Wednesday, April 24, 2024
Follow Us
නිය රකින්න නිවැරැදි ක්‍රම

පිරිසුදු, දීප්තිමත් නිය පෙළ ඔබේ සුන්දරත්වය කියන එක් ලකුණකි. ඒ නිසාම ලලනා ඔබ, ඔබේ දෑතේ හා දෙපාවල නිය පිළිබඳ නිරන්තර අවධානය යොමු කළ යුතුයි. ඒවා පිරිසුදුවටත් පිළිවෙළටත් තබාගන්නට ඔබේ සැලකිල්ල අවශ්‍ය ම වේ.

මේ පිළිබඳ අපේ පළමු ලිපිය ගිය සතියේ ඔබට ලබාදුන් අතර මේ එහි දෙවැනි පියවරයි.

නිය කැපීමේ දී පිළිවෙළක් ඇතිව නියපොතු කපා ගත යුතුයි.

දෑත්වල නියපොතු උල්, හතරැස්, කවාකාර ආදී ආකාරයෙන් කපා ගත හැකියි. නමුත් දෙපාවල නිය හතරැස් ආකාරයෙන් කපාගත යුතුයි.

කුණු, දූවිලි රැඳීම, අපිරිසුදු වතුර, මඩ පෑගීම, වගේ දේවල් නිතර සිදුවීම නිසා ඉක්මනින් දෙපාවල නිය අපිරිසුදු වේ.

ඒ නිසාම විවිධ රෝගාබාධ හෝ ආසාදනවලට ලක්වේ.

එහෙයින් දෙපාවල නිය ආරක්ෂා කරගැනීමට හොඳම පිළියම වන්නේ නියපොතු සහ කණුමහ අතර වැසුණු ආකාරයට නියපොත්ත සකස් කර තබා ගැනීමයි. අනවශ්‍ය විදිහට සම සහ නියපොත්ත අතර පිරිසුදු කිරීමට යෑමේදී තුවාල වීම නිසා ඉක්මනින් විසබීජ ගමන්කර නියපොත්ත නරක් වීමට පුළුවන්.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

(Tharunie)