Saturday, May 18, 2024
Follow Us
දෑත් වියැළිලා

30 හැවිරිදි, මා රජයේ ආයතනයක රැකියාවක් කරන විවාහක කාන්තාවකි. සති කිහිපයක සිට මාගේ දැතෙහි සම වියැළීමට පටන් ගෙන ඇත. දෑත් රැළි වැටී වියපත් ස්වභාවයක් ගෙන ඇත. එයට පිළියමක් තිබේ ද?

කිරුළපන - සුරේකා

 

පිළිතුර

මේ දවස්වල අත් සේදීම කියන්නේ අපගේ සෞඛ්‍යයට අතිශයින්ම වැදගත් පුරුද්දක්. නමුත් නිරන්තරයෙන් හෑන්ඩ් වොෂ්, සබන් හා ජලය අධික ලෙස භාවිතා කිරීම නිසා බොහෝ දෙනකුගේ අත් දැන් වියළි හෝ රැළි සහිත ස්වභාවයක් ගෙන තිබෙනවා.

ඔබේ දෑත් රැළි වැටීමට හේතුවත් එයම විය හැකියි. නමුත් ඔබේ වියළි දෑත් වලට නැවතත් මෘදු බවක් ලබා ගැනීමට සරල ක්‍රම කීපයක් තිබෙනවා.

ඔබේ දෑත් සෝදන ක්‍රියාවලිය වෙනස් කරන්න. ඔබේ දෑත් තත්පර විස්සක්, ඇඟිලි අතර සහ මැණික් කටුව දක්වා සෝදා පිරිසුදු රෙදි කඩකින් පිසදා ගන්න. පියවරෙන් පියවර අත් සේදීමේ පුරුද්ද මෑත මාසවලදී ඔබට හොඳීන් කටපාඩම් වෙලා ඇති. එයටම මේ වගේ අතිරේක පියවරක් එකතු කරන්න. හෑන්ඩ් ක්‍රීම් භාවිතා කරන්න. ගෙදර අත් සෝදන ස්ථානය අසල සෑම විටම හෑන්ඩ් ක්‍රීම් හෝ වැස්ලින් ක්‍රීම් එකක් තියා ගන්න. මේ ආකාරයෙන් ඔබේ අත්වලටත් ළදරුවකුගේ මෙන් මෘදු බවක් ලබා ගන්න පුළුවන්.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නීශා මනහාරී

(Tharunie)