Thursday, April 25, 2024
Follow Us
රුව රකින කිරි

"කිරි දියෙන් නෑවත් අඟුරු සුදු වන කලක් නම් නැත්" කීව ද කිරෙන් සිරුර හැඩ වන බව නම් නො කියාම බැහැ.

ඒ කිරිවලින් සමට තෙතමනයක් ලබා දීම, පැරැණි සම ඉවත් කිරීම, ස මේ රැලි ඉවත්කිරීම, හිරු ඒළියෙන් සිදුවන පිලිස්සීම වැළැක්වීම වැනි කරුණු රැසක් ඒ මඟින් සිදුවන බැවින්. බැබළෙන සුසුදු සමක් හිමිකර ගන්නේ කෙසේද?

පැරැණි සම් කොටස් ඉවත් කිරීමට

නැවුම් ඒළකිරි කෝප්පයකට කඩල පිටි එක්කර මුහුණේ ගල්වන්න. මිනිත්තු 29 ක් තබා සෝදා හරින්න. කිරිවල අඩංගු ලැක්ටික් අම්ලය, කැල්සියම්, විටමින් බී කාණ්ඩ, විටමින් ඒ, ඩී, ප්‍රෝටීන් වැනි පෝෂක සම තරුණ කරන රහස් කීපයයි. සමට අලුතින් වර්ධනය වීමට, සජලනය කිරීමට, පටක අලුත් වැඩියා කිරීමට, ස මේ ඇදෙන සුලු බව වැඩිකර තාරුණ්‍ය ගෙන දීමට සම පැහැපත් කිරීමට කිරිවල පෝෂක උපකාරී වෙනවා.

සමේ පැරැණි සෛල ඉවත් කිරීම සමේ මෘදු බවට අත්‍යවශ්‍යයි. නැවුම් කිරි, මී පැණි හා දෙහි යුෂ සමඟ එක්කර මුහුණේ ගැල්වීමෙන් සම පිරිසුදු වෙනවා.

සම සුදු පැහැ ගන්වන්නටත් මෙය උපකාරී වෙනවා. නැවුම් කිරි මේස හැදි 2 කට මී පැණි මේස හැන්දක්, දෙහි යුෂ ඒක්කර පල්පයක් සාදා මුහුණේ ගල්වා මිනිත්තු 15 ක් තබා සෝදන්න.

මේ වගේ පායන කාලයක සමට හිරු එළියෙන් වන හානිය වළක්වන්න බැහැ. සිසිල් කළ කපු රෙදි කෑල්ලක් සම මත තබන්න. සිසිලසක් ව ගේම සමට වන හානිය වළක්වන්නත් පුළුවන්.

සුදු හඳුන් කුඩු මේස හැඳි1 ක් නැවුම් කිරි මේස හැඳි 1/2 ක් හොදින් මිශ්‍ර කර මුහුණේ ගල්වා මිනිත්තු 15 ක් තබා සෝදා හරින්න.

ඉන්දීය ආයුර්වේද උපදෙස් ඇසුරිනි

(Tharunie)