Saturday, May 04, 2024
Follow Us
MAINTAINING   A  CURLY   HAIR

? මධූ එයාගෙ කොන්ඩෙ ගැන පෝස්ට් එක දාපු වෙලාවේ ඉඳන් ගොඩක් අය inbox ඇවිල්ලා මගෙන් අහනවා කොහොමද එහෙම හදාගන්නෙ කියල ඔන්න ඒ නිසා රැලි කොණ්ඩෙ ගැන මම අද කතා කරන්න හදන්නෙ...සෑහෙන දෙනෙකුගෙ ඉල්ලීම පිට. ගොඩක් කල් ඉඳලා මේ ඉල්ලීම තිබුණත් මම මේ මාතෘකාව පස්සට දැම්මෙ හේතුවක් ඇතුවයි... ඒ තමයි මේ...මට කැරළි වැටිච්ච ලස්සන රැළි රැළි කොණ්ඩයක් ගැන පෞද්ගලික අත්දැකීම් නැති වීම. සරලව කියනවා නම් මට රැලි රැලි මුදු මුදු ලස්සන කොණ්ඩයක් නැත ???


?මේ ගැන මට තියෙන්නේ පොතේ දැනුම සහ අනිත් අයගේ අත්දැකීම්. පොත් සහ අත්දැකීම් මට කවදාවත් ජීවිතේ වැරැද්දුවෙ නැහැ..... ඒ නිසා.....ඔන්න ඉතින් අපි අද කතා කරමු මේ curly hair ගැන...ඒක කියන්නෙ රැළි රැළි කොණ්ඩ ගැන.
?මුලින්ම කියන්න ඕනේ ආදරෙන් රැක බලා ගත්තොත් ඔය කෙලින් කොණ්ඩ කැලේ... බව... ඒතරම්ම ආකර්ෂණීයයි මේ curly hair. ඇත්තටම කිව්වොත් sexy looking hair හැටියට මේක සලකනවා..... මම දන්නවා ඉතින් දැන් කට්ටිය උඩ යන බව .???
? නමුත් අවාසනාවකට අපේ රටේ නම් මේ කොණ්ඩ අයිතිකාරියන් දහයක් ගත්තොත් එක්කෙනයි මේ කොණ්ඩෙ ආදරෙන් පරිස්සම් කරගන්නෙ... ඉතින් එහෙම අඩු සැලකිල්ලක් දැක්වුවම හිතුවක්කාර වෙන තරම හිතාගන්නවත් බැරි තරම් නරකයි මේ කොණ්ඩ. මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ ඉතින් අත්දැකීම් තියෙන අය comment කරන්නකෝ...
?හොඳයි.... අපි බලමු කොහොමද මෙයාව ආදරෙන් බලාගෙන ලස්සන පෙනුමක් අත් කර ගන්නෙ කියලා..... කොණ්ඩෙ නිරෝගීව වවාගන්න හැටි ගැන උපදෙස් ඔයාලට මම දීලා තියෙන නිසා.....ඔය කොයි කොණ්ඩෙටත් ඒවා අදාල බව මතක තියා ගන්න ඕනේ.....
? curly hair එකක් හොදින් නඩත්තු කළ යුතුයි. මම කියනවා ඒ සඳහා ඔබ නීති පිළිපැදිය යුතු බව. ඔන්න ඒ නීති.
? කොන්ඩෙට ෂැම්පු දැමීම තහනම් . කලබල උනාද?. මම කිව්වෙ කොණ්ඩෙට හොඳේ ....හිසේ සම ගැන නෙමේ
? conditioner කිරීම අනිවාර්යයි .
? හිසේ සම දිනපතා පිරිසිදු කළ යුතුයි
හැබැයි මගේ ක්‍රමයට. ඒ කියන්නෙ
shampoo for scalp conditioner for hair
? සතියට දෙතුන් වතාවක් අලුතින් වැවෙන
කොණ්ඩය නිරෝගීව ඉක්මනින් වවා ගැනීම
සඳහා මගේ ක්‍රමයට තෙල් සාත්තුව හෝ දිනපතා ලී පනාවකින් හිසේ සම උත්තේජනය කළ යුතුයි.
? මාස හතරකට සැරයක් කොණ්ඩය අඟලක් කැපිය යුතුයි.
? නෑවට පස්සෙ කොණ්ඩය පනා වලින් පිරීම
තහනම්. නාන්න කලින් පීරන්න.
නාලා කොණ්ඩෙ තෙත තියෙද්දිම අතින්....ඇඟිලි වලින් සකස් කරගන්න.
? blow dry කරද්දි diffuser එකක් පාවිච්චි කරන්න. ඒවා පාවිච්චි කරන විදිහ you tube බලන්න.
? curl එකට ආදරේ නම් flat iron පාවිච්චි කරන්න එපා
? කොණ්ඩය බාගෙට වේලුනාට පස්සේ තරමක් තෙත තියෙද්දිම කොණ්ඩෙට තෙත
රඳවන ආලේපනයක් පාවිච්චි කරන්න. සුදු පොල් තෙල් ටිකක් යාන්තම් touch
කලත් හරි. (styling gel, mousse , silicon oil, leave on conditioner, anti frizzy serum)
? ඔන්න නීති ටික දැන් හරි . මොකද හිතෙන්නේ මෙච්චරකල් ඔයාලා කරපු විදිහ නිවැරදිද ??. කෘතිමව රැලි ගන්වපු කොණ්ඩයකටත් මේ නීති ටික තමයි වලංගු සත්කාර හැටියට. ඒ අය deep conditioner එකක් පාවිච්චි කරන්න ඕනා නාද්දි.
? කොණ්ඩයේ රැලි වල වට ප්‍රමාණය අනුවත් කොණ්ඩයේ ස්වභාවය වෙනස් වෙනවා. ගොඩාක් ලොකු රැලි ප්‍රමාණයක් තියෙන කොණ්ඩ අපි wavy hair හැටියට හඳුන්වනවා . මෙහි උඩ හරිය කොණ්ඩය කෙළින් පිහිටන අතර අග හරිය ලොකු රැලි ගතියක් පෙන්නනවා. වර්තමානයේ මෙය ජනප්‍රියතම විලාසිතාවක් නිසා ස්වභාවයෙන් මෙය හිමි වන අයගේ කොණ්ඩෙ සමාජයේ හොඳ ආකර්ෂණයක් දිනා ගන්නවා. මොකද මේ ස්වභාවයේ රැළි කෘතිමව සකස් කළ හැක්කේ wash to wash කාල සීමාවටකට පමණක් නිසා.
? ඒ අතරින් අපට දකින්න පුළුවන් කෙලිනුත් නැති රැලිත් නැති මෙලෝ ලස්සනක් නැති කොණ්ඩ....... (frizzy hair);අන්න ඒ අයට ඉතාමත් සුදුසුයි රසායන ද්‍රව්‍ය යොදා හෝ කෙරෙට්න් සත්කාරක් මඟින් කොණ්ඩය පිළිවෙලට සකස් කර ගන්න එක. එහෙම කරලා ආදරෙන් රැක බලා ගන්න ඕනේ.
? කවුරු මොන විදිහේ මත ඉදිරිපත් කළත් වර්තමානයේ අපේ බාහිර පෙනුමට ලොකු අවධානයක් සමාජය තුළ තිබෙනවා. පිළිවෙලට ලස්සනට පිරිසිදුව ඉන්න අයට ආකර්ෂණය වැඩි කොතනත්........
? ඉතින් දැන් මේක අපේ group එක. ඒ නිසා ලස්සන වීම ගැන ඔයාලට අහන්න තියෙන ඕනම ප්‍රශ්ණයක් මේ ගෲප් එකේ පෝස්ට් එකක් දාලා අහන්න පුළුවන් . ඒකට උත්තර මම හරි මගෙත් එක්ක මෙච්චර කල් රැඳිලා හිටපු සාමාජිකාවක් හරි උත්තර දේවි . ඒ නිසා මම හිතන්නේ දැන් inbox ඔයාලට ප්‍රශ්න අහන්න උවමනා වෙන එකක් නැහැ බියුටි සම්බන්ධව .

(Beauty Secrets With Rapunzel)