Thursday, April 25, 2024
Follow Us
අයි මේකප් නිවැරැදිව ඉවත්කිරීම සහ දෑසට ව්‍යායාම

ලස්සනට ඉන්න අප ඔබට වටිනා දැනුමක් තිළිණ කරනවා. ඒ දැනුම ලබන අතර තෑගි හිමිකර ගන්නත් අවස්ථාව උදාවෙනවා. පසුගිය සතියේ අපේ පැහැදිලි කිරීම වූයේ දෑස සුන්දර කරන අයි මේකප් එකක් නිවැරැදිව කරන ආකාරයයි.

අද අපි මේ මේකප් එක ඉවත් කරන ආකාරය සහ දෑසට කළ හැකි සත්කාර විමසා බලමු.

අයි මේකප් ඉවත් කරමු

eye makeup එක කරනවා වගේම makeup හොඳීන් පිරිසුදු කර සමෙන් ඉවත් කිරීමත් කළ යුතුයි. මේ සඳහා වෙළෙඳපොළේ ඇති eye makeup remove භාවිත කළ හැකියි. වෙට් ටිෂූ වර්ග ද මේ සඳහා භාවිත කළ හැකියි. eye makeup ඉවත් කළ හැකි ක්ලෙන්සර් වර්ග ද eye makeup වර්ග ද වෙළෙඳපොළේ ඇත. තම සමට ගැළපෙන ඉතා හොඳ සන්නාමයක් ඇති නිෂ්පාදන මේ සඳහා තෝරාගන්න. නැත්නම් බාල වර්ගයේ ඒවා භාවිත කිරීමෙන් දෑසට ගැටලු ඇති විය හැකියි.

අයි මේකප් එක කිරීම සඳහා භාවිත කරන නිෂ්පාදන සෑම දෙයක්ම ඔබට පමණක් විය යුතුයි. පොදුවේ යෙහෙළියන් සමඟ හෝ විවිධ පුද්ගලයන් සමඟ අයි මේකප් භාවිත නොකරන්න. විශේෂයෙන්ම eye pencil, eye liner සඳහා භාවිත කරන බ්‍රෂ් වර්ග මඟිින් තව කෙනකුගේ ඇස්වල තියෙන ලෙඩ රෝග හෝ විස බීජයක් ඒවා හරහා ඔබගේ දෑස්වලට ද පැමිණිය හැකියි.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා

(Tharunie)