Saturday, April 20, 2024
Follow Us
මුහුණ හැඩ කරන මෙසි බන් විලාසිතා

ලස්සනට ඉන්න කැමැති ළඳුන් හිසකෙස් විලාසිතා ගැනත් බොහෝ උනන්දුයි. ඒ නිසාම අපි ඔබට ගැළපෙන ලස්සන හිසකේ විලාසිතා ගෙන එනවා. පසුගිය දින කිහිපයේම අපේ අවධානයට යොමු වුණේ බන් හෙයාස්ටයිල්.

එහෙමත් නැත්නම් බන් එකක ආකාරයක් ගත් කොණ්ඩා විලාසිතායි. මේ බන් විලාසිතා විවිධාකාරයි. ඒවා එකිනෙකාගේ මුහුණට ගැළපෙන ලෙස යොදාගන්නට හැකිවීමත් විශේෂත්වයක්. ඒ වගේම කර්ල් කොණ්ඩවලට වගේම කර්ල් නැති ඉත්තෑකූරු වගේ තියෙන කොණ්ඩයටත් ලස්සන බන් විලාසිතා යොදාගත හැකියි. අද අපේ අවධානයට යොමුවන්නේ විවිධ නම්වලින් හඳුන්වල බන් විලාසිතා කිහිපයකි. මේවා ඔබටම යොදාගන්නටත් හැකියි.

කොණ්ඩය නීට් එකට නොමැතිව තරමක් අවුල් සහගතව එනම් මෙසි ස්ටයිල් ලෙස එන බන් විලාසිතා ද වේ. මේවායින් ඔබට එක්කෙරෙන්නේ අමුතුම ආකර්ෂණයකි.

1. ෆ්‍රින්ජඩ් ඩෝනට් ස්ටයිල් - (Fringed Donut Style)

මෙය හුරුබුහුටි බවක් ගන්නා අවුල් සහගත බන් විලසිතාවකි. එමෙන්ම මෙය කොණ්ඩ විලාසිතා අතර ඉහළ අගයක් ගන්නා විලාසිතාවකි. ඩෝනට් බන් එක අවුල් සහගතව දිස් වේ.

එය ඔබට පෙනෙන ආකාරයට සැකසීම ද පහසුය. ඔබ කළ යුත්තේ පිටුපසින් බන් එකක් යොදා ඉදිරිපසින් තරමක් අත්හැරීමයි. ඒ අත්හැරී පහතට වැටෙන කොණ්ඩ කොටස් ඔබේ ඇඟිලිවලින් කරකැවීමයි.

2. නොට්-සෝ-මෙසි බන් - (Not-So-Messy Bun)

මෙ එතරම් අවුල් සහගත බවක් නැති නීට් එකට සකසන ක්‍රමයකි. මෙය කර්ල් කොණ්ඩයට මෙන්ම කර්ල් නැති කොණ්ඩයට ද ගැළපෙයි. උත්සව අවස්ථාවකට වුවත් කදිමයි.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා

(Tharunie)