මෙරටින් පළමු වරට හදුනා ගැණුනු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව දිවයිනෙන් පිටත්ව ගිය ආකාරය සහ යළිත් පැමිණි ආකාරය පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා.
ගෑස් පිළිබඳව පැන නැගී ඇති ගැටලුව විසදීමින් ජනතාවට එල්ල වී ඇති පීඩනය නිමා කිරීමට කඩිනම් තීන්දු තීරණ ගැනීමට අතිගරු ජනාධිපතිතුමා අවශ්‍ය පියවර ගෙන ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
රාජ්‍ය ආයතනවල වූ මහා පරිමාණ දූෂණ වංචා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී මේ දිනවල හෙළිවෙමින් පවතී. එනමුත් ඉතිහාසය පුරා මෙවැනි දූෂණ හෙළිවුවත් වරදකරුවන්ට දඬුවම් ලද බවක් පෙනෙන්නට නැත. වර්තමානයේ කෝප් කමිටුවේ සභාපතිවරයා වන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ලෙසද රාජකාරි කර ඇති වියතෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රි චරිත හේරත්ය. වියතෙක් වුවත් ඔහු කියන්නේ මේ ආණ්ඩුවේ සිටින වියත්මගේ තමා සාමාජිකයෙක් නොවන බවය. මේ සතිඅග අරුණ ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.
ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
චීනය ශ්‍රී ලංකාවෙහි කර ඇති ආයෝජන යනු ශ්‍රී ලංකාවට ඩොලර් ආදායම් උපදවාලීම සඳහා උපකාර වන ආයෝජන මිස ශ්‍රී ලංකාවෙන් පිටට ඩොලර් ආපසු රැගෙන යන ආයෝජන නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ගෑස් ප්‍රශ්නය නිසා ජනතාව නිසා ජනතාව පමණක් නොව තමන් ඇතුළු මැති ඇමතිවරුන් ද බියපත් වී සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමත් සමග අක්‍රිය වූ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය යළි සම්පූර්ණයෙන්ම සක්‍රිය කිරීමට දින 03ක කාලයක් ගතවන බව විදුලිබල මණ්ඩලය පවසයි.
ගෑස් සිල්න්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිලිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් අනතුරු වළක්වා ගැනීම සඳහා ප්‍රායෝගික උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ, එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ අත්සනින් යුතුවයි.
රට පුරා විදුලිය බිදවැටීමේ සිදුවීම ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ ක්‍රියාවක්දැයි සැක පළවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.
නීතිවිරෝධී මුදල් සම්ප්‍රේක්‍ෂණ ක්‍රම හරහා මුදල් බෙදාහරින හා ලබාගන්නා අයගේ බැංකු ගිණුම් 500 ක් හදුනාගෙන ඇතැයි රජයේ ඉහළ පෙළ් ආරංචි මාර්ග පවසනවා. එම ගිණුම් 15 ක් දැනටමත් අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ. එලෙස මේ දක්වා බැංකු ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින් 06 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කර තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට තීරණය කළ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර සිටිනවා.
Page 258 of 645