Wednesday, May 01, 2024
Follow Us
දෑත් ලස්සන කරන මෙනික්‍යු

සුන්දර රුවක් හිමි කරගන්නට ඔබත් බොහෝ කැමැතිබව නම් නොරහසකි. ඒ නිසාම ඔබේ සුන්දරත්වය වෙනුවෙන් අපි මෙලෙස දැනුවත් කරන්නෙමු. දෑත් දෙපාවල ලස්සන ඔබේ රුව බබලවයි. අප දැන් මේ පිළිබඳ බොහෝ දැනුවත්.

අද අපි බලමු දෑත්, ඇඟිලි සහ නිය ලස්සන කරන මෙනික්‍යු (manicure) එකක් සරලව, නිවෙසේ දී ම කරගන්නේ කොහොමද කියලා.

* දෑත් දෙකම දමා ගත හැකි භාජනයක් අරගෙන එයට ඔබ භාවිත කරන ෂැම්පු වර්ගයක් හෝ ෂවර් ජෙල් වර්ගයක් හෝ ෆේස් වොෂ් වර්ගයකින් එක් වර්ගයක් ගෙන ඉතා සුළු ප්‍රමාණයක් වතුර සමඟ මිශ්‍ර කර ගන්න.

* හොඳට ෂැම්පු සහිත වතුරෙහි දෑත් යොදා එහි මඳ වේලාවක් උණුසුම් වීමට තබා ගන්න. එලෙස තබාගෙනම හොඳීන් අතුල්ලා කුණු, දූවිලි ඉවත් කරගන්න. නියපොතුවල කුණු තැවරී ඇත්නම් ඒවා ද බ්‍රෂ් එකක් මාර්ගයෙන් හොඳින් අතුල්ලා ඉවත් කරගන්න. ෂැම්පු වර්ග නොමැතිනම් බේකිං සෝඩා සහ ලෙමන් මිශ්‍ර කරගත් උණු වතුරෙන් දෑත් හොඳීන් පිරිසුදු කර ගත හැකි යි.

* ඉන්පසු පිරිසුදු වතුරෙන් හොඳින් දෑත් සෝදා ගන්න.

* පිරිසුදු රෙදි කඩකින් තෙත යාන්තමින් මාත්තු කර දෑත්වලට සුදුසු ඩචදඤ ඵජපභඡ එකක් භාවිත කරන්න.

*ස්ක්‍රබ් එකෙන් ටිකක් ගෙන දෑත් වල තවරා රවුමට රවුමට සෙමින් පිරිමදින්න.

* මැරුණු සම ඉවත් වී සමට කාවැදී තිබුණු කළු ගතිය ඉවත්ව පැහැපත් බවක් ඔබට දක්නට ලැබේ.

* ස්ක්‍රබ් කිරීමේ දී වියළි ස්වභාවයක් එනවා නම් ඇඟිලි තුඩු වතුරෙන් තෙමා නැවතත් රවුමට රවුමට ඵජපභඡ කරන්න.

* කිසිවිටකත් ඉතා තදින් අතුල්ලා ස්ක්‍රබ් කිරීම නුසුදුසුයි.

* නැවතත් ස්ක්‍රබ් කළ දෑත් පිරිසුදු වතුරෙන් හොඳීන් සෝදා ගන්න.

* හොඳීන් පිරිසුදු කර ගත් පසු පිරිසුදු රෙදි කෑල්ලකින් දෑත් හොඳීන් පිහදාගන්න.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා

(Tharunie)