Saturday, May 04, 2024
Follow Us
HOW TO USE SHAMPOO AND CONDITIONER

?හුඟක් කාන්තාවන් පැමිණිලි කරනවා තමන්ගෙ කොන්ඩෙට කිසිම රසායන ද්‍රව්‍යක් පාවිච්චි නොකරත් ( rebonding cream, perming lotion and hair colouring cream or powder ) තමන්ගේ හිස කෙස් තුනී වී හෝ පලුදු වී ඇති බවට.(dammage hair ). ශරීරයේ හෝමෝන අසමතුලිතතා සහ පෝෂණ ඌනතා හැරුණු විට මෙම රසායන ද්‍රව්‍යයයන් පාවිච්චි නොකරත් ඔබගේ හිසකෙස් වියළි ස්වභාවයක් හෝ පළුදු වූ ස්වභාවයක් ගන්නේ ඇයි?.


?දිගු කෙස් වැටියක හිමිකාරියක් හැටියටත්, රූපලාවණ්‍ය ශිල්පිනියක් හැටියටත් ඊට හේතුව වශයෙන් ඔබ පාවිච්චි කරන ෂැම්පු එකට දොස් පැවරිය හැකි බව ඔබ දන්නවා ද??.
?රසායනික ද්‍රව්‍ය වලින් තරම්ම නැතත් හිසකෙස් මතට ෂැම්පු දමන වාරයක් වාරයක් පාසා ඔබගේ කෙස් ගසේ ඇති කියුටිකල් එක (පිට සිවිය ) විවෘත වී එහි ඇති තෙතමනය ඉවත් කරයි. එම කෙස් ගහේ ඇති පිට ආවරණය විවෘත වෙන වාරයක් වාරයක් පාසා ඔබේ කේශ කල්‍යාණයට වන හානිය වැඩි වේ. අපි conditioner එකකින් බලාපොරොත්තු වන්නේ එම විවරවූ පිටත ආවරණය නැවත වසා දැමීමයි. දැන් ඔබට වැටහෙනවා ඇති conditioner කොතරම් ඔබේ හිසකෙස් වලට වැදගත්ද යන බව.
?නමුත් අපේ කාන්තාවන් හුරු වී ඇත්තේ හිස කෙස් ෂැම්පු පෙණ වලින් වැසී යන තෙක් හොඳින් අතුල්ලා සෝදා දැමීමට පමණයි. නාන කාමරයේ conditioner තිබුණත් දාන්නේ කලාතුරකිනි. conditioner දානවා නම් සෑම කෙස් ගසකටම එය තැවරිය යුතු වේ. එමෙන්ම එය ඉතා හොඳින් ඉතුරු කරන්නෙ නැතුව සෝදා හැරිය යුතු වේ. ඔබ නිවැරදිව කන්ඩිෂනර් පාවිච්චි කරන අයෙක් නම් ඔබේ ෂැම්පු බෝතලය මෙන් තුන් හතර ගුණයක කන්ඩිෂනර් බෝතලයක් ඔබට උවමනා වෙයි. (Conditioner types and uses post එක කියවන්න )
?? ?මගේ beauty tip එක නම් ඔබේ හිසකෙස් මත ෂැම්පු තැවරිය යුතු නැති බවයි.
? ෂැම්පු ඉතා කුඩා ප්‍රමාණයක් ඇඟිලි තුඩු වලට ගෙන එය පෙන නංවා ඔබේ හිසකෙස් නොව හිස්කබල තත්පර 30ක් පමණ හොඳින් සම්බාහනය කරන්න. ඉන්පසු එය සෝදන විට හිසකෙස් දිගේ ගලාගෙන යන විදිහට සෝදා හරින්න. හිසකෙස් මත ෂැම්පූ තවරන්න උත්සාහ කරන්න එපා. Shampoo අපට හිසකෙස් වල මනාව තැවරීමේ අවශ්‍යතාවයක් ඇති කර ඇත්තේ වෙළඳ දැන්වීම් මගිනි. ෂැම්පූවලින් හිසකෙස් පලුදු වන්නේ නැත්නම් ඔවුන් කන්ඩිෂනර් නිපදවන්නේ නැත. මෙම කරුණ රසායන ද්‍රව්‍ය යොදා පලුදු වූ හිස කෙස් සඳහා අනිවාර්‍ය්යෙන්ම අනුගමනය කල යුතු ක්‍රමයකි
?කොණ්ඩය වවා ගැනිමේ අරමුණින් හිසකෙස් වල තෙල් ගැල්වීම මම අනුමත කරන්නේ නැහැ. ගානවානම් ගාන්න ඕන හිසේ සම මතයි. කොණ්ඩෙ ගෑවම හිසකෙස් මත ඇති තෙල් ඉවත් වීමට නම් ෂැම්පු කළ යුතුම වෙන නිසා ඔබ තෙල් ගල්වන විටදීත් හිසේ සමට පමණක් ගල්වා සම්බාහනය කරගන්න. දිනපතා හිසේ සම පිරිසිදු කිරීම මගින් හිසකෙස් ගැලවී යාම බොහෝ දුරට අඩුකර ගත හැකිය.නමුත් දිනපතා හිසකෙස් ෂැම්පු කිරීම මගින් ඔබගේ හිසකෙස් ගැලවී නොයා මගින් කැඩී යා හැකි අවදානමක් ඇති කර ගත හැකිය. හිස සහ හිසකෙස් යනු එකක් නොව එකට සම්බන්ධ වී ඇති හාත්පසින්ම වෙනස් ගුණ දරන කොටස් දෙකකි. එය අවබෝධ කරගැනීමෙන් මහත් වාසි අත්කර ගැනීමට ඔබට හැකි වේ.
?හිස පීරද්දී හිසේ සම තුවාල නොවන ඕනම පනාවක් පාවිච්චි කලාට ප්‍රශ්නයක් නැහැ. හිසේ සමට වදින්න හොඳට පනාවෙන් සියවතාවක් විතර දවසකට පීරන එකෙන් කොණ්ඩය වැවෙන්න ලොකු පිටිවහලක් ලැබෙනවා. ඒකෙන් හිසට ලේ ගමනාගමනය වැඩි වෙලා කේශ මූලය උත්තේජනය වන නිසා.
හැබැයි කෙස් ගැන සඳහන් කළොත් ඔයාගේ කේශ කල්‍යාණය පීරද්දී නම් වඩාත්ම සුදුසු වන්නේ ස්වාභාවික කෙඳි සහිත පනාවක්. ලී, ඇත් දළ, පොල්කටු වගේ ස්වභාවික දේවල් උපයෝගී කර ගෙන හැදූ පනාවකින් පීරන්න පීරන්න ඔබේ කොණ්ඩයේ දිදුලන ගතිය වැඩි කර ගන්න පුළුවන්. මේකට හේතුව කෘතීම කෙඳි වලින් හැදූ පනාවෙන් වැඩි වාර ගණනක් පිරීමේදී ස්ථිති විද්‍යුතය (static electricity ) ඇති වී කියුටිකල් එක විවෘත වෙන නිසා හිසකෙස් අවුල් සහගත බවක් පෙන්නුම් කිරීමයි. ස්වභාවික කෙඳි වලින් පිරන්න පිරන්න අපේ කෙස් ගසේ පිට සිවිය (කියුටිකල් ) විවර නොවී කෙස් ගසට හානි නොකර හොඳ තත්ත්වයෙන් පවත්වා ගන්න පුළුවන්.
?මම මේ කියන දේවල් ගැන ඕනම ප්‍රශ්නයක් බය නැතුව අහන්න. මේවා මම හොඳ වගකීමකින් කියන්නෙ හේතු ඇතුව. අහන ඕනම ප්‍රශ්නයකට මම උත්තර දෙන්න ලෑස්තියි .

(Beauty Secrets with Rapunzel)