Friday, April 19, 2024
Follow Us
හැඩැති පෙනුමක් ගෙනෙන කෙටි සාය විලාසිතා

දඟකාර තාරුණ්‍යයේ සුන්දරත්වය විඳගන්න කැමැති අපේ දූවරුන්ටයි මේ දිගහැරුම.. මෙලෙස සුන්දරව හැඩවී තමන්ගේ රූසපුව ලස්සන කරගන්න. ඔබේ පෙනුම ඔබේ පෞරුෂය විදහා පෙන්වන කැඩපතයි. පිරිසුදුකමක් නොමැති නම් මොනතරම් ලස්සනට හැඩ වුණත් ගෙනෙන්නේ අවලස්සනකි. ඒ නිසා අංක එකට පිරිසුදුකමට මුල්තැන දෙන්න. ඒ පිරිසුදුකමත් සමඟ ඔබේ ලස්සන මුදාහරින්න. ඔබ නොසිතන පෙනුමක් ඔබ වෙතින් දිස්වේවි.

දඟකාර පෙනුම ඉස්මතු කරන්නට යොවුන් ඔබට තෝරාගන්නට හැකි කෙටි සාය විලාසිතා කිහිපයකි මේ. ඩෙනිම් හා විවිධ ඝනකමැති රෙදිවලින් මෙන්ම සැහැල්ලු රෙදි වර්ගවලින් ද මේවවා මසාගත හැකියි.

මෙවැනි විලාසිතා වෙළෙඳපොළේ විකිණීමටත් ඇත. කෙටි සායක් අඳින්නේ නම් පිරිපුන් කකුල් දෙකක් සහ පිරිපුන් නිතඹක් තිබීමෙන් අලංකාරය වැඩිවේ.

කෑලි හතරේ සාය යෞවනියන්ට වැඩි ලස්සනක් ගෙනදෙන අතර විශේෂයෙන්ම ඩෙනිම් කෙටි සාය විලාසිතාවන් ඔවුන්ගේ දඟකාර පෙනුමත් සුන්දරත්වයත් ඉස්මතු කරයි. එමෙන්ම දෙපයේ රෝම වැවී ඇත්නම් කෙටි සායක් ඇඳීමට පෙර එම රෝම ඉවත්කර ගැනීම කළ යුතුයි. නැතිනම් අලංකාරය වෙනුවට අවලස්සන පෙනුමක් ගෙනදේවි. එම රෝම ඉවත් කිරීම සඳහා වැක්ස් ක්‍රමය වඩාත් යෝග්‍ය වේ. රේසර් භාවිතයෙන් දෙපයේ සම ඝනකම් වේ. ඒ නිසා රෝම ඉවත් කිරීමට රේසර් භාවිත නොකරන්න.

(Tharunie)