Thursday, April 18, 2024
Follow Us
මුල්තානි මිට්ටි

ගොඩක් අය අහන දෙයක් තමයි මොනවද මේ මුල්තානි මිට්ටි කියන්නේ කියලා.


මුල්තානි මිට්ටි කියන එකේ තේරුම තමයි 'මුල්තාන් හි මඩ'.
මේවා විවිධ රටවල් වල බොහෝමයක් රූපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා ප්‍රසිද්ධ මැටි වර්ගයක්.ඒ වගේම තමයි මුල්තානි මිට්ටි කියන්නේ ස්වභාවික බ්ලීච් එකක්,මේ නිසා සම හොදින් පැහැපත් කර ගන්න මුල්තානි මිට්ටි උපකාරී වෙනවා.
මුල්තානි මිට්ටි වලින් ලැබෙන ප්‍රයෝජන
• මුහුනේ අනවශ්‍ය තෙල් ඉවත් කරයි.
• සමේ දීප්තිය වඩවයි.
• විෂබීජ නාශක ගුණයෙන් යුක්තයි.
• කුරුලෑ හා කුරුලෑ පැල්ලම්,ලප කැලැල් ඉවත් කරයි.
• රැලි වැටීම් ඉවත් කරයි.
• Pigmentation අවම කරයි.
• කුරුලෑ නිසා ඇති වු සිදුරු අවම කරයි.
නමුත් දිනපතා මුල්තානි මිට්ටි භාවිතා කිරීම සුදුසු නැත.
මුල්තානි මිට්ටි සතියකට දෙවතාවක් පමණ භාවිතය සුදුසු වේ.
සංවේදි සම සදහා සතියකට එක්වරක් පමණ භාවිතය සුදුසු වේ.
මුල්තානි මිට්ටි භාවිතයෙන් පසුව පිරිසිදු කිරීම, ටෝනර් කිරීම,මොයිස්චරයිසින් භාවිතය යන නිතිපතා සම රැකවරණයන් අනුගමනය කරන්න.
මුල්තානි මිට්ටි වල අතුරු ආබාධ තිබේද?
• මුල්තානි මිට්ටි වල අධික අවශෝෂණ ශක්තියක් ඇති බැවින් එමගින් සම විජලනය විය හැක. මේ නිසා වියලි හෝ ඉතා සංවේදි සමක් ඇති අය සදහා අධික ලෙස භාවිතය නිර්දේශ කරන්නේ නැත.
• ඔබට ඇත්තේ වියලි හෝ සංවේදි සමක් නම් කෝමාරිකා ජෙල් , රෝස් වෝටර් සමග මුල්තානි මිට්ටි සදහා කිරි , මී පැණි වැනි අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න.
• ඔබට අධික ලෙස තෙල් සහිත සමක් තිබුණද ඔබේ සම වියලි යා හැකි බැවින් මුල්තානි මිට්ටි දිනපතා භාවිතය සුදුසු නැත.

(Beauty Secrets with Rapunzel)