ත ඛණ්ඩක වලට ඉලෙක්ට්‍රෝන නිකුත් කරමින් එහි ක්‍රියාකාරීත්වය උදාසීන කරයි .එනම් හානි වූ සෛල අලුත්වැඩියා කරයි.
? Vitamin B3
°සමේ ඇදෙනසුළු භාවය (elasticity)
වැඩි දියුණු කරයි .
? Glycolic and Salicylic acid
°ලප ඉවත් කර සම පැහැපත් කර
දීප්තිමත් කරයි .
? Lemon extract
°සමේ තෙතමනය ආරක්ෂා කරයි .
? Alpha Hydroxy Acid
°මැරුණු සම ඉවත් කරයි.
? Coenzyme -Q10
°හිරු කිරණින් සම ආරක්ෂා කරයි .
? Soy
°කොලජන් නිපදවීම සිදු කරයි .
°ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතා
ඉහළයි.
? Curcumin
°මෙය කහ අඩංගු නිෂ්පාදනයක්
වන අතර සම පැහැපත් කරයි .
? Kojic Acid
? Alpha Arbutin
°pigmentation සඳහා යොදාගනු
ලබයි.
? Mulberry and Berberry extract
°ප්‍රති ඔක්සිකාරකයකි.
°Melanin වල ක්‍රියාකාරීත්වය
පාලනය කරයි .
°කුරුලෑ ඇතිවීම වළක්වයි.
°අදුරු ලප ඉවත් කරයි.
°තෙතමනය රඳවයි .
°සම තුළ ඇති අපද්‍රව්‍ය ඉවත් කරයි.
? Licorice Extract (2%)
°ඇස වටා ඇති අඳුරු පැහැය ඉවත්
කරයි.
° සම මත ඇති අවපැහැය ඉවත්
කරයි.
°සමට අහිතකර පාරිසරික සාධක
වලින් සම ආරක්ෂා කරයි.
°වියපත් බවේ ලකුණු අවම කරයි.
°තෙල් සහිත සමේ තෙල් ගතිය
පාලනය කරයි .
? Gigawhite
°සම ඒකාකාරී ලෙස පැහැපත් කරයි.
°දීප්තිමත් කරයි.
°වියපත් බවේ ලකුණු අවම කරයි.
?පැහැපත් සමක් ඇතිකර ගැනීම සඳහා යොදාගත හැකි ස්වාභාවික ආලේපන මොනවාදැයි මම ඊළඟ ලිපියෙන් ඔයාලට ගේන්න හිතුවා..... මේ ලිපිය බලල මේවා අඩංගු ආලේපන මොනවද කියල අහන්න එපා. ඒක ලොකු අපහසුතාවයක්. අඩංගු ද්‍රව්‍ය තියෙන ආලේපන සොයා ගැනීමට ඔබ යා යුත්තේ ඇඟිල්ලක දුරකටයි...??? එහෙමත් නැත්නම් මම කලින් ලිපියෙන් කිව්වා වගේ සමේ රෝග හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීම තමා සුදුසුම දේ.......මම දන්න හොඳ whitening cream මුල් comments වල සඳහන් .
? මේ ලිපි මෙච්චර හොඳින් ප්‍රයෝජනවත් විදිහට ලියවෙන්නෙ ඔයාලගෙ ආදරය සහ ආශිර්වාදය නිසාමයි. ඒකට ගොඩාක් ස්තුතියි ඔයාල හැමෝටම..... දුකේදිත් සැපේදිත් එක වගේ දක්වපු ආදරයත් මා ගැන තැබූ විස්වාසයත් ගැන ලොකු ආඩම්බරකාර හැඟීමක් මට තියෙනවා... ???? ස්තුතියි හැම දේටම ❤
පසුගිය ලිපියට
https://m.facebook.com/groups/1976549422649790?view=permalink&id=1988364724801593

(Beauty secrets with Rapunzel)