Friday, March 29, 2024
Follow Us
Pedicure එකකට පෙර...

සොඳුරු දෙපය ලලනාවකට ආශීර්වාදයකි. මේ සොඳුරුබව යනු දෙපයේ පිරිසිදුකම, පිළිවෙළ හා නිරෝගීකමයි. එහෙත් මේ ගුණාංග බොහොමයක් අපේ කාන්තාවන්ට අහිමියි. ඒ නිසාම බොහෝ දෙනෙක් මුහුණෙන්, සිරුරෙන් ලස්සන වුණත් දෙපයින් අවලස්සන වෙන්න පුළුවන්.

ඒ නිසාම අපි අද ඔබට පැහැදිලිකර දෙන්නේ ලස්සන දෙපයක් හිමිකර ගන්නා ආකාරයයි. දෙපාවල අලංකාරයට, නිය පෙළත් නිය පෙළේ අලංකාරයට, දෙපයත් එකසේ වැදගත්ය.

ගැහැනු පිරිමි භේදයකින් තොරව අපේ දෙපා නියපොතු පිරිසුදුව, නිරෝගීමත්ව, ලස්සනට තබා ගත යුතුයි. දෙපාවල විවිධ ගැටලු අපිට දැකිය හැකියි. නිතර සපත්තු දාන අයට මේස් පලඳීන අයට කකුල්වලට දහදිය දැමීම, දුර්ගන්ධය සහ කකුල් තැම්බී ඇති ස්වභාවයකට ලක්වෙනවා. සමහරකුගේ කකුල් පැලී ඉරිතැලී ගොස් තිබෙනවා. ගල්තැලුම් වැනි දේවල් ද යටිපතුල් තුළ දැකිය හැකියි. පලඳීන සපත්තුවලට ඇඟිලිවල කරගැට වැනි දේවල් ද ඇතිවෙනවා. කකුල් අවපැහැයට ලක්වෙනවා.

නිසියාකාරව පිරිසුදු කිරීමට නොදන්නා කමත් දැනුමක් නොමැති බවත් පෙනෙන්නට තිබෙනවා. දෙපා සඳහා භාවිත කරන ක්‍රීම් වර්ගවල ප්‍රමිතියක් නොමැති කමෙන් විවිධ ගැටලුවලට මුහුණ පානවා.

 

උපදෙස් -

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

(Tharunie)