Tuesday, April 16, 2024
Follow Us
දසන් දක්වා හිනැහෙන්නට නම්......

කාන්තාවන් කවුරුත් කැමැති දසන් දක්වා සිනා සීමටයි. සිනා නො මසෙන් දසන් දක්වා කියමනට කැමැති දුර්වර්ණ දත් දෙපෙලක් ( කහ පැහැ ගැන්වුණු ) ඇතිනම් පමණයි. ඔබටත් ඇත්තේ එවන් දත් දෙපෙලක් නම් දෙතොල් තද කරගෙන මානසිකව පීඩාවට පත් වෙන්න එපා. මෙන්න දුර්වර්ණ දත් ලේසියෙන්ම සුදු කර ගන්න පුළුවන් ක්‍රම කීපයක්.

දුම්වැටිය දත්වල සුදු පැහැය සොරා ගන්නා පරම සතුරෙක්. වාසනාවකට අපේ කාන්තාවන් සියයට අනූ නවයක්ම වගේ දුම් වැටියක් අතටවත් ගන්නේ නැහැ.

ඒත් බුලත් නම් සපනවා. මේ පුරුද්ද දත් දුර්වර්ණ කරන ප්‍රධාන හේතුවක්.

ඕනවට වඩා කෝපි පානය, සෝඩා පානය සුදුසු නැහැ. පාන වර්ග ගැනීමේදී ස්ට්‍රෝක් භාවිත කිරීමෙන් දත්වල පැහැය අවලස්සන වීම වළක්වා ගන්න පුළුවන්.

ඇපල්, කැරට්, ස්ට්‍රෝබෙරි, සැල්දිරි වැනි ආහාර ඒ වෙනුවට එක් කරගන්න.

කිරි, යෝගට්, ගිතෙල් වගේ ආහාර ඒ වෙනුවට එක්කර ගන්න.

සෑම කෑම වේලක් අරගෙන පැයකට පසු දත් මැදීම ද දත්වල සුදු පැහැය රැක ගන්න උදව් වෙනවා.

පොල් තෙල් හෝ තල තෙල් හෝ ටී ට්‍රී ඔයිල්වලින් මුව සේදීමෙන් දත්වල දුසු පැහැය වගේම විදුරුමස්වල සුවතාව ද සුරැකෙනවා. පෛ පොල් තෙල් මේස හැඳී දෙකක් ගෙන මිනිත්තු පහක්වත් මුවෙහි තබා ගෙන කුඹුස්සන්න.

ඉන්පසු ඇල්මැරුණු ජලයෙන් සෝදා හරින්න.

පැය දෙකක් යනතුරු කිසිවක් කෑමට නො ගන්න. දවසකට දෙවරක් මෙසේ කරන්න.

මදුරුතලා කොළ 15 - 20 ක් අඹරා ගත් යුෂවලින් දත් මදින්න. සෑම දිනකම උදේට සහ රාත්‍රී නින්දට පෙර මෙසේ දත් මදින්න.

කොහොඹ කොළ සැපීමත් දත් සුදු පැහැකරගත හැකි ක්‍රමයක්. කෙසෙල් ලෙල්ලකින්, දොඩම් ලෙල්ලකින් දත් පිරිමැදීමත් මඟින් දත්වල කහ පැහැය ඉවත් වෙනවා.

(Tharuie)