Friday, April 19, 2024
Follow Us
Breaking hearts

දින දෙකකට පමණ කලින් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවා කවදාහරි දවසක ඔයාගේ හදවත කැඩී බිඳී ගිහින් තියෙනවාද, ඒවායේ නටබුන් තවමත් ඉතිරිද ආදී දේවල් ගැන. ඔයාල ඒකට හොද ප්‍රතිචාර දක්වලා තිබුණා. හුගක් අය හිතන් ඉන්නවා මේ heartbreaking පෙම් සබඳතාවයක් කඩා බිඳ වැටුනම විතරයි ඇති වෙන්නෙ කියලා... නමුත් ඔයාලගේ කමෙන්ට් වලින් තේරෙනවා ඒක එහෙම නොවන බව. කොහොම වුණත් අන්තිමට බැලුවහම හදවත කඩා බිඳ වැටෙන්න හේතු වෙන්නේ අහිමිවීම්. මේ අහිමි වීම නොයෙක් නොයෙක් ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන්.


මේකෙදි ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒ අහිමි වී යන ඇසුර අපේ ජීවිතයට කොයිතරම් බද්ධ වෙලා තියනවද කියන වගයි. ඒ කියන්නේ අපේ හදවතේ ඔවුන්ට කොයි තරම් ඉඩක් අපි දීලා තියෙනවා ද කියන වග. හදවතේ නැති කෙනෙක් වෙනුවෙන් අපි කඩා බිඳ වැටෙන්නේ නෑ. හදවත් කඩා බිඳ දැම්මා හෝ ඉබේ කඩා බිඳ වැටුණා වුණත්, ඒ කඩා බිඳ වැටීමට හේතු වෙච්ච පුද්ගලයා හෝ දෙය අතිශය වාසනාවන්ත වන්නේ ඔයාගේ වගේ ලස්සන හදවතක ඉඩ ලබා ගන්න තරම් ඔවුන් වාසනාවන්ත වුණු නිසයි. හොදින් මතක තියා ගන්න කඩා බිඳ වැටෙන්නේ සහ රිදෙන්නේ ආදරණීය හදවත් පමණක් බව. ඉතින් යම් දවසක ඔබේ හදවත කඩා බිඳ වැටුණා නම්, ඔබ ආදරණීයම හදවතක හිමිකාරියක් හෝ හිමිකරුවෙක්.
Having your heart broken means being human. It means that you have a good, loving, and caring heart.
ඉතින් යම් විදිහකින් ඔබේ හදවත කඩා බිඳ වැටුණු හදවතක් නම් යම් දවසක දී පහත සඳහන් සිදුවීම් වලට මුහුණ දෙන්න ඇති. නැත්නම් දැනට මුහුණ දෙමින් ඉන්නවා ඇති.
? ඔබ මෙලොව ආදරය කරන අයෙක් ඔබේ ජීවිතයෙන් ඈතට යාමේ වේදනාව. මෙය හැරදා යාමේ සිට මරණය දක්වා යන වෙන්වීමක් විය හැකියි. ජීවත්ව සිටියදී අහිමි වෙනවට වඩා මරණය නිසාවන අහිමි වීම දරා ගත හැකි මට්ටමක තියෙන බව මගේ හැඟීමයි. මොකද හැරදා යන උන් ජීවත් වෙමින් අපිව මරණයට පත් කරන අතර මරණයට පත් වූවන් අපේ සිත්වල සදාදරණීයව ජීවත් වන්නන් නිසයි.
? තමන් කාලයක් තිස්සේ රැවටීමකට ලක් වී තිබෙන බව දැන ගැනීම සහ ඒ දැනගත් පසුවත් ඒ ඇසුරින් මිදී යා නොහැකි වීම හෝ ක්ෂණිකව තමන්ට රැවටුණු බව දැනගැනීමෙන් පසුව ඇතිවෙන කඩාවැටීම. නැවත නැවත තමන් රැවටෙන බව දැන දැනත් හදවතින් ඒ පුද්ගලයා අයින් කරගත නොහැකි වීම. සම්බන්ධතාවය දිගටම තියාගන්න පෙළඹෙමින් නැවත නැවත වලේ වැටීම.
? පෙම් සබඳතාවයකදී නම් තමන් හැර ගිය පුද්ගලයා අළුත් කෙනෙක් සමඟ ජීවිතය බෙදාගන්න බව දැකීම සහ ඒ පිළිබඳව ලෝබ කමක්, දුකක්, ඉරිසියාවක් ඇති කර ගැනීමත්, අවාසනාවකට ඔහුට හෝ ඇයට සම්බන්ධ වූ අලුත් කෙනා ඔබට වඩා රූමත්, දක්ෂ, ආදරණිය කෙනෙක් නම් එය දරා ගැනීමට ඔබට නොහැකි වීම නිසා ඇතිවන කඩා වැටීම.
බොහෝ පෙම් සබඳතා බිඳවැටීම්වලදී අපි ඉබේම සොයා බලන්න පෙලඹෙනවා ඔවුන්ගේ අලුත් සහකරු හෝ සහකාරිය ගැන. පෙනුමෙන් දක්ෂතාවලින් සහ ගතිගුණ වලින් ඔහු හෝ ඇය ඉන්නේ ඔබට පහළ මට්ටමක නම්, හදවතේ කඩා වැටීම ඉතා ඉක්මනින්ම සුව වේවි ?. ඒ වගේම එය අනිත් පැත්තට බලපෑ විට ඔබේ හදවත හදා ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර පවා ගන්නට සිදුවේවි.
[Don't cry because its over. Smile because his new girlfriend looks like a horse ( ඉංග්‍රීසි කියමනකි ?)]
? තවමත් ඔබ සම්බන්ධතාවය පවත්වාගෙන යනව උනත් එම සම්බන්ධතාවය අතහැර දැමීමට සිය ගණනක් හේතු ඔබ ඉදිරියේ ඇතිවත්, අදාළ පුද්ගලයා සමඟ ඔබට කිසිම යහපත් අනාගතයක් නොමැති බව දැක දැකත්, ඔබට එම සම්බන්ධතාවය නතර කළ නොහැකි වීම. මෙය ඉතා භයානක තත්වයක්වන අතර සම්බන්ධතාවය තුළ දී ඔබට ඔබවම අහිමි වෙමින් යයි. නොයෙකුත් හේතු නිසා ඔබ තනිවම දුක් විඳී. රතු කොඩි හැම පැත්තෙන්ම පෙනුනත් ඔබට තීරණයක් ගත නොහැකි වී ඔබේ හදවත කඩා බිඳ වැටිය හැක. මෙවැනි තත්ත්වයකට ඔබ පත් වී හිඳී නම් මම ලියූ Are you in a good relationship ලිපිය කියවා බලන්න. වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයට ඔබ පත් විය හැකියි. එසේ වූ විට බය නැතුව ප්‍රතිකාර ගන්න. මෙම තත්වයේදී ඔබට කෙනෙක් සිටියදී ත් ඔබ තනි වී දුක් විඳී.
? සම්බන්ධතාවයක් බිඳ වැටුණු විට ඔබට එම පුද්ගලයා සහ ඔහු සමඟ තිබෙන සැමරුම් නිතර නිතර මතක් වීම සහ ඒ සම්බන්ධතාවය පිළිබඳ ලෝබකමක් ඇතිකර ගැනීම නිසා ඔබ කැඩුණු බිඳුණු හදවතක් සමඟ ජීවිතය ගෙනියනවා විය හැකියි. එවන් අයෙක් නැවත ඔබේ ජීවිතයේ කිසිදාක මුණ නොගැසී වී යයි ඔබ සිතනවා විය හැකියි. ඉතා හොඳින් මතක තබා ගන්න ලෝකෙ ඊටත් වඩා හොඳ පිරිමින් සහ ගැහැණුන් බොහෝ ඇත. අවශ්‍ය වන්නේ ප්‍රාර්ථනා කිරීමත් ඔබ හොඳ වීමත්, ඉවසා සිටීමත්, ඉඩ සලසා දීමත්‍ ය.
කඩාවැටුණු හදවත් සුවපත් කළ හැක්කේ කඩා කඩාවැටුණු හිත් ඇත්තන්ටම ය. උදාහරණයක් ලෙස මම මේ ජීවිත කාලය තුළ බොහෝ අවස්ථාවල හදවතේ වූ තුවාල සමඟ සටන් කළ කෙනෙක් බැවින් සහ සටන් කරමින් සිටින කෙනෙක් බැවිනුත්, මෙවන් ලිපියකින් ඔබේ හිත සුවපත් කරන්නට මට අයිතියක් ඇති බව ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමි. මේ ලිපිය කියවා හිතේ තුවාල සුවපත් කරගන්නට උත්සාහ දරන ඔබට යම්කිසි හයියක් උදව්වක් උනා නම් ඊට වඩා සතුටක් සැනසීමක් ඔබගෙන් මට ලැබෙන්නේ නැත. ඉතින් අපි සුවපත් කරමු බිඳුණු හදවත්...?
හදවත්වල කැඩුණු බිඳුණු පලුදු වූ තැන් බොහෝ ඇත බොහෝ ඒවා පිහි ඇනුම්‍ ය. සමහර තුවාල සුව වෙමින් පවතී. තවත් සමහර ඒවා තවමත් රිදුම් දෙයි. ඇතැම් ඒවායේ කැළැල් ඉතිරි ව ඇත. කැඩී බිඳී විසිරී ගිය තැන් වලින් ආලෝකය වෑහෙන්නේ නැද්ද? . හොඳින් මතක තබා ගන්න ආලෝකය ගමන් කරන්නේ එවැනි තැන් වලින් බව. ඔබේ රිදුනු කැඩුණු බිඳුණු හදවතට ද එසේය. පලුදු වැඩි වෙන තරමට ආලෝකයට වැඩියෙන් ගමන් කළ හැකි වේ.
ඇත්තෙන්ම හදවත් කැඩී බිඳී යනවා නොවේ . ඒවා මදක් වැඩිපුර ඉරිතැලී විවර වෙනවා පමණයි. එම විවර ඉතා පළල් සහ ගැඹුරු බැවින් වේදනාව වැඩි ය. එය අතිශය වේදනාකාරී බවට මට ද අත්දැකීම් ඇත. නමුත් එම වේදනාවල් තුළින් ඔබ ඔබ දිහා බලන මානය වෙනස් කරගැනීමට හොඳම අවස්තාවක් බවට පත්කරගන්න. මින් පෙර ඔබ... ඔබ සමඟ තිබුණේ නැති සම්බන්ධකමක් ඇති කරගැනීමට මෙම විවර වූ කැඩුණු බිඳුණු තැන් ප්‍රයෝජනයට ගන්න.
මෙතෙක් කල් අනුන් ගැන සිතූ ඔබ, තමන් ගැන සිතන්නට පටන් ගන්නට හොඳම තැන මෙතනයි. අමාරු වුණත් කරන්නට පටන් ගන්න. ආදරණීයව ඔබ දිහා බලන්න. ඉදිරියට එන අවස්ථාව හෝ පුද්ගලයා ගැන සිහින මවන්න. සිහින සැබෑ වෙන බව අත්දැකීමෙන් දනිමි. ජීවිතයේ ඉතාමත් කෙටි නිසා ඔබ ඔබම වෙනුවෙන් ජීවත්වන්න පටන් ගන්න. අනුන් වෙනුවෙන් හුස්ම ගත්තා ඇති නොවේද ?
හොඳින් මතක තබා ගන්න මෙවන් වේදනා හිමි එකම පුද්ගලයා ඔබ නොවන බව. මීටත් වඩා වේදනාවල් විඳින හිත් ඇත්තන් ඔබ අවටම ජීවත් වේ. අද ඔබට ලියන මමත් මෙය කියවන ඔබත් ආදරණීයව සම්බන්ධ වන්නේ අපි කැඩුණු බිඳුණු රිදුනු හදවත් ඇත්තවුන් නිසයි. ඉතිං සතුට නැද්ද....? ඔබ තනි නැහැ. ඉතින් අපි එකතු වෙලා හදවත් සුවපත් කරමු සහ සුවපත් කරගනිමු. Smile for happiness ලිපිය කියවන්න.
? හදවතේ කඩාවැටීමක් ඇති වූ විට ඊට හේතු වූ කරුණු බලෙන් මගහැර යන්නට හදන්න එපා . බලෙන් එය හදවතින් අතු ගා දමන්නට හදන්න එපා. ඒ ගැන නැවත නැවත මතක් කිරීමම ඔබව අගාධයට තල්ලු වී යෑමට හේතුවක්. හොඳම දේ ඒකත් සමග ජීවත් වී එය පැත්තකට තබා , මිනිත්තු පහෙන් පහට හෝ දහයෙන් දහයට හෝ එය පැත්තකට තබා ඔබේ කටයුතු කර ගැනීමයි. මිනිත්තු දහයෙන් දහයට ඒ ගැන සිතීම කල් තබා ඒ ගැන නැවත එම වේලාව ඉවර වූ පසු නැවත කල් දැමීම සුදුසු ම දෙයයි.
?නින්ද යන්නේ නැති කෑම කන්නට බැරි අවස්ථාවකට ඔබ පත් වෙලා නම් මගේ උපදෙස නම් කිසිම බයක් සැකක් නැතුව මනෝ වෛද්‍ය උපදෙස් පතන්න. ඔවුන් දෙන බෙහෙත් වලින් ඔබට ලැබෙන සුවය මිල කළ නොහැකියි. අඩුම ගානේ ඔබට හොඳ නින්දක්වත් ලැබෙනු ඇත. අවදි වූ පසු මගේ ක්‍රමය අත් හදා බලන්න. එනම් ඒ වේදනාවල් ගැන සිතීම කල් තැබීමයි. එමෙන්ම මගේ උපදෙස නම් තමන්ගේ වේදනාව වෘත්තීය මට්ටමේ කෙනෙකුට හෝ ඉතා හොඳින් ඔබට සවන් දෙන රහස් රකින කෙනෙකුට පවසා හිත නිදහස් කර ගැනීමයි. මෙවන් අවස්ථාවක "අයියෝ ඕක අමතක කරන්න. ඕවද මිනිස්සුන්ට වෙන්නේ" කියලා උපදෙස් දෙන අය ළඟට නම් යන්න එපා. එයින් ඔබට කිසිම සැනසීමක් ලැබෙන්නේ නැති බව මට විශ්වාසයි.
?ඔබ ඔබට ආදරයෙන් සැලකීම මෙහිදී ඉතාම වැදගත් කරුණයි. ඔබ ඒ සම්බන්ධතා වෙනුවෙන් කළ හොඳ දේවල් මතක් කරගන්න. තමන්ගේ පැත්තෙන් තමන්ගේ රාජකාරිය හරියටම සිද්ධ වුනා නේද කියන සතුට ඇති කරගන්න. එහෙම නොවුණා නම් ඔබ අතින්... ඊළඟ වතාවේදී ඊටත් වඩා හොඳ විදිහකට යම් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට එය පාඩමක් කරගන්න. සෘණාත්මක අදහස් ඔබ තුළ මතු වෙන විට ඒවාට බය වෙන්න එපා ඒවා ඔබ තුළින් පැන නැගී ඔබ තුළින්ම එළියට යාවි. ගියේ නැත්නම් යවන්න.
Most people are very afraid of negative feelings and will do anything to avoid them. Remember that feelings can't hurt you. They are simply an energy that needs to move through you and move on.
?ඇති වෙන්න අඬන්න. ඒක දරාගෙන ඉන්න එපා. ඇඬීමට හොඳම අවස්ථාව හොඳට නාන වෙලාවයි. ඇති තරමට අඬලා අඬලා හොදට නාලා එළියට එන්න. හොඳින් මතක තියාගන්න ඔබ හඬන්නේ අනුන් වෙනුවෙන් නොවන බව. ඔබ හඬන්නේ ඔබ වෙනුවෙන්. සියලුම දේවල් මතක් කර කර හඬන්නට ඔබට අයිතියක් තිබේ. ඊලඟ දවසෙ නානකල් නැවත හඬන්නට එපා ?
?මෙවන් වේදනාවකට පත් වූ විට ඔබ ඇතුලෙන් ලොකු ශක්තියක් පෙළ ගැහෙනවා. ඒක කේන්තිය, ආතතිය එක්ක එන නරක ශක්තීන් ටිකක්. ඉතින් ඒ ටික ඔබ ඇතුලේ තියාගෙන ඉඳලා පලක් නැහැ. ඒවා අනිවාර්යයෙන් ම පිට කළ යුතුයි . පිට කිරීමට හොඳම විදිහ ශරීර ශක්තිය මුදා හැරීමයි . Jogging path එකකට ගිහිල්ලා හයියෙන් දුවන්න....නතර වෙන්න... හති අරින්න.... නැවත දුවන්න. පන්චින් බෑග් එකකට පහර දීමත් හොඳ ක්‍රමයක්. දහදිය දැමීමෙන් ඔබ තුළ පෙළ ගැහුනු නරක ශක්තින් ටික එළියට යනවා ඔබටම දැනේවි. හොදින් මතක තියා ගන්න සහ අත් හදා බලන්න මම තව දෙයක් කියන්නම්. ජීවිතයේ ඕනෑම දුකක් පවතින කාලයක් තියෙනවා. මගේ ජීවිතේදී ඒක දවස් තුනක්, දවස් හතක් සහ මාස තුනක් හැටියට මම වර්ග කරනවා. බොහෝ සිත් රිදවීම් දවස් තුනක් ඇතුළත හොඳ වෙන ඒවා. දවස් 3 තුනක් ගියාට පස්සෙත් ඒක තියෙනවා නම් මම හිතනවා තව දවස් හතරක් ඒකට දෙන්න. මනෝ විද්‍යාවේ දී සමීපම කෙනෙකුගේ මරණයක දුක පවා මාස තුනක් යන විට තුනී වෙන බව පැවසෙනවා. ඉතිං බොහෝ දුක් මාස තුනෙන් පස්සේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඔබට තියෙන්නේ එතෙක් ඉවසීම සහ දරා ගැනීම සමගම ගලා යන්නට සැලැස්වීමයි.
Evil spirits and power of the nature ලිපිය කියවන්නත් මම ආරාධනා කරනව ඔයාලට?
?සමාව දෙන්න. නැහැ. ඔබ හිතපු කෙනාට නෙමෙයි . ඔබ සමාව දෙන්න ඕනෙ ඔබටමයි. ඔබව මේ වගේ තත්ත්වයට පත් කළාට ඔබ ඔබට ම සමාව දෙන්න . තමන්ගෙන් සමාව ඉල්ලන්න. ඒකෙන් අනිත් පාර්ශවය කෙරෙහි එන නරක හැඟීම් ඔයාගේ හිතින් හිමින් මැකිලා යාවි. එන නරක හැඟීම් වලට සමාව ඉල්ලන්න තමන්ගෙන්ම. එතනින් පටන් ගනීවි ඔබ ඔබටම ආදරේ කරන්න. ඉන් පස්සෙ ඔබ වෙනුවෙන් ඔබට ආදරය කරන්න මවපු කෙනා අනිවාර්යෙන්ම ඔබ ළගට ආකර්ෂණය වේවි. නිකමට ලියල බලන්න ලිපියක් ඔබ ඔබගෙන්ම සමාව ඉල්ලලා කරුණු සහිතව....
?ආදර සම්බන්ධතාවයක් බිඳ වැටුනහම එන හිත රිදීම ගැන ඔබ බෙහෙවින් පරිස්සම් විය යුතුයි. ඒකට හේතුව නම් බිද වැටීමත් සමඟම ඔබ තවමත් ඔහුට හෝ ඇයට ආදරය කරන කෙනෙක් නම් හිතේ කොණක යම් බලාපොරොත්තුවක් තියෙනවා ඔහු හෝ ඇයව නැවත ඔබට හිමිවෙයි කියලා. මම හිතනවා අන්න ඒ තමන්ටම බොරු කිරීම ඔබ නැවැත්විය යුතුයි. මේ දුක නතර කිරීමට ඔබට අත්‍යවශ්‍ය ද .... එහෙම නම් නැවත ඒ කතන්දරයේ අකුරු අමුනන්න හදන්න එපා. නැවත මුණ ගැහේවියයි බලාපොරොත්තු තියාගන්න එපා.
? සබඳතාවයක් බිඳ වැටෙන්නේ එය බිඳ වැටීමට කරුණු කාරණා එකතු වූ නිසයි. නැවත නැවතත් ඒ සිදුවීමට මුහුණ දීමට ඔබ කැමති නම් පමණක් බලාපොරොත්තු තබා ගන්න. මේ බලාපොරොත්තු තබා ගැනීම ඉෂ්ට වෙන්න පුළුවන් අවුරුදු දහයක් ගිහිල්ලා හරි . අන්න එදාට ඔබට දැනේවි මේ අවුරුදු 10ම මම බලන් හිටපු කෙනා නෙමෙයි නේද අද මේ ඉන්නේ කියලා. ඔබ අතහැර දාලා ගිය කෙනා නෙමෙයි ආයෙ දවසක දී ඔබට නැවත මුණ ගැහෙන්නේ. ඒ ගතිගුණ රූප කාය සහ බලාපොරොත්තු සියල්ල වෙනස් වෙලා තියෙන්න පුළුවන්.
It helps when you can remember not to see the relationship through rose colored glasses. It's so tempting to look back on a relationship and only see it for the potential you believe it had. We tend to remember the part where we were falling in love, when they were at their best selves, when we were at our best self, when we had ridiculous sex or that surprise dinner that was everything.
?අපිට ආදරේ නැති, අපේ අනාගතයට අදාළ නැති කෙනෙක් ගැන හිතමින් කාලය කා දැමීම කියන්නේ අපට අපිවම අහිමිවීමක්. ඔබ නාන්නේ නැහැ, රූපය ගැන හිතන්නේ නැහැ, කන්නේ නැහැ. අන්තිමට ඔබේ ජීවිතයට ලැබිය යුතු සුදුසුම කෙනා එනකොට ඔබ සුදුසු නැති කෙනෙක් බවට පත්වෙලා ඉඳීවි. අලුත් දෙයක් පටන් ගන්න. නැටුම් පන්තියකට යන්න සෝෂල් ඩාන්ස් හොඳ හැරවුම් ලක්ෂයක් වේවි. පිහිනන්න දන්නේ නැත්නම් ඒක ඉගෙන ගන්න. අලුත් යාළුවන් හඳුනාගන්න හොඳ අවස්ථාවන් උදා කරගන්න. සල්ලි නැත්නම් සල්ලි හම්බ කරන විදි ගැන හිතන්න. අලුත් දෙයක් මගහැරුණු දෙයක් ඉගෙන ගන්න. පොත් කියවන්න පටන් ගන්න.
? අඩුපාඩු තිබෙනවා නම් ඒවා සම්පූර්ණ කරගන්න. වටිනා කමක් නැති කිසිම දේකට කිසිම කෙනෙක් ළං වෙන්නේ නැහැ. ආදරණීය හදවත රැක ගන්න . බලු සුරතලෙක් ඇති කරන්න පටන් ගන්න. රූපය ගැන හිතන්න පිරිසිදුව ඉන්න. ඔබව බේරාගත හැක්කේ ඔබටමයි. බිඳුණු හදවත් තුළින් ආලෝකය ගලන්න ඉඩ දෙන්න. තවත් කැඩුනු හිත් සුවපත් කරන්න. හිත ආදරෙන් පුරවාගන්න. ඔබට හිමි විය යුතු දේ ඉදිරියට හිමිවේවි .. අහිමි වන්නේ අහිමි විය යුතු දේවල් බව මතක තබාගන්න.
❤ආදරය හැම විටම බලා හිඳී ...
love is waiting ❤
රපුන්සල්