Friday, April 26, 2024
Follow Us
STRETCH   MARKS

මට අද හිතුනා කාන්තාවන්ට.... විශේෂයෙන් දරුවන් ලැබූ කාන්තාවන්ට තියෙන ගැටලුවක් ගැන විස්තර ටිකක් සඳහන් කරන්න. අනේ ඉතිං මට මේ ගැන මහ ලොකු වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැහැ. මට strech marks ආවේ නැහැ මුල ඉඳලම පරිස්සම් උන නිසා . මේක වෛද්‍යවරයෙක් ලියපු පොතකින් තමයි මම උපුටා ගත්තෙ.


stretch marks එහෙමත් නැති නම් සමඇදීමෙන් ඇතිවෙන කැලැල්....
දරුවන් බිහිකළ කාන්තාවන්ගේ උදර ප්‍රදේශයේ බහුල වශයෙන් දක්නට ලැබෙන මෙය කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ට ඇති විය හැකි තත්වයකි. කෙට්ටු වී සිට සීග්‍රයෙන් මහත් වූ අයගේ ඇඟවල් වල ද මෙය දැකිය හැක. ඇතැමුන්ගේ සමේ ඉරි ඇඳුණු ස්වභාවයක් ගන්නේ ද මෙම stretch marks හේතුවෙනි. මෙහිදී සමේ පැහැයට වඩා තද පැහැයක් හෝ ලා පැහැයක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි.
මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඉතාමත් ශීඝ්‍රයෙන් සිදු විය හැකි සමේ ඇදීමයි. සමට යටින් ඇති පටක ශීඝ්‍ර වර්ධනයකට ලක්වීම මෙයට හේතු වේ. මෙහිදී සමට අවශ්‍ය පරිදි වර්ධනය වීමට කාලයක් නොලැබෙන බැවින් සම අධිකව පීඩනයකට ලක් වේ. මෙහිදී සමේ මැද තට්ටුව ( චර්මය ) ඉරෙන අතර එයට යටින් ඇති රුධිර වාහිනී සහ මේදය පිටතට පෙනීමකට ලක්වේ. ඇතැම් විට මෙම සලකුණු රතු හෝ දම් පැහැයට වුවද දැකිය හැක
?stretch marks ඇතිවිය හැකි ස්ථාන,
? උදරය ආශ්‍රිත ව
? අත් බාහුවේ
? පපුව ප්‍රදේශයේ
? කිහිලි ආශ්‍රිතව
?කලවා ප්‍රදේශයේ
?තට්ටම් ප්‍රදේශයේ
?ස්ට්‍රෙච් මාක්ස් ඇතිවිය හැකි අවස්ථා ,
? ගර්භනි මව්වරුන්ට.... විශේෂයෙන් දරු
ගැබ මෝරා උදරය ඉදිරියට ඒමේ දී මෙය
ඇති විය හැක.
? යොවුන් අවධිය ලෙස සලකනු ලබන වයස
අවුරුදු 10 සිට 14 දක්වා වන අවධියේදී...
? පවුලේ අනෙක් අයගේ ඇති විට
කලාතුරකින් ඇති වීමේ ප්‍රවණතාවක්
දැකිය හැක මෙය ප්‍රවේණික සාධකයකි.
? ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ දිගු කාලීනව
භාවිතා කරනු ලබන්නන්ට මෙය ඇති විය
හැක.
කෙසේ වෙතත් ඇතැම් strech marks ඉතා සුළු වශයෙන් ඇතිවන අවස්ථාවලදී කාලයත් සමඟ ඒවා මැකී යනු ඇත. මෙම කැළැල් ඇති වූ විට මකා දැමීම අපහසු බැවින් විශේෂ අවස්ථා (ගැබ් ගැනීම ) හැරුණු විට දී අනෙක් අවස්ථාවන් වලදී ඇතිවීම වළක්වා ගැනීම සුදුසු වේ. ශරීරයේ බර ඉක්මනින් ඉහළ පහළ යෑම නතර කර ගැනීම මගින් මෙම ලප ඇතිවීම අවම කරගත හැක.
? ස්ට්‍රෙච් මාර්ක් සඳහා ප්‍රතිකාර ක්‍රම
?ආලේපනයන් මගින්....
ගර්භනී කාලයේදී ගර්භයට මාස තුන පසු වූ අවස්ථාවේ සිටම සමේ තෙතමනය රඳා පවත්වා ගැනීමට සුදුසු ආලේපනයක් භාවිතා කිරීම මගින් stretch marks ඇතිවීම වළක්වා ගත හැකිය. (ගයිකොලික් හා ලැටික් අම්ලය අඩංගු ආලේපන) (මෙය මා අත්දුටු ක්‍රමයයි )
?ලේසර් කිරණ මගින්....
මෙය නවීන ක්‍රමවේදයකි. මෙලෙස සමේ චර්මීය කොටසේ ඇති කොලජන් හා ඉලාස්ටින් කොටසට ලේසර් කිරණ යැවීම මගින් උත්තේජනයක් සිදු කරනු ලබයි. කුරුලෑ කැළැල් සඳහාද යොදා ගත හැකි ක්‍රමයකි මෙය.
අපි කවුරුත් විශේෂයෙන් ගැහැණු අපි මැරෙන තෙක් ලස්සනට සිටීමට කැමති අය වෙමු. එය නොමිලේ ලැබෙන්නේ නැත. ඒ සඳහා මහන්සි විය යුතු ය. සැමදා එක ලෙස අප ගේ රූපය පවත්වා ගත නොහැකි වුවත් සංකූලතා ඇතිවීමේ කාල පරාසයන් ඈත් කර ගැනීමට අපහසුවක් නැත. අවශ්‍ය ඔබ ඔබ ගැන සැලකිලිමත් වීමයි.

(Beauty Secrets with Rapunzel)