Friday, April 11, 2025
Follow Us
බ්ලැක් හෙඩ්ස් ඉවත් කර ගන්නේ කොහොම ද?

මට ඇත්තේ තෙල් සහිත සමකි. නිතරම මුහුණේ බ්ලැක් හෙඩ්ස් හට ගනී. මේවා ඉවත් කර ගැනීමට නිවෙසේ කළ හැකි දෙයක් තිබේ ද?

කිරින්ද - ඉනුෂි

පිළිතුර

මුහුණ ලස්සනට තියාගන්න අපි කවුරුත් කැමැතියි. බ්ලැක්හෙඩ්ස් හට ගැනීමෙන් ලස්සන මුහුණ අවලස්සන විය හැකියි.

මේ සත්කාරයෙන් විසඳුම් ලබා ගත හැකියි. බිත්තර සුදු මදයක් ගෙන හොඳීන් ගසා ගන්න. සුදු පෙන වගේ වෙනකල්. මුහුණ හොඳට පිරිසුදු කරලා පිහිදලා, ගසා ගත්

සුදු මදය මුහුණේ ආලේප කරන්න.

ඇහි බැම උඩ ගාන්න එපා. ඊට පස්සේ එය උඩින් පුළුන් කෑලි තියන්න. මේ විදිහට පැයක් විතර ඉන්න අවශ්‍යයි. මේ ආලේපනය සම්පුර්ණයෙන්ම වේළෙනකල්. හොඳීන්ම වේළිලා ඉවර වුණාට පස්සේ ඉතා හිමින් ඉවසීමෙන් පුළුන් කෑලි ගලවන්න. හයියෙන් ඇදලා දාන්න එපා. එතකොට සමට තුවාල වෙන්න පුළුවන්.

මුහුණ හොඳීන් හේදුවට පස්සේ සම පැහැපත් වෙලා බ්ලැක්හෙඩ්ස් ඉවත් වෙලා කියලා ඔබට පෙනේවි. යහපත් ප්‍රතිපල ලබා ගැනීම සඳහා මේ විදිහට සතියකට දෙපාරක් සම පිරිසුදු කරල බලන්න.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

තිරාණි පීරිස්

(Tharunie)