වෙළඳපොළේ සහල් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟයක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඉන්ධන මිල වැඩිකීරීමත් සමඟ වැඩි කරන බස් ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු වැඩි විය යුතු අගයන් පිළිබඳ විශේෂ වාර්තාවක් ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් අද දිනයේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කොරෝනා මර්දන එන්නත්කරණයේ දත්ත ඇතුලත් ඔන්ලයින් එන්නත් කාඩ්පත සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු අදාළ පාර්ශව වෙත ඉදිරිපත් කර කඩිනමින් විසදුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 03.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
ලබන මස 05 වනදා සිට බස් ගාස්තු වැඩි කිරීමට එකගතාව පළ කළේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති ආසන ගණනට මගීන් රැගෙන යාමේ සීමාවන්ට යටත්ව බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමෙන් මගීන්ට සුරක්ෂිත සේවාවක් ලබාදීමට බස් සංගම්ද සහයෝගය ලබාදිය යුතු බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
Sources say that Dr. PB Jayasundara, who is to step down as the Secretary to the President, will be appointed as the Senior Adviser to the Ministry of Finance.
President Gotabaya Rajapaksa inspected the ‘Kulubadu Mandiraya’, the Madiwela Branch of the Spices and Allied Products Marketing Board recently.
නැගෙනහිර පළාතේ පූරා වස්තු සංරක්ෂණය කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමණායක පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන පූරා විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් විසින් නැගෙනහිර පළාතේ ජාතික උරුමයන් පිළිබඳ සිදු කරන ලද ගවේශණයත් සමගයි.
අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් අමාත්‍යංශ ලේකම් එම් පී කේ මායාදුන්නේ වෙත දැනුම්දී තිබෙනවා.
මෙරට පෞද්ගලික ගුවන් සේවා සපයන ආයතන සතු සියළු සැහැල්ලු ගුවන් යානා විශේෂ පරීක්‍ෂාවකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, දින කිහිපයක් තුළ සැහැල්ලු ගුවන් යානා දෙකක් හදිසියේ ගොඩබැස්වීමේ සිදුවීම් සැලකිල්ලට ගනිමින්.
Page 244 of 642