Tuesday, February 24, 2026
Follow Us
30ට වැඩි අයට විශේෂ නිවේදනයක්

ෆයිසර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක්

අද (10) සිට දිවයින පුරා අවුරුදු 30 ඉක්මවූ පුරවැසියන්ට වර්ධක බූස්ටර් මාත්‍රාවක් ලෙසට ෆයිසර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

එමෙන්ම එන්නත් වැඩසටහනේ පරිපාලලනය, පළාත් බලධාරීන්ට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇත්තේ.

ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, සයිනොෆාම්, මොඩර්නා සහ ෆයිසර් යන කුමන හෝ එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් හට තෙවන මාත්‍රාව ලෙස එම බූස්ටර් එන්නත ලබාදීම සිදුකෙරේ.

දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස තුනක් සම්පූර්ණ කළ පුද්ගලයින්ට පමණක් එම බූස්ටර් එන්නත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.

(Aruna)