Saturday, May 04, 2024
Follow Us
අත්_යට කලුවීම

#අත්_යට_කලුවීම කියන්නෙ එහෙමත් නැත්නම් කිහිලි ප්‍රදේශය අඳුරු පැහැයක් ගැනීම වර්තමානයේ බොහෝ කාන්තාවන්ට පොදුවෙ තියෙන ගැටලුවක්.


මේ ගැටලුවට හේතු වෙන ප්‍රධාන සාධක දෙක තුනක්ම තියෙනවා. එකක් තමා ? දහඩිය සහ ? කුණු දුහුවිලි..
#දහඩිය කියන්නෙ හරිම කරදරකාරී සහ කෙනෙක්ව අපහසුතාවෙට පත්කරන හරිම වදකාරයෙක්. දහඩිය දැම්මම ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ තමයි එන #දුර්ගණ්දය. මෙහිදී එයට ලක්වන්නා සහ ඒ ආසන්නයේ ඉන්න කෙනා හෝ පිරිස යන දෙපාර්ශවයම අපහසුතාවෙට පත් වෙන අවස්ථා එමටයි.
ඉතින් මේ දහඩිය දැම්මම දුර්ගණ්දය එන්න බලපාන ප්‍රධානම හේතුව ඔයාලා දන්නවද?
අපේ අත් යට කියන්නෙ ඉතා ඉක්මණින් සහා වැඩි වශයෙන් ඝන රෝම කූප වර්ධනය වන ප්‍රදේශයක්නෙ. ඒ වගේම අත් යට ප්‍රදේශය නිතරම ආවරණය වෙලා තියෙන නිසා දහඩිය දැම්මම ඒ ප්‍රදේශයේ දහඩිය රැඳෙනවා. ඒ රැඳෙන දහඩිය කුණු දූවිලි එක්ක එකතු වෙලා #බැක්ටීරියා නිපදවනවා ලේසියෙන්ම. ඒ සුළු කාලයක් තුළදි සමහරවිට පැය ගණනක් ඇතුළතදි ක්‍රියාකාරීවන බැක්ටීරියා #ආසාධනය වීම මඟින් දහඩිය ඉතා දැඩි දුර්ගණ්දයක් ලෙස පිටවෙනවා.
ඉතින් දුර්ගණ්දය විතරක්ම නෙවෙයි ඒකෙන් අපේ අත් යට ප්‍රදේශයත් අඳුරු පැහැයක් ගන්නවා වගේම ඔයාගෙ ඇඳුම් වල කිහිලි ප්‍රදේශයේ ලා කහ පාටක හෝ ලා දුඹුරු පාටක පැල්ලම් ඉතා කැතට පෙන්නනවා.
ඒ වගේම ඔයා පාවිච්චි කරන #ඩියෝඩ්‍රන්ට් එකත් ඔයාගෙ අත් යට කලුවීමට බලපාන අවස්ථා තියෙනවා. ඒ නිසා නිතරම ප්‍රමිතියකින් යුතු ඔයාට ගැළපෙන ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන්න හුරු වෙන්න.
මම පෞද්ගලිකව ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරන්නෙ නෑ. සූ අක්කා කියලා දුන්න ඩෙටෝල් ට්‍රීට්මන්ට් එක මේ ළඟදි ඉඳන් කරනවා. ඒක ගොඩක් හොඳයි. ?
ඇත්තටම මේ තත්ත්වෙට මුහුණ දෙන කාන්තාවක්නම් ඔයා ගොඩක් මානසිකව වැටිලා ඉන්නවා වෙන්න පුළුවන්.. ඒ වගේම ඒක පොදුවෙ කාන්තාවො හැමෝගෙම සුන්දරත්වයට බාධාවක්. කොටින්ම එහෙම තත්ත්වයක්නම් තියෙන්නෙ අපි කොච්චර ආස වුණත් අත් රහිත ඇඳුම් අඳින එක අපි සීමා කරනවා.
එහෙම වෙන්න අවශ්‍ය වෙන්නෙ නැහැ ඔයා නිතරම ඔයාගෙ කිහිලි ප්‍රදේශය පිරිසිදුව තියාගෙන ඉන්න කෙනෙක්නම්.
?මගේ පෞද්ගලික මතය වෙන්නෙ නිතරම අත් යට වර්ධනය වන රෝම කූප නිසි විදිහට ඉවත් කිරීමයි. එමඟින් දහඩිය රැඳීම සහ බැක්ටීරියා ආසාදනය වීම අවම කරනවා.
?ඒ වගේම තමා නිතරම සමේ තෙතමනය ආරක්ෂා කරගැනීමට ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පානය කිරීම අනිවාර්‍යයි වගේම හැකි තරම් හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටීමත් වැදගත්.
මං දැන් කියන්න හදන්නෙ මේ අත් යට කලුවීම එහෙමත් නැත්තන් ඔයාගෙ කිහිලි ප්‍රදේශයේ තියෙන අඳුරු පැල්ලම් යවා ගන්න ගෙදරදිම ඔයාට කරන්න පුළුවන් රූපලාවන්‍ය සත්කාරයක් ගැනයි.
එකම දේ තමයි ඔයාට මේකෙදිත් අනෙකුත් රූපලාවන්‍ය සත්කාර වලදි වගේම #ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා.. ?
ඒ වගේම මං කිව්වා වගේ අත් යට නිතරම වර්ධනය වෙන රෝම කූප නිසි පරිදි ඉවත් කරගන්න. ඒක හුඟක් වැදගත්. ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ කාරණා දෙක ඕකේනම් ඔයාට මේ මං දැන් කියන ට්‍රීට්මන්ට් එක ගෙදරදි කරන්න පුළුවන්.
#කහ, #මී පැණි, #කිරි සම සමව ගන්න.
?කහ කියන්නෙ ආයුර්වේදයේ හොඳ විසබීජ නාශකයක්.
?මී පැණි වල සමේ තෙතමනය රැකගන්න අවශ්‍ය කරන ගුණාංග අඩංගුයි.
?ඒ වගේම රූපලාවන්‍යයේදී ගොඩක් යොදා ගැනෙන කිරි සමට පෝෂණය එක් කරනවා.
-මේ තුන සම සමව අරගෙන කලවම් කරලා
මිශ්‍රණයක් හදාගන්න.
-ඒ මිශ්‍රණය ඔයා හොඳින් පිරිසිදු කරගත්තු ඔයාගෙ අත් යට ප්‍රදේශයේ හොඳින් ගාගන්න.
-විනාඩි විස්සක් විතර තියලා හෝදලා අරින්න.
*සතියට දෙතුන් පාරක් මේ සත්කාරය කරනවානම් ඔයාට ඉක්මණ් වගේම ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්.
අනිත් දේ එක එක්කෙනාගෙ ස්කින් ටයිප් එක එක එක්කෙනාට වෙනස් වෙන නිසා සත්කාරය ප්‍රතික්‍රියා කරන විදිහ සහ ප්‍රතික්‍රියා කරන්න ගන්න කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අර කළින් කිව්වා වගේ ඉවසීම හරිම වැදගත් ළමයි..

(Beauty Secretswith Rapunzel)