අද (20) රාත්රී 10 සිට ලබන 30 වනදා දක්වා රට වසා තැබීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් සටහනක් තබමින් පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා අද විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.
නව ප්‍රවාහන ඇමැතිනි පවිත්රා වන්නිආරච්චි ඊයේ (19දා) සිය ධුරයේ වැඩ භාර ගත්තේ නිවසේ සිටිමිනි.
Mayoress of Colombo Rosy Senanayake yesterday requested for the closure of all business establishments in Colombo city as a precaution to contain COVID 19 pandemic.
Energy Minister Udaya Gammanpila said today that there was no fuel shortage in the country.
වසංගත තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් රට වසා දැමිය යුතු බවට යෝජනා රැසක් ඉදිරිපත් වී ඇතත් රට වසා දමන්නේ නම් කරුණු කිහිපයක් පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. විශේෂයෙන් දෛනික ආදායම් උපයන පුද්ගලයන්, අඩු ආයාදායම්ලාභීන් පවුල් සඳහා විශේෂ සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි ඇමතිවරයා පවසන්නේ.
රට වසා දමා බේරාගත හැකිව තිබුණු කාලය ඉක්මගොස් ඇති බවත් රටේ පවතින කොවිඩ් තත්වය එතරම්ම දරුණු හෙයින් ජනතාව සත්‍යයට මුහුණ දිය යුතු බවත් ප්‍රවාහන සේවා හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්රසන්න රණතුංග මහතා පවසයි.
Sri Lanka’s Health Ministry issued new quarantine measures for travellers with effect from the 19th of August 2021.
රටක් ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත නිර්ණායකයක් නොමැති බවත් එය තීරණය වන්නේ ඒ ඒ රටෙහි ආර්ථික සහ සමාජයීය හැකියාවන් ඇතුළු සියලුම සාධක අනුව බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
දින 14ක කාලයක් සඳහා රට වසා දැමීමට නම් සියලුම රාජ්‍ය සේවකයින් සිය මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්යාග කිරීම සඳහා එකඟතාවකට පැමිණිය යුතු බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අවධාරණය කරයි.
අභිනවයෙන් පත් වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද (2021 අගෝස්තු 18) දින අමාත්‍යාංශයේ දී පැවති චාම් උත්සවයක දී රාජකාරි භාරගත්තේය. මේ අවස්ථාවට, නික්ම යන විදේශ කටයුතු අමාත්‍ය සහ නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා; කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා; කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා; පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මැතිතුමා, සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වුහ. බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මෙම අවස්ථාවේ දී ආශීර්වාද කළහ.
පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර ලැබෙන පුද්ගලයින් හා කණ්ඩායම් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Page 315 of 648