Monday, March 31, 2025
Follow Us
නාසය දෙපස කළු පැහැ වෙලා

ප්‍රශ්නය

මා අවුරුදු 20ක තරුණියක් මි. රැකියාවක් ලෙස කරන්නේ මැහුම් කර්මාන්තයේ යෙදීමයි. මාගේ මුහුණේ කුරුලෑ බහුලව හටගෙන තිබේ. එසේම නාසය දෙපස කළු පැහැ වී ඇත. නාසය දෙපස සුදු පැහැති කුඩා බිබිලි ද දක්නට ලැබේ.

මේ තත්ත්වය අවුරුදු 3ක පමණ කාලයක සිට පවතී. සුදු පැහැ බිබිළි අතින් කඩා ඉවත්කළ විට දැවිල්ලක් ඇති වේ. මුහුණේ සම විටෙක තෙල් සහිත ස්වභාවයක් ගන්නා අතර තවත් විටෙක වියළි ස්වභාවයක් ගනී. මෙයට උපදෙසක් ලබා දෙන්න.

කැකිරාව - සුදර්ශිකා

 

පිළිතුර

ඔබට ඇත්තේ වයිට් හෙඩ්ස් තත්ත්වයකි. මෙයට හේතුව සමේ තෙල් සහිත බවයි. එම තෙල් ස්වභාවය අඩු - වැඩි වීම මත සමේ විවිධ ගැටලු ඇති වෙනවා. වයිට් හෙඩ්ස් කියන්නේ එම තෙල් මත රැඳෙන කුණු දූවිලි හේතුවෙන් සමේ ඇතිවන ගැටලුකාරී තත්ත්වයක්. නිවැරැදිව සම පිරිසුදු නොකිරීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති විය හැකියි.

මේ නිසා නිවෙසින් බැහැරට ගොස් පැමිණි පසු පළමුව මුහුණ හොඳීන් ක්ලෙනර් කළ යුතුයි. ඉන් පසුව මුහුණ ටෝනර් කර කුණු, දූවිලි ඉවත්කර ගන්න.

සතියකට වරක් මුහුණ හොඳීන් ස්ක්‍රබ් කරන්න. ඒ වගේම රාත්‍රී නින්දට පෙර හුමාලය ඇල්ලීම ඉතා සුදුසුයි.

නාසය දෙපස නිතර ඇල්ලීමෙන් වළකින්න. මාස තුනක කාලයක් මේ සත්කාර කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි.

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

(Tharuni)