Friday, March 29, 2024
Follow Us
sugar and honey wax

අනවශ්‍ය රෝම තාවකාලිකව ඉවත් කිරීමේ හොඳම ක්‍රමය හැටියට මම පසුගිය ලිපියෙන් ඔයාලට කිව්වේ ඉටි භාවිතයයි. මේ ඉටි හදාගන්න ප්‍රසිද්ධම විදිය තමයි සීනි භාවිතය. මේක සමහර අයට හොඳ පදමට හදාගන්න පුළුවන් උනාට ගොඩක් අයට බැහැ. ඒ නිසා අපි බලමු කොහොමද හොඳ wax එකක් හදා ගන්නේ කියලා.


වැක්ස් හදන හුඟක් ක්‍රම තියෙනවා. එක් එක්කෙනාට එක එක විදිහට සාර්ථක වෙනවා. මම මේ කියන්නෙ මට සාර්ථක වෙච්ච ක්‍රමය. ඒ නිසා *අරවා දැම්ම නම් හොඳයි ද, මෙහෙම හැදුවම හොදයි ද ?* කියල අහන්න එපා. ඕනම දෙයක් උත්සාහ කරලා බලන්න. වෙළඳපළෙන් මිලදී ගන්න තියෙන sugar wax පවා මම පාවිච්චි කරලා අසාර්ථක වෙලා වැරදීම් වාර ලොකු ගානකට පස්සේ තමයි සාර්ථකම ක්‍රමය මම හොයා ගත්තේ.
අවශ්‍ය ද්‍රව්‍ය : සීනි කෝප්පයක්,
මී පැණි කෝප්පයක්
දෙහි යුෂ කෝප්ප බාගයක්

(Beauty Secrets with Rapunzel)