Wednesday, May 08, 2024
Follow Us
කුරුලෑ සහිත මුහුණකට මේක්-අප් එකක්

28 හැවිරිදි මාගේ මුහුණේ කුරුලෑ විශාල ලෙස හට ගෙන ඇත. ඒ නිසා මේක්-අප් කිරීමේ දී ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවේ. කුරුලෑ සහිත මුහුණකට මේක්-අප් එකක් කරන්නේ කොහොම ද?

සීදුව - අනුශ්කා

 

පිළිතුර

වැරැදි මේක්-අප් හෝ ක්‍රීම් භාවිත කිරීමෙන් අපි සැඟවීමට දැඩි උත්සාහයක් ගන්නා කුරුලෑ උද්දීපනය වෙන්න පුළුවන්. කුරුලෑ සහිත සමක් හොඳීන් රැකබලා ගැනීම සඳහා පරෙස්සමින් රූපලාවණ්‍ය නිෂ්පාදන යෙදීම අවශ්‍ය වෙනවා. ඔබේ සමේ සිදුරු අවහිර නොවන නිෂ්පාදන සහ සමේ ආසාදනවලට හේතු නොවෙන නිෂ්පාදන සොයා ගැනීමට නම් ඒවායේ ලේබල් කියවා බලා, සමට සුදුසු නම් විතරක් එම රූපලාවණ්‍ය

 

නිෂ්පාදන මිල දී ගන්න එක පුරුද්දක් කරගන්න.

මොයිස්චරයිසර් කියන්නේ කුරුලෑ සහිත සමකට දෙන්න ඕනේ රැකවරණයේ අත්‍යවශ්‍ය අංගයක්. ඔබ සමට වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා නම් ඔබේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් නියම කරන ලද හෝ නිර්දේශ කරන ලද කුරුලෑ ප්‍රතිකාරවල බෙන්සොයිල් පෙරොක්සයිඩ් වගේ වියළන ද්‍රව්‍ය අඩංගු වෙන්න පුළුවන්. ඒවා හරහා ඔබේ සමෙන් තෙතමනය උරා ගන්න අතර සමහර අයගේ සම මත එම ප්‍රතිකාර නිසා රතු පැහැයක් සහ දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒත් හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් මඟින් ඔබේ සමේ ජලය රඳවා තබා ගන්නා අතර අපිරිසුදු වියළීම් හා සමේ පොතු ගැලවී යාම් වළක්වා ගන්නට හැකියි.

non-comedogenic ලෙස ලේබල් කර ඇති මෘදු, තෙල් රහිත මොයිස්චරයිසර් එකක් තෝරන්න.

ඒක ඔබේ මුහුණේ සමේ සිදුරු අවහිර නොකරන හොඳ ක්‍රමයක් වෙයි. සමේ තෙතමනය රඳවා ගන්නා glycerin හා hyaluronic අම්ලය වගේ අමුද්‍රව්‍ය ගැන ද සොයා බලන්න. කොකෝවා බටර්, මිනරල් ඔයිල් හෝ cold cream වගේ කුරුලෑ නිපදවන අමුද්‍රව්‍ය අඩංගු අධික තෙල් සහිත නිෂ්පාදන මිල දී ගන්න එපා.

කුරුලෑ සහිත මුහුණකට ෆේස් මාස්ක් සහ ස්ක්‍රබ් එතරම් සුදුසු නොවේ. ඒ වෙනුවට ඔබේ සමේ වර්ගය (තෙල් සහිත, වියළි හෝ මිශ්‍ර) සඳහා සකස් කර ඇති මෘදු, සීරීම් ඇති නොකරන ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න. එය ඔබේ මුහුණ කුරුලෑ රහිතව තබා ගැනීමට බෙහෙවින් උදවු වේ.

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී
සමන්ත ගුණසේකර

(Tharunie)