Wednesday, July 29, 2026
Follow Us
පවිත්‍රා නිවසේ සිට වැඩ භාර ගනී

නව ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (19දා) සිය ධුරයේ වැඩ භාර ගත්තේ නිවසේ සිටිමිනි.

ඇමැතිවරියගේ සැමියා වන කාංචන ජයරත්න මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඇමැතිනියද නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක්වීම නිසා මේ ආකාරයෙන් වැඩ භාර ගැනීමට සිදුවූ බව ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් අරුණට පැවැසීය.

ඇමැතිවරියගේ වැඩ භාර ගැනීමේ ලිපිය අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග වෙත භාරදී තිබුණි.

(Aruna)