Friday, April 19, 2024
Follow Us
නාසයේ පිහිටීම අනුව ඇසුරු කරන්නා කෙබඳු අයෙක් දැයි දැනගන්න

දේහ ලක්ෂණ විද්‍යාෙව්දී නාසයේ පිහිටීම පිළිබඳවත් බොහෝ විචාර ලබා දිය හැකියි. ‍ඕනෑම කෙනකුගේ මුහුණ දෙස බැලීමේදී එක එල්ලේ නාසය පෙනේ. මේ නිසා නාසයේ පිහිටීම අනුව කෙනකුගේ මුහුණට ලැබෙන පෙනුම විශේෂිතය.

ඔබටත් ඔබේ නාසයේ පිහිටීම අනුව ඔබ කෙබඳු කෙනෙක්දැයි විමසා දැනගත හැකි අතරම ඔබ ඇසුරු කරන අයගේ නාසයේ පිහිටීම අනුව ඔවුන් කෙබඳු අයදැයි දැන ගැනීමෙන් ඇසුරු කරන්නට පහසු වේවි.

සිහින්ව කුඩා සිදුරු සහිත (කුඩා නාස් පුඩු සහිත) මනාව වටවූ නාසයක් වේ නම් ඈ බුද්ධිමත් තීරණ ගැනීමේදී කලබලයකින් තොරව වැඩ කටයුතු වල නිරත වේ. වාසනාවන්ත චරිත ලක්ෂණ පිහිටයි. සිහින් උල් සහිත ගිරා හොටක් වැනි නාසයක් හිමි නම් විවිධ විෂයන්වලට සමත්කම් ඇති බුද්ධිමත්ව වැඩවල නියැළෙන්නියකි. ඉතාම උපක්‍රමශීලී ලාභයක් අපේක්ෂා කරන විට එය කුමන හෝ ආකාරයකට ඉටුකර ගැනීමට මාන බලයි.

කුඩා සිදුරු සහිත කෙටි නාසය ඇත්නම් එය උසස් ලක්ෂණයකි. රාජ්‍ය තනතුරු ලබයි. මහජන ප්‍රසාදයට පත් වේ. රාජ්‍ය බලය නිසි ලෙසට ක්‍රියාවේ යොදවයි. නාසයේ අග පැතලිව ඝනව ඇත්නම් එය එතරම් සුබ නොවේ. මසුරුකමින් පිරී ඇත. කම්සුව විඳීමේ භාග්‍ය හීනයි. නිතර කලහ කරයි.

වක් වූ සිදුරු මහත්ව පිහිටීම අසුබ ලකුණකි. යුග දිවිය ද එතරම් සැපදායක නොවේ. වංකව කැපී පෙනේ. තද ආත්මාර්ථකාමියි.

මහත් වූ විශාල වූ සිදුරු ඇතිව උඩට වැඩී ඇති නාසයක් හිමිනම් ඔහු හෝ ඇයට සම්පත් අහිමි වේ. යුග දිවියේ ද එතරම් සුවයක් විඳින්නට නොලැබෙන අතර අන්‍යයන්ගේ අප්‍රසාදයට පත් වේ. දුක් කරදරවලට නිසැකවම පටලැවේ.

නාසය උඩින් උස්ව ඇත්නම් ඉගැනීමට දක්ෂයි. පරිපාලනයට පත් වේ. ජීවිතයේ අනපේක්ෂිත අන්දමට සම්පත් හිමිවේ. කිසි දිනෙක දුක් කරදරවලට හසු නොවේ. දිරිය කෙනකු වේ. කෙසේ හෝ සියල්ල ජය ගනී.

ඇහි බැම ළඟ සිට ක්‍රමයෙන් උස්ව මනාව දිගැටිව නාසයේ අග ඉතාම සිහින්ව තිබේ නම් උපතින්ම ධනය හිමි ජනප්‍රසාදයට පත්වන්නියකි. රට රටවල සංචාරය කිරීමට ආරාධනා ලැබේ. ඇසුරට ඉතාම යහපත් චරිතයකි.

නාසය එල්ලෙන සුළු අක්‍රමවත්ව පැහැදිලිව හා මහත් වූ පුඩුව සහිත නම් කලහකාරී අයෙකි. අන්‍යයන්ට පරිභව කරයි. තද මසුරු අයෙකි. පවුල් අවුල් ඇතිකර ගනී.

නාසයේ අග ඉතාම පැතලිව මහත් වූ නාස් පුඩු ඇත්නම් ඔහු හෝ ඇයගේ ගති ගුණ එතරම් සුබවාදී නොවේ. නිතර කෝපවන අන්‍යයන්ට ගරහන චරිතයකි.

මනාව දැකුම්කළු පැහැපත් නාසයක් හිමිනම් වාසනා ගුණයෙන් පිරුණු අයෙකි. දක්ෂතා ඇති කීර්ති ප්‍රශංසා ලබයි. යුග දිවිය රන්රස සේ යහපත් වේ.

නාසයේ අග උඩට නෙරාගිය විශාල නාස් පුඬු සහිත නම් ද, උපන් ලපයක් ද ඇත්නම් එය එතරම් සුබදායි නොවේ. චපල අයෙකි. අහංකාරයි. උඩඟුකම නිසා අප්‍රසාදයට පත් වේ. යුගදිවියෙන් පසු අනාචාරයට පෙළඹෙන්නට පවා ඉඩ තිබේ.

මානෙල් හෝ නෙළුම් පෙත්තක් බඳු නහයක් හිමි නම් ඉතාම වාසනාවන්තයි. ආකර්ශණීයයි. කාමරාග නිශ්චිතයි. නාසයේ කලාත්මක හැඩය නිසා සිත් ඇදගනී. යුග දිවිය ඉතාම රසිවත් වේ. විවාහයෙන් පසු බොහෝ සම්පත් ලැබේ. ශ්‍රියා කාන්තාවක් වන්නීය.

'ප' යන්නේ හැඩැතිව සිහින්ව බඳක් සහිත මටසිළුටු නාසයක් හිමි නම් වාසනාව පිරී ඉතිරී යයි. ජනයා අතර කැපී පෙනේ. ආලය ප්‍රේමය ජයගනී.

තලමලක හැඩැති නාසයක් නම් සාර්ථක දිවියක් මෙන්ම යුගදිවිය ද සැපවත්ව ගෙවේ. සංවේදීයි. සත්‍යගරුකයි. අන්‍යයන් හා ඇසුරට සිත් ගනී.

(Tharunie)