Saturday, May 04, 2024
Follow Us
How to care an acne prone skin

?ඔන්න කාලෙකින් රූපලාවන්‍ය ලිපියක් ලියන්න කල්පනා කලා. ඔව් ඉතින් මේක රූපලාවණ්‍ය හා සම්බන්ධ සමූහයක් නෙ නේද....??? ඇඩ්මින් නම් එක විදිහක් තමයි ... ඒවා හොයන්නේ නැතුව ඔන්න ඔහේ ඔයාගෙ ලස්සන ගැන විතරක් හිතමු .


?මම මීට කලින් ලිපියක් පල කරලා තියෙනවා වෛද්‍යවරයෙක් ලියපු ලිපියක් ආශ්‍රය කරගනිමින් කුරුලෑ ගැන.... සවිස්තරාත්මක හේතු සමඟින්. ඒක කොච්චර කියෙව්වත් අපේ ළමයින්ට ඕනේ මොනවා හරි දෙයක් ගෙදරදිත් කරන්න. ඔයාලා තේරුම්ගන්න ඕන දෙයක් තමයි මේ කුරුලෑ තියෙන මූණක් ගත්තම ගෑණු පිරිමි බේදයක් නැතුවම ඒක හරිම කරදරයක්, මානසික අසහනයක්. අනික ඒක නිසා ඇතිවෙන ලප කැලැල් සමහර ඒවා සදහටම මූනේ ඉතිරි වෙනවා පමණක් නොවෙයි ඔයාගේ ලස්සනට තියෙන රූපය නැත්නම් මූනේ සම අවලස්සන කරන්න මේක ප්‍රධාන හේතුවක් වෙනවා.
? ඇත්තටම ගොඩක් කුරුලෑ තියෙන මූණක් කියන්නේ... සමාජයේ හැසිරෙනකොට ආත්ම විශ්වාසය බිංදුවට බස්සන දෙයක් වෙන්න පුළුවන්. ආදරය කරන කෙනාගෙන් ආදරණීය හාදුවක් ගන්නත් මේක ලොකු බාධාවක් වෙන්න පුළුවන් .. ඇත්තටම ඒක අපුලක් දනවනවා .. තුවාල සහිත මූණකට කිස් එකක් දෙන්නෙ කොහොමද ... ඔන්න ඊට පස්සේ කියන්න එපා මම අපහාස කරනවා කියලා .. මම කියන්නෙ මට හිතෙන දේ ....
?හරි ඒවා අමතක කරමුකෝ....මම අද ඔයාලට කියන්නම් කොහොමද ගෙදරදි මේ කුරුලෑ සහිත මුහුණකට ප්‍රතිකාර කරන්නේ කියලා . කියන්න ඕන වැදගත්ම කාරණය තමයි හුඟක් අය මේකට ප්‍රශ්න යොමු කරන්නේ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා නමුත් අඩු නෑ කියලයි. මමත් කාලයක් කුරුලෑ ප්‍රශ්නයෙන් පීඩා වින්ද නිසා මට මේ ගැන අත්දැකීම් තියෙනවා. මම මුලින්ම කලේ මගේ විදිහට ප්‍රතිකාර කරන්න බැලුව එක. නමුත් ඒක අසාර්ථක උනේ මම කුරුලෑ එන්න හේතුව නොදැන සිටි නිසයි. ඒ නිසා මම සමේ රෝග හා සම්බන්ධ වෛද්‍යවරයෙක් මුණ ගැහුණා. ඔහු මට මාස දෙකකට බෙහෙත් නියම කලා. නැවත මාස දෙකකින් පසු ඔහුව හමු වෙන ලෙස උපදෙසුත් ලැබුණා.
?මම ඉතින් ඒ විදිහටම එක දිගට ප්‍රතිකාර අරගෙන මාස දෙකකින් පස්සේ නැවත ඔහුව මුණ ගැහෙන්නේ කුරුලෑ තත්වයේ කිසිම අඩුවක් නැතුව. හැබැයි මගේ මූණෙ තිබුන පුංචි පුංචි බිබිලි සම්පූර්ණයෙන්ම නැති උනා. කුරුලෑ නම් ඒ විදියට ම එනවා යනවා.
? අදාල කාලයෙන් පස්සේ නැවත මම වෛද්‍යවරයාව මුණ ගැහෙනවා. මෙන්න මෙතැන තමයි ඔයාලා වරද්ද ගන්න තැන. ඔයාල මේ දෙවෙනි වර ඔහුව මුණ ගැහෙන්නෙ නෑ . නමුත් මම හරි කීකරු කෙනෙක් (දොස්තරට ). එවර ඔහු මගේ බේත් වෙනස් කරනවා. ඒකත් මාස දෙකක් කරල නැවත මුණ ගැහෙන්නයි උපදෙස. එවර නම් වැඩේ සාර්ථක වුණා. මගේ කුරුලෑ හෙමි හෙමින් අඩු වෙන්න පටන් ගත්තා. සම්පූර්ණයෙන් ම නොවුණත් සෑහෙන්න පාලනය උනා. නැවත මම වෛද්‍යවරයාව මුන ගැහුනෙ නෑ අඩු උන නිසා. හැබැයි ඒ වාරයේ දී හොඳ උන් නැත්නම් නැවත මාස දෙකකින් මම අනිවාර්යෙන්ම ඔහුව මුණ ගැහෙනවා.
? ඉන්පස්සෙ විටෙන් විට මතු වෙන කොට ඒ බේත් පාවිච්චි කලා. මේවා අතරේ ඔහු මට තරයේ අවවාද කළා කිසිම වෙනත් ආලේපනයක් මූනේ ගල්වන්න එපා කියලා. මමත් මේ කුරුලෑ එන්න හේතුව හොයාගෙන ඒකටත් පුළුවන් තරම් ප්‍රතිකාර කරමින් හිටියා. මට තිබුණේ හෝමෝන අසමතුලිතතාවයක්. ඒකට කරපු දේවල් diet plan post එකේ සඳහන්. කොහොම වුණත් මගේ කුරුලෑ සම්පූර්ණයෙන්ම නැති උනා. ඒකට අවසාන සාර්ථක හේතුව codliver oil capsule . කොහොම උනත් ඊට අමතර ව මම කළ දේවල් සඳහන් කරන්නම්.
?දවසට දෙවතාවක් උදේ රෑ ලෙසින් medicated face wash පාවිච්චි කරල මුහුණ සේදීම. දැන් මම ඒක නවත්තලා සාමාන්‍ය එකක් පාවිච්චි කරනව. මට සාමාන්‍යයෙන් දහඩිය දානවා අඩුයි . ඔයාට වැඩිපුර දාඩිය දානවා නම් සේදුම් වාරයක් වැඩි කර ගත්තට කමක් නෑ.
?නිදාගන්න කලින් වෛද්‍යවරයා නියම කළ රාත්‍රි ආලේපනය පාවිච්චි කිරීම. උදෑසන අවදි වූ විගස ම එය ඉවත් කළ යුතුව තිබුණා.
?දිවා කාලයේදී none oily sun cream පාවිච්චි කලා දැනටත් කරනව. එය වෛද්‍යවරයා නියම කළ එකක්.
?සතියකට සැරයක් කුරුලෑ නොකැඩෙන ලෙස ස්ක්‍රබ් එකක් පාවිච්චි කලා. එහෙමත් නැත්නම් peel off mask එකක් පාවිච්චි කළා. එය වෛද්‍යවරයා නියම කළ එකක් නොවේ.
?දවස් දෙකකට සැරයක් කුරුලෑ සඳහා වූ පැක් එකක් පාවිච්චි කලා. ඒකත් මගේ කැමැත්තට.
?සතියකට සැරයක් දෙකක් high-frequency ප්‍රතිකාරය ලබා ගත්තා සැලුන් එකෙන් (ඒක මට තනියම කරගන්න පුලුවන් මම රූපලාවණ්‍ය ශිල්පිනියක් නිසා.
?ඊට අමතරව දිනපතා නෑවා, රාත්‍රියේ දී ඇඟ සේදුවා. පිරිසිදු කම ඉතා වැදගත්. හොඳට වතුර බිව්වා..
?Ice cube treatment කලා.
?මම face foundation පාවිච්චි කරන්නේ නැහැ. නමුත් පාවිච්චි කරනවා නම් ඒවා තෙල් රහිත විය යුතු යි. එතකොට සුදුසු වන්නේ cake foundation හෝ liquid foundation . එය තෝරා ගැනීම ඔබ සතුයි .
?මේවා කරද්දී බොහෝ දුරට කුරුලෑ එන එක පාලනය වුණත් සැරෙන් සැරේ එකක් දෙකක් මතුවෙනවාමයි. අන්න ඒක මට්ටු උනේ දිනපතා cod liver oil 500mg බොන්න පටන් ගත්තට පස්සෙයි. දැන් නම් කුරුලෑ එකක්වත් එන්නෙ නෑ .ඒ නිසා ඉහත සඳහන් කළ දේවල් වලින් ගොඩක් දේවල් මම දැන් කරන්නේ නැහැ.
? කුරුලෑ නිසා ඇති වුණු ලප කැලැල් වලට ප්‍රතිකාර ලෙස මම වෛද්‍යවරයාගෙන් chemical peeling සත්කාරය ලබා ගත්තා. ඒ වගේම micro dermerbration කලා ( ඒකට මම පලපුරුදු ශිල්පිණියක් නිසා තනිවම කරගන්න පුලුවන් ). දැන් බොහෝ දුරට මගේ සම පැහැදිලි එකක්. ඔන්න ඔහොමයි මම කුරුලෑ වලට සමු දුන්නේ.

(Beauty Secrets with Rapunzel)