පසුගිය දිනවල භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ සැලකීමේදී ඒ බොහෝ අවස්ථාවල ඊට හේතුව වූයේ සැපයුම් ප්රශ්න බවත් රට තුළ මුදල් අච්චු ගැසීම ඊට හේතුවක් නොවන බවත් ශ්රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
සහරාන් ඇතුළු අන්තවාදීන් පිළිබඳ පළමුව තොරතුරු ලබාදුන් හිටපු අමාත්‍ය කබීර් හෂීම්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් තස්ලීන්, මේවනවිට මුහුණ දී සිටින අසීරුතා පිළිබඳ යළි සොයා බැලීමක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික පොහොර වැඩසටහන අභියෝගාත්මක එකක් වන නමුත් එම අභියෝගය අනිවාර්යයෙන්ම ජයගන්නා අතරම ගොවීන්ට ද අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ක්රීඩා, තරුණ කටයුතු හා ව්‍යාපෘති අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පොහොර අර්බුධය මේ වන විට රටේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. පොහොර අර්බුධයට විසදුම් ඉල්ලන ගොවි විරෝධතාද දිනෙන් දින වැඩිවෙමින් ඇති අතර ගොවීන් පවසන්නේ මහා කන්නයට තවමත් කාබනික පොහොර ලැබී නොමැති බවයි.
පාසැල් යන දරුවන් එන්නත් කිරීමේ තවත් ප්රධඡාන වැඩසටහනක් අද ආරම්භ වනවා. ඒ, කොළඹ දිස්ත්රික්කයෙන්. එහිදී වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්රාව ලබාදීමට නියමිතයි.
මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හෙට දිනයේ සිට තවත් ලිහිල් වනවා. ඉකතුත් පළමු වැනිදා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණේ ක්රමිකව රට නැවත විවෘත කිරීම සදහායි. එහිදී අදියර දෙකකට මාර්ගෝපදේශ නිකුත් කෙරුණා. ඒ, පළමුවනදා සිට 15 වනදා දක්වා එක් අදියරක් යටතේ හා 15 වනදා සිට 31 වනදා දක්වා දෙවන අදියර යටතේයි.
ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් සිය අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වනවා.
Education Minister, Dinesh Gunawardena today assured that the government had taken the final decision to resume school education on October 21.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක කර්මාන්තපුර 32 තවත් පුළුල් කරමින් නව කර්මාන්තපුර ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විනි.
කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්ර නිකුත් කිරීම පිළිබඳ නව චක්රලේඛයක් නිකුත් කර තිබේ.
Page 286 of 648