Thursday, April 18, 2024
Follow Us
BODY  BUTTER

Body Butter කිව්වම කාටත් තේරෙනවා ඒක ශරීරයට ගල්වන දෙයක් කියලා.ඒත් ඉතින් ලංකාවටනම් ගොඩක්ම පුරුදු body butter කියන එකට වඩා body lotion කියන එක.


අන්න ඒක නිසා තමයි මං මේ ගැන ලියන්න හිතුවේ.?
ශරීරයට ගල්වන ආලේපන ප්‍රධාන වශයෙන් කොටස් 3 තියෙනවා.
1️⃣ Body Lotion
2️⃣ Body Cream
3️⃣ Body Butter
♥️Body Lotion
Body lotion වල ජලය වැඩි ප්‍රමාණයක් අන්තර් ගත වෙන්වා.එහි 70%ක් පමණම ජලය අඩංගුයි.ඔබ body lotion පාවිච්චි කරන අයෙකු නම් දැනුවත් ඇති මේ පිලිබද එය එතරම් ඝනකම ස්වභාවයකින් යුක්ත නෑ.මේ body lotion වඩාත් සුදුසු වන්නේ තෙල් සහිත සමක් හිමි අයට.
♥️Body Cream
මෙවා body Lotion වලට වඩා තරමක් ඝනකමින් යුක්තය.Body Cream වල ජලය අන්තර් ගත වන්නේ 20%ක පමණ ප්‍රතිශතයක්.මෙය වියලි සම හා සාමාන්‍ය සම යන දෙවර්ගයටම නිර්දේශ වුවත් වඩාත් සුදුසු වන්නේ සාමාන්‍ය සමක් හිමි අයෙකුටයි.
♥️Body Butter
මේවායේ ජලය අංශු මාත්‍රයක්වත් අඩංගු වන්නේ නැති තරමිය.ඉතාමත් ඝන තරලයක් ලෙස ඇති Body Butter අධික වියලි සමක් සදහා ඉතාමත් සුදුසුයි.මේවායේ වැඩියෙන්ම තියෙන්නෙ Shea Butter.(ශිආ,ශෙය වශයෙන්ද වර නගයි ).අප්‍රිකාවේ shea නැමැති ගසෙහි ගෙඩි වලින් ලබා ගන්නා සාරයෙන් මෙම shea butter නිශ්පාදනය වේ.
අධික වියලි සමක් හිමි අයෙකුට body butter එකක් විදියට මේ shea butter පමනක්ම වුවත් භාවිතා කරන්න පුලුවන් .
ඔබේ සමට ගැලපෙන cream එකක් තෝර ගන්න මෙය ප්‍රයෝජනවත් වෙතැයි මම සිතමි.

(Beauty Secrets with Rapunzel)