Friday, March 29, 2024
Follow Us
 Choosing  a  good  whitening cream  2

? පසුගිය ලිපියෙන් මම ඇතුළු හුගක් අය කැමති මාතෘකාවක් වෙන whitening cream ගැන අපි කතා කළා. බොහෝ අයට ඒ පිළිබඳව තිබුනේ අමිහිරි අද්දැකීම්... එහෙම වෙන්න හේතුව බොහෝ විට ඒවායේ තිබෙන සමට අහිතකර රසායන ද්‍රව්‍ය නිසයි.


? හැබැයි හොඳම තත්වයෙන් යුතු ආලේපන පවා අපේ සමට අසාත්මිකතා දක්වන්න පුලුවන් කියන එකත් ඔබ අවබෝධ කර ගත යුතුයි . උදාහරණයක් හැටියට අපි ස්වභාවික දෙයක් පාවිච්චි කලත් ඒවා පවා එක වගේ හැමෝටම හොඳ වෙන්නේ නැහැ . තක්කලි උනත් ගෑවම සමහර අයගේ සමට alergy වෙනවා.
? හොඳම දේ තත්වයෙන් උසස් ආලේපනයක් වුණත් පාවිච්චි කරද්දි ප්‍රශ්න ඇති වුණොත් නවතා දමන එකයි. ඒ වගේම වඩාත් සුදුසුයි අසාත්මිකතාවය අඩු වෙන්නේ නැත්නම් සමේ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැහෙන එක. ඒක සුදුවෙන ක්‍රීම් වලට විතරක් අදාළ දෙයක් නෙමෙයි . ඕනෑම ආලේපනයකට එය වලංගුයි. අත් බෙහෙත් කර කර බලාගෙන ඉන්න එපා. ඒකෙන් තත්ත්වය තවත් භයානක වෙන්න පුළුවන්.
? අපේ අවශ්‍යතාවලට අනුව වෙළඳපොළේ මිලදී ගැනීම සඳහා ඕනෑ තරම් නිෂ්පාදන තිබෙනවා. නමුත් මම ඔයාලට කියන්නෙ හොඳම ප්‍රතිඵල ලබා ගන්න නම් හිතුමතේ දේවල් ගාන්න එපා... සුදුසුම දේ වන්නේ සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් සහය ලබා ගැනීමයි .
? ඔවුන්ට පුළුවන් සම පරික්ෂා කරලා ඉතාමත් උසස් තත්වයේ ආලේපන සඳහා ඔබව යොමු කරන්න සහ එය ඉතාමත්ම වගකීමෙන් යුතු දෙයක්. මොකද ඔවුන් නිර්දේශ කරන ආලේපනයට ඔබ අසාත්මිකතා දැක්වුව හොත් ඔවුන් සොයා බලනවා ඔබට අසාත්මික වූ සංයෝගය කුමක්ද කියලා. ඉන් පස්සේ ඔවුන් නිර්දේශ කරාවි ඒවා අඩංගු නැති ආලේපනයක්. ඕනෑම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට හොඳ දැනුමක් තිබෙනවා ආලේපන තෝරා දීම සම්බන්ධයෙන් .
? කොහොම නමුත් මම කිව්වනේ ඉතින් හොඳ සුදුවෙන ආලේපනයක් හරියට තෝරගන්න විදිහ ඔයාලට කියල දෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි ආලේපන තෝරගන්නේ සමේ ස්වභාවය අනුව වුණත් බොහෝවිට මේ whitening cream ඕනෑම සමකට හරියන්නයි හදන්නෙ. එනමුත් මිලදී ගන්න පෙර ඒ ගැන විමසා බැලීම වැදගත්.
? අපි පාවිච්චි කරන ආලේපන රසායනික සංයෝග යොදා සහ ශාකසාර යොදා හදනවා. මේ දෙක ම එකට දාලා හදන ඒවත් තියෙනවා . තනිකර ශාකශාර පමණක් භාවිතා කරන ඒවත් තියෙනවා . තනිකර රසායනික සංයෝග වලින් හදපු ඒවත් තියනවා . තෝරා ගැනීම ඔබ සතු යි . ශාකසාර හිමින් ක්‍රියාකාරී වන අතර රසායනික සංයෝග ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. මේ කොයි විදිහේ ඒවා ගෑවත් ප්‍රතිඵල තියෙන්නේ ගානකල් විතරයි . ඒක නම් වෙනස් කරන්න බැහැ කොහොමවත්. මයිකල් ජැක්සන් පවා අවසාන මොහොත වෙනකල් මේ සුදුවෙන සංයෝග පාවිච්චි කලා.
? ඔයාලට චූටි දේ පවා පැහැදිලි කරන්න ගියහම ලිපිය අනවශ්‍ය විදිහට දික් වෙනවා . ඒත් ඉතින් ලිපි බල බලා නැවත ලිපියෙ තියන දේවල් මගෙන් ප්‍රශ්න කරන අය ඉන්න හින්දා එහෙම පැහැදිලි නොකරත් බැහැ . නැත්නම් මට කමෙන්ට් කර කර ඉන්න වෙනවා නැවත ලිපිය හොදින් කියවන්න කියලා.
? එහෙනම් අපි බලමු මොනවද වයිට්නින් ක්‍රීම් එකක තියෙන හොඳ නැති දේවල් සහ ඒවායින් ඇති වන නරක ප්‍රතිඵල කියලා. එතකොට ඔයාලට පුළුවන් මිලදී ගන්න පෙර අදාල ඇසුරුමේ සඳහන් කර ඇති අඩංගු දේවල් අතර මේ අමුද්‍රව්‍ය තියනවද කියලා බලන්න. අකුරු ඇහැට පේන්නෙ නැති ඒවා තමයි. නමුත් zoom කරලා ෆොටෝ එකක් අරගෙන හරි කියවලා බලන්න. එහෙම සඳහන් කරල නැති ඒවා ගන්න එපා.
? සමහර සැලුන්වල මේ ක්‍රීම් හදලත් දෙනවා. ඒවා ගාලා ඉක්මනට සුදුත් වෙනවා. ඉන් පස්සෙ වෙන දේවල් ගැන අහන්න දෙයක් නැහැනේ ඉතින්...ඔයාලා ඒවායේ අතුරු ප්‍රතිඵල ගැන දන්නවා. ඒ ප්‍රමිතියක් නැති ආලේපන වල පහත සඳහන් ඒවා අඩංගු වීමේ අවදානම වැඩියි.
⚫ Hydroquinone.
ඉතා ඉක්මනින් melanin අඩු කිරීමේ හැකියාව ඇත . පිළිකා කාරකයකි . යම් හෙයකින් මේ අඩංගු ආලේපනයක් ඔබ පාවිච්චි කරනවා නම් එහි ප්‍රමාණය 2% වඩා වැඩි නොවිය යුතුය .
මෙය pigmentations සහ melasma වැනි සමේ රෝග වලට ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කරන අතර හිතුමතේ දීර්ඝ කාලීන පාවිච්චියට සුදුසු නැත. එසේ පාවිච්චි කළ විට සමේ තැනින් තැන පුල්ලි ආකාරයෙන් සුදු හා කලු පැල්ලම් (vitiligo) මතුවීමට ඉඩ තිබේ.
අසාත්මිකතා ඇති වීමේ අවදානම වැඩිය . එමෙන් ම සුව කළ නොහැකි අවපැහැයන්ද ඇති වේ. මයිකල් ජැක්සන් එවැනි තත්ත්වයකට මුහුණ දුන් අයෙක් නිසා make up නොකර සිටීමට ඔහුට නොහැකි විය.
⚫ Steroids
අසාත්මිකතා ඇති කරයි . සම ඉතාමත් තුනී කරයි . බොහෝ සුදුවෙන ක්‍රීම් ආලේප කළ විට මුහුණේ නහර පෙනෙන්නට පටන් ගන්නේ මෙම සංයෝගය ඇති විටයි . මේවායෙන් ඇතිවන ප්‍රතිඵල සුව කිරීමට බොහෝ කල් ගත වේ
⚫ Mercury
මේවා අඩංගු ආලේපන පාවිච්චි කිරීම මගින් ඔබ නොදැනුවත්වම ඔබේ වකුගඩුවල ක්‍රියාකාරීත්වයට අහිතකර බලපෑම් එල්ල කර ගනී.
එමෙන්ම ස්නායු වලට ද අහිතකර බලපෑම් එල්ල වෙයි .එමගින් යටි පතුලේ , අත් වල සහ කට වටා ප්‍රදේශ වල සුවකළ නොහැකි නලියන ගති සහ හිරිවැටීම් ඇති වීමේ අවධානමක් ඇත.
ඔබ කුඩා දරුවෙකු තුරුළු කර ගන්නා අයෙක් නම් එම දරුවාගේ මොළයේ වර්ධනයටද අහිතකර බලපෑමක් මින් ඇති විය හැක.
එම ආලේපන රන් රිදී ඇලුමිනියම් වැනි ලෝහ වලින් ඈත් කර තබන්නට යැයි කියා අවවාද කර ඇත්නම් ඒවායේ මෙම ද්‍රව්‍ය අඩංගු වෙයි.
⚫ Hydroxy Acid
මියගිය සෛල ඉතා හොඳින් ඉවත් කරන නමුත් සාන්ද්‍රනය වැඩි වුවහොත් සමේ පොතු ගැල වී සම පිළිස්සීමකට ලක් විය හැක . ආලේපන වලට මේවා අඩංගු කළ යුතු ප්‍රමාණයක් ඇත.
? බොහෝ දියුණු රටවල ඉහත සඳහන් රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන අලෙවි කිරීම තහනම් කර ඇත. නමුත් ආසියාතික රටවල් වල තවමත් මේවා හිතුමතේ පාවිච්චි කරන අතර ඒවායෙන් ඇතිවන අහිතකර තත්වයන් ඔහේ දරාගෙන සිටී.
? ප්‍රමිතියෙන් උසස් හොඳ වෙළඳ නාමයක් සහිත සුදු වෙන ආලේපනයක් තෝරාගැනීමට නම් දැනුවත් විය යුත්තේ ඔබය. මගේ අවසාන අවවාදයත් මේ සඳහා සුදුසුකම් ලත් ලත් වෛද්‍යවරයෙකුගේ සහය පැතීම නුවණට හුරු බවයි. මිලෙන් වැඩි වුණත් සුදුසු ම එයයි .
? ආයුර්වේදීය ක්‍රමයන්ට ශාකසාර පමණක් යොදා සකස් කළ ආලේපන ද ඇති අතර ඒවා රසායනික සංයෝග තරම් ඉක්මන් ප්‍රතිඵල හෝ බලාපොරොත්තු වෙන තරම් ප්‍රතිඵල නැති උනත් සාමාන්‍ය දීර්ඝකාලීන පාවිච්චියට ඒවා ඉතා සුදුසුයි .
? ලිපිය හිතුවට වඩා දිග වෙච්ච නිසා සුදු වෙන ආලේපනයක තිබිය යුතු ශරීරයට අහිතකර නොවන සංයෝග පිළිබඳව මම ඊලග ලිපියෙන් විස්තර කරන්නම් .
පසුගිය ලිපියට
⤵️
https://m.facebook.com/groups/1976549422649790?view=permalink&id=1988085428162856

(Beauty Secrets with Rapunzel)