Friday, April 19, 2024
Follow Us
Maskara /fake Eyelashes ❣️❣️

මේකප් ගැන ලියන ලිපි මාලාවේ මස්කාරා හා කෘතිම අැහි පිහාටු සම්බන්ධයෙන් තමයි මේ ලිපිය.


මස්කාරා යනු ඇහිපිහාටු වැඩි දියුණු කිරීම සඳහා බහුලව භාවිතා වන රූපලාවණ්‍යය අාලේපනයකි. එය ඇහිපිහාටු අඳුරු කිරීම, ඝණකම වැඩි වීම, දිගු කිරීම සදහා යොදාගන්න අාලේපනයක් ලෙස හැදින්විය හැක.
මස්කාරා ගත්තම ඔයාලට විවිධ ගැටලු තියෙනවා. දියවෙනවා කියනවා, සමහර එ්ව යවන්න අමාරැයි කියනව. සමහර එ්ව ගෑවම අැස් කසනවා කියනවා. කෘතිම අැහි පිහාටු සම්බන්ධයෙනුත් එ් ප්‍රශ්න එසේමයි. මම හැකි විදියට මේ ලිපියෙන් ඔයාලගෙ මස්කාරා හා කෘතිම අැහිපිහාටු සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන්නම්.
මස්කාරා විවිධ වර්ග වලින් හා විවිධ වර්ණ වලිනුත් මිලදි ගන්න තියෙනවා.
? වර්ණ විදියට ගත්තම fantasy makeup /darama/stage makeup වලිදී නිල්, කොල සුදු වගේ විවිධ වර්ණ පාවිච්චි කරනවා.
එ් වගේම අැහි පිහාටු හොද ලස්සන කර්ලි දිග හොද වොයියුම් එකක් තියෙන කෙනෙක්ට මස්කාරා අවශ්‍ය නැතිනම් අැහි පිහාටු වල තෙත් බව පෙන්විමට පමණක් වගේ transparant (අවර්ණ) මස්කාරා මිලදිගන්න තියෙනවා. එ් වගේම කොන්ඩය දුඹුරැ හෝ blond වර්ණයෙන් තියෙන කෙනෙක් නම් අැහඅ පිහාටු කදු පැහැයෙන් දිස්වනවාට අකමැති නම් එ් සදහා දුඹුරැ හෝ වෙනත් කලු පැහැය අඩු කරන වර්ණයක් පාවිච්චි කරන්න පුලුවන්.
? මස්කාරා වර්ග
1. Maskara primer
Foundation එකට කලින් පාවිච්චි කරන primer එක වගේම එකක් තමය් මේ. දිනපතා මස්කාරා පාවිච්චි කරන අයට අැහ් පිහාටු අාරක්ෂා කරගෑනිමට, වැඩි වේලාවක් මස්කාරා අැහි පිහාටු වල රැදවිමට අැහි පිහාටු වටා තෙතමනය අාරක්ෂා කිරිමට තමයි පාවිච්චි කරන්නේ. ලංකාවේ මේක මිලදිගන්න තියෙනවාද කියල මම දන්නෙ නැහැ.
2. Lengthening maskara
දිගෙන් අඩු අැහි පිහාටු දිගටිවට පෙන්විම සදහා පාවිච්චි කරනවා. මේව වල plastic polymer අඩංගුයි. Nylon, reyon වලින් නිෂ්පාදිත මේවා අැහි පිහාටුවේ කෙලවර දිගටියට ගෙන අවසන් කරනවා. මේකෙ දි ගන්න ඔ්න වොලියුම් එක shape එක maskara brush එකේ හැඩය අනුව තීරණය වෙනවා. සාමාන්‍යයෙන් මේක apply කලාම කෘතිම අැහි පිහාටු වගේ තමයි දිස්වෙන්නෙ.
3. Thickning /volumizing maskara
තුනී අඩු අැහි පිහාටු සදහා පාවිච්චි කරනවා. මේ වගේ මස්කාරා heavy ගතිය අඩුවෙන් පෙන්වන මුත් අැහි පිහාටු වල volume එක වැඩිකරල පෙන්වනවා. මේවා වල silicone polymers සහ විශේෂ වැක්ස් වර්ග පාවිච්චි කිරිම මගින් තද කලු පැහැයෙන් දිස්වීමටත් අැහිපිහාටු ශක්තිමත් පිරැනු බවකින් පෙන්වීමටත් යොදාගෙන ත්යෙනව.
4. Curling maskara
කෙලින් පිහිටා අැති අැහි පිහාටු සහ අවිධිමත් ලෙස පිහිටා අැති අැහි පිහාටු සදහා වඩාත් සුදුසුයි. මේ මස්කාරා වර්ගය සදහා curvy shape බ්‍රෂ් එකක් එනවා. එමගින් අැහිප්හාටු වල curly shape එක ලස්සනට අරගන්න පුලුවන්.
5. Smudge proof maskara
මේ මස්කාරා වර්ගය වෙන්වෙලා තියෙන්නේ තොපමන වෙලා ගතවුනත් ක්‍රමවත්ම අයිමේකප් එක එලෙසම තබා ගන්න ඔ්න අයට, අැස අතෙන් පොඩ් කලත් එහෙ මෙහා වැදෙන් නැතුව තියාගන්න, කදුලු අාවට දියවෙන්නෙ නැතුව තියාගන්න ඔ්න අයට, swimming කරද්දි පාවිච්චි කරන්න ඔ්න අයට, එලිමහනේ දුවල පැනල. අැවිදින හැමෝටම, දවස පුරා මහන්සි වෙලා වැඩ කලත් දවස අවසානය වෙද්දි වෙනස් නොවන ලෙස මස්කාරා එක තියාගන්න ඔ්න සියලු දෙනාටමයි. මේක විශේෂයෙන්ම වතුරේ දිය නෙිවන ලෙසත්, අතින් පොඩි කල විට පලුදු නොවන ලෙසත් oil base wax එකක් හා polymer වර්ග. පාවිච්චි කරල නිපදවල තියෙනවා. මේක දවස අවසානයේ ඉවත් කරගැනිමට නම් oil base makeup remover එකක් අවශ්‍යයි. සරලව ගත්තම අැස් වඩා ගල්වන්න සුදුසු ඔුනෑම ඔයිල් වර්ගයක් තවරගත්ත පුලුන් වලින් ඉවත් කරගන්න පුළුවන්
උදාහරණ : baby oil, coconut oil, olive oil
6. Waterproof maskara
මස්කාරා පාවිච්චි කරනවානම් අනිවාර්යයෙන්ම මේ අංගයේ එකක් ව්ය යුතුමයි. නැත්තම් වැස්සට, දාඩියට, කදුලු වලට අහුවුනෙිත් මුහුනේ දිගට අැදුම් වලට එනකම්ම බේරිලා වැක්කෙරන්න ගනන්වා. තෙල් සහිත සමක් තියෙන අය වුනත් අනිවාර්යයෙන්ම waterproof මස්කාරා පාවිච්චි කරන්න ඔ්න තමන්ගෙම මුහුනේම වුනත් තෙතමනයට අහුවෙලා මස්කාරා එක සවුත්තු වෙන්න පුළුවන්. මේ මස්කාරා වර්ගය waterproof කිරීම සදහා මිනරල් oil වර්ල, සතුන්ගේ හෝ ශාක වලින් ලබා ගන්නා වැක්ස් වර්ග යොදාගෙන අැත.
7. Lash defining maskara (3d defining)
මේ වර්ගයේ මස්කාරා වලින් ඉහත කිව්ව සියලු කාර්යයන් කරනු ලබනවා එ් කියන්නේ volume එක length එක තද වර්ණය, එ් වගේම water proof smudge proof. Ingredients ගත්තම විශේෂ polymers වර්ග වලින් fiber වර්ග වලින් මිනරල් oil සහ වැක්ස් වර්ග වොදාගෙන නිපදවන තියෙනවා.
? ඔයාලගෙ අවශ්‍යතාවය අනුව මෙයින් එක් වර්ගයක් select කරගන්න පුලුවන්. හැබැයි වැදගත්ම කාරණය මේක මොන වර්ගයක එකක් වුනත් පලමුවෙන්ම බලන්න ඔ්න මස්කාරා brush එකේ හැඩය සහ ප්‍රමාණය. සමහර මස්කාරා වර්ග වල එනව ඉතාම ලොකු බ්‍රශ්. සමහර වෙලාවට ඉතා තද නම්‍යශීලී නොවන බ්‍රෂ් විදියට දකිනව. සමර එ්වයෙ අනවශ්‍ය ලෙස දිග කෙඳි, එ්වලින් අාලේප කරන්න අැත්තටම අපහසුයි එ් වගේම අාලේප කිරීම දුර්වලයි. මම පුද්ගලිකව කැමති නම්‍යශීලී බවකින් යුතු සිහින් දිගයි, එ් වගේම එක පැත්තක දිගටි කෙදි සහ අනෙක් පැත්තේ කෙටි කෙදි සහිත brush එකකටයි. මම පුද්ගලිකව මස්කාරා ම්ලදි ගන්නකොට බලන්නේ කාරණා 3ක් විතරයි.
1.ඉහත කිව්ව brush එකේ විදිය. එ්ක එහෙම නැත්තම් අනෙක් කාරණා නොබලාම එ්ක අතරලා දානව
2. Water proof හා smudge proof ද කියන එක
3. Lash defining /3d defining ද කියන එක.
ඉහත කාරණා දෙක පමනක් තිබුනත් මට අවශ්‍ය විදියට එ් මස්කාරා එක හසුරුවා ගැනිම මට ප්‍රමානවත් වෙනවා.එ් වලේම දිග හා කෙටි කෙදි දෙකම තියෙන බ්‍රෂ් එකකින් අපිට අැසි උඩු පියනේ අැහි පිහාටු මෙන්ම කෙටි කෙදි වලින් අැහේ යට කොටසේ අැහ් පිහාටුද වර්ණ ගන්වන්න පුලුවන්. එ්කෙන් අැත්තටම ගොඩාක් හොද කැපි පෙනෙන පෙනුමක් අැස් වලට ගන්න පුළුවන්. එවැනි මස්කාරා brand මම මේ පොස්ට් එකේම කමෙන්ට් එකකින් කියන්නම්. එ් වගේම අවශ්‍ය බ්‍රෂ් වල හැඩ සහ පෙනුමත් පොටෝ මගින් පැහැදිලි කරන්නම්.
?මස්කාරා ඉවත් කිරිමට පහසුම ක්‍රමය තමයි oil වර්ගයක් (baby oil, coconut oil, olive oil) පඅලඅවන් කැල්ලකට ගෙන අැහි පිහාටු පිස දැමීම. පහසුවෙන් ඔ්නැම මස්කාරා වර්ගයක් ඉවත් කරගන්න පුලුවන්.
? Fake / False Eyelashes කෘතිම අැහි පිහාටු.
මේ ගැන විශාල පෙස පැහැදිලි කිරීමක් කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. Makeup artist කෙනෙක් විදියට මගේ අත්දැකීම් අනුව මම දන්නවා කෘතිම අැහි පිහාටු ගැන ගොඩාක් අයට තියෙන අවබා්ධය බින්දුවයි. ඉතින් මේ ගැන වැල් වටාරම් නැතිව ඔයාල දැනගෙන ඉන්න ඔ්න දේ පමණක් මම කියන්නම්.
? කෘතිම අැහිපිහාටු ගත්තම අපිට සාමාන්‍යයෙන් ලංකාවේ වෙළඳ පොලේ තියෙන සමහර එ්ව ඉතාම බරයි. ලග ලග කෙදි පිහිටල තියෙනව ඉතාම වැඩි වොලියුම් එකකින්. ඔයාල හිතනව එහෙම වැඩි වෙන තරමට ලසස්නයි කියල ඉතින් ඔයාල මිලදිගන්නවා. නමුත් එ් වගේ එ්වා දැම්මම එ්වල බරට අැස් අඩවන් වෙනව. අැහි පියන උඩින් වහලයක් හයි කරල වගේ කෘතිම පෙනුමක් එනවා. එ් වගේම නිදිමත පෙනුමක් මුනට එනව. එතකොට ඔයාල හිතනව Eyelashes දැම්මම මගෙ අැස් නිදිමත පාටයි එි නිසා මට එ්ක හරියන් නැ කියල. එ්ක එහෙම නෙමේ තමන්ට ගැලපෙන වර්ගය හා විදිය තොරගන්න ඔ්න.
? අැහි පිහාටු වර්ග බලකොට නිතරම බරින් අඩු එකක් ගන්න. වොලියුම් එක හා දිග වැඩි වුනාට ප්‍රශ්නයක් නැහැ. දිලිසෙන කෘතිම පෙනුම නැති බරින් අඩු එකක් මිලදිගන්න. පොටෝ වලින් නැචුරල් පෙනුම තියෙන එ්ව හා කෘතිම පෙනුම තියෙන එ්ව මම දාලා අැති.
?අැහි පිහාටු තනියම අලවගනන් එක නම් සාර්ථක නැහැ. එ්ක හොදට නතිවම කරගෙන පුරැදු පුහුනු වඅන කෙනෙක්ට අැරෙන්න වෙන කෙනෙක්ට කම් එ්ක කරන්න බැහැ. එ් නිසා එහෙම පුරැද්දක් නැතිනම් අනිවාර්යයෙන්ම එ් සදහා පළපුරුදු කෙනෙක් තොරගන්න. නැතිනම් ස්වාභාවික අැහි පිහාටු වලත් එ් ගම් එක වැදිල අන්තිමට එ්වත් ගැලවිලා යයි.
?අැහි පිහාටු දෙකත් එක්ක එන ගම් එක නම් සාර්ථක නැහැ. වෙනම අැස් වටා සමට සුදුසු glue එකක් තියෙනවා Eyelashes අලවන්න. එ් glue එක තමයි අපි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් රෑපලාවන්‍යගාරයේ එ් glue එක තියෙනව ඔයාල වෙනම ගෙනියන්න අවශ්‍ය නැහැ. එ්ත් එ්කෙත් රෑපයක් මම කමෙන්ට් එකක දාන්නම්.
? එක සැරයක් පාවිච්චි කරපු අැහි පිහාටු දෙකක් අාපහු දාන්න එපා
? සාමාන්‍යයෙන් අැහි පිහාටු ගත්තම වඩාත්ම නැචුරල් පෙනුමක් ගෙනදෙන්නේ අැහේ මුල කොටට හා ක්‍රමයෙන් අැහේ අයින කෙලවරට යත්ම දිගටි වෙන පරිදි පිහිටා අැති Eyelashes වේ.
? අැහි පිහාටු අැලෙව්ව ගමන්ම අැහැට බර ගතියක් දැනුනත් ටික වෙලාවකින් එ්ක අැහැට පුරැදු වුනාම හරියනවා. නියමිත අයුරින් හරි ස්ථානයේ අැලෙව්වා නම් ගලවාගැනිමත් පහසුයි. එ් වගේම කොන් දෙකේ හොදින් glue එක වැදිය යුතුයි නැත්නම් ටික වෙලාවකින් කොනක් ගැලවුන ගමන් බාගයක්ම ගැලවෙනවා.
? දැන් වෙලදපලට කාන්දම් වලින් අැලවෙන අැහි පිහාටු නිකුත වෙලා තියෙනව. එ්ත් එ්ක නම් එච්චර සාර්ථක නැහැ.සවි කිරිම ඉතාම අපසුයි එ් වගේම රදවා තවා ගැනිමත් අපහසුයි.

? Eye lash extention
ස්වාභාවික ඇහිබැමිවල දිග, රැලි බව, පූර්ණත්වය සහ ඝණකම වැඩි කිරීමට eyelash extension භාවිතා කරයි. මේ සඳහා කෘතිම, මිනිස් හෝ අශ්ව හිසකෙස් ඇතුළු ද්‍රව්‍ය වලින් නිපදවූ අැහි පිහාටු භාවිතා කරයි. ඉතාම ලස්සන ස්වාභාවික පෙනුමට ඉතාම සමාන ලෙස අැහි පිහාටු ලස්සන කිරිමට යොදාගනන් පුළුවන් ක්‍රමයක්.
මේ ගැන මට ලොකු දැනුමක් නැ. නමුත් මම දන්නා පිරිදි මේක සිද්ධ වෙන ක්‍රමය මෙහෙමයි.
මේ සඳහා අැස් සදහා හිතකර විශේෂිත ගම් වර්ගයක් පාවිච්චි කර අැහි පිහාටු එකින් එක අදාල ස්ථාන වල අැලවිම සිදු කරනු ලබයි. සාමාන්‍යයෙන් මාසයක් වගේ කාලයක් මේ අැහි පිහාටු තබාගන්න පුලුවන්. මේ සදහා විශේෂ අත්දැකීමක් සමග තාක්ෂණික දැනුම එයාල පාවිච්චි කරනවා. Eyelash extension කල පසු එ්ක නඩත්තු කරන අාකාරය, කල යුතු දේ නොකල යුතු දේ ගැනත් එයාල දැනුවත් කරනවා. සාමාන්‍යයෙන් කලා ක්ෂේත්‍රයේ අය නිරැපන ක්ෂේත්‍රයේ අය නිතර කැමරාවට හා මිනිසුන් ඉස්සරහට එන න්සා එයාලට මේ Eyelash extension එකපකරගත්තම ඉතාම පහසුයි. එ් වගේම මේක කිසිම කාතිම පෙනුමක් ගෙන දෙන්නේ නැහැ. ඉතාම ස්වාභාවික පෙනුමකින් එ් වගේම ලස්සනට සති දෙක හා සති 4ක පමන කාලයක් අැහි පිහාටු රදවා තබා ගන්න පුලුවන්. මේ සදහා වරකට අවම 10,000 ක වත් මුදලක් වැයවෙනවා.

✍️ Dilakshi Perera
(Beauty Secrets with Rapunzel)